‘ඉවරයි! මේ හෝන්තුව උදේ පාන්දර ම කඩා පාත් වෙලානෙ.දැන් බස් හෝල්ට් එකට යන්නෙ?”
ඒ තමාගේ ප්‍රේමය පතා එන තරුණයා බව ඇය දුටුවාය. ඊයේ හවස සේවය නිමවී ඇය එන විටද ඔහු මග රැඳී සිටියේය .එහිදී ඇය ඔහුගේ හෙල්මටය උදුරා ඒ අසළ වූ බෝක්කුවට විසිකර දුව ගියාය. ඔහු උදේම මෙසේ පැමිණ ඇත්තේ එම හෙල්මටය රැගෙන යාමට යැයි ඇය සිතුවාය.පැය නිහඬව බිම බලාගෙන එතනින් පිය මැන්නාය. දැන් දැන් තමාට යාමට නියමිත බස් රථය පැමිණෙනු ඇත.
“ෂ්…ෂී…! මේ …!මේ…!”
“මොකද සූ සූ ගාන්නෙ…? තාත්ත නයෙක් ද…?”
“නංගි…! පොඩ්ඩෙන් ඉන්ඩ. මං ඔයාව හම්බ වෙන්න මයි හිටියෙ…”
“හෑ..!නංගි…?මං දැනන් හිටියෙ නෑනෙ අපේ තාත්තට තව කියන්නෙ කියන්නෙ කසාදයන් තිවුන කියලා…!මං හ්තුවෙ අපේ පවුලෙ වැඩිමල් මං කියලා. බලන් යද්දි අපේ තාත්තා ඒ කලෙ කොටු පැනලනෙ…!”
“හයියෝ..!විහිලු නෙවෙයි නංගි .!මං සීරියස් කියන්නෙ…!”
“ඈ?සීරියස්ද ?එහෙනම් මෙතන මොනා කරනවද..,ඉස්පිරිතාලෙ අර පැත්තෙ…!ඉක්මනට ඉස්පිරිතාලෙට යන්ඩ.අන්න මගෙ බස් එක ආවා.එහෙනම් ඕං මං දිව්වා..!”
බස් රථය පැමිණ බස් නැවතුමේ නතර විය.නදීරා බස් රථය වෙත දුවන්නට සැරසුනාය. එවිට එම තරුණයා ඇගේ අතින් අල්ලා ගත්තේය.
“චුට්ටක් ඔහොම ඉන්න නංගි.විනාඩියක් දෙන්න”
තරුණයා කීවේය . බස් රථය නැවත ධාවනය විය.නදීරා බලාපොරොත්තු සුන්වූ දෑසින් බලා සිටියාය.මේ බස් රථය දුම්රිය ස්ථානයට ලඟා වන විටම දුම්රිය පැමිණේ.
අද එම දුම්රිය අල්ලා ගැනීමට නොහැකි වනු ඇත.නදීරාගේ සිතට කෝපයක් දැනුනි. ඇය ඔහු දෙස රවා බැලුවාය.
“මේ මිස්‍ටර්..!..”
“මගෙ නම් අමල්! මට අමල් කියන්න නංගි..”
“මිස්‍ටර් අමල්..!”
“මිස්‍ටර් අමල් නෙවෙයි නිකන්ම අමල්..!”
“නිකම්ම අමල්..! කරුණාකරල අතාරිනවා මගෙ අත..! බලනවා තමුසෙ හිංදා මට බස් එකට යන්ඩත් බැරි උනා..දැන් කෝච්චියත් මිස් වෙනවා..!”
නදීරා ඔහුගෙන් අත ගලවා ගැනීමට උත්සාහ ගත්තාය.
“අනේ ,එකම එක විනාඩියක් ඉන්න නංගි.!”
,අමල් බැගෑපත් උනේය.
එහෙත් ,
එක්වරම ඔහුගේ පිටට වැදුනු පහරක් නිසා ඔහු හැරී බැලුවේය.දුඹුරු පැහැ සමක් සහිත,තරමක් තරබාරු වයෝවෘද්ධ මිනිසෙක් හැරමිටියක් අමෝරා ඔහු දෙස බලා සිටියේය.
“මහත්තයෝ!, උඹ කවුරු උනත් කමක් නෑ, !ඔය ළමයව අතාරිනවා…!”
මහළු මිනිසා කෑ ගැසුවේය.
නදීරා අමල්ගෙන් අත මුදා ගෙන එම මිනිසා ලංගට දිව්වාය.
“සීයේ..!”
මහලු මිනිසා නදීරාගේ හිස අත ගෑවේය.
“දුව බය වෙන්ඩ එපා!මං ඉන්නවා දූගෙ ඕනෑම දේකට..!”
මහල්ලා කීවේය.අමල් ඔහු දෙස බැලුවේ නොපහන් බැල්මකි.
“මේ අංකල්…!නිකන් අනුන්ගෙ වැඩවලට අත නොදා පාඩුවෙ ඉන්නවද..?”
අමල් ඇසුවේ ඔහු ලඟට පැමිණෙමිනි.
“සීයෙ,සීයා යන්ඩ..! බොහොම ස්තුතියි සීයා ආවට.! අන්න තව බස් එකක් එනවා.මං ඒකට නගිනවා..!සීයා පරිස්සමින් මඩමට යන්ඩ..!”
නදීරා කීවේ අමල්ව නොසළකා හරිමිනි.එය අමල්ට ගැසූ අතුල් පහරක් මෙන් විය.
“ආ එහෙමද නංගි…?මං බලා ගන්නම්..!එක හීනෙන් එළි වෙන්නෙ නෑනෙ…!”
කියමින් අමල් එතනින් ඉවත්ව ගියේ කෝපයෙන් පිපිරෙමිනි. මහළු මිනිසාද නදීරාද කිසිත් නොකියා බලා සිටියහ.
“දුවේ කවුද ඒ..?”
“කොහෙදෝ යන පිස්සෙක් සීයෙ! දැන් දවස් ගාණක් තිස්සෙ මගෙ පස්සෙන් එනවා…!”
“ඕ .මයිගෝඩ්!ඉතින් ඔයා ගෙදර අම්මට තාත්තට වත් කිව්වෙ නැද්ද…?”
“තාත්තා නෑ..,අම්මට කිව්වා!වැඩක් නෑ,අම්මලා හිතන්නෙ ඒ මනුස්සයට මාව බන්දලා දෙන්න වගේ…!”
නදීරා කීවේ කළකිරුණු සිතිනි.
“මං එන්නද දූගෙ අම්මා එක්ක මේ ගැන කතා කරන්ඩ..?”
මහලු මිනිසා ඇසුවේය.නදීරා තිගැස්සුනි.
“අනේ වැඩක් නෑ සීයෙ..!ඒ ගොල්ලන්ට ඕනෑ මාව ඒ මනුස්සයට කසාද බන්දලා දෙන්නද කොහෙද…!”
නදීරා කීවේ කළකිරුණු සිතිනි. තමාව මේ මහළු මිනිසාට පාවා දී කවුරුන් හෝ කතාවක් පතුරුවා ඇති බව නොකියා සිටීමට ඇය ප්‍රවේශම් විය.
*එසේ කිව හොත් නැවත මොහු කිසි දිනක තමන් බැලීමට පැමිණෙන්නේ නැතැයි ඇය සිතුවාය.
ඒ සමගම ඊලඟ බස් රථය ද බස් නැවතුමට ලඟා විය.
“සීයෙ,මං යනවා!සීයා පරිස්සමින් මඩමට යන්ඩ..!”
කියමින් ඇය බස් රථයට නැග්ගාය.එහි පොල් පැටවූවාක් මෙන් සෙනග පිරී ඇත.ඇය ඉතා අපහසුවෙන් බස් රථයේ පාපුවරුවෙන් ඉහළට නැග ගත්තාය.
බස් රථයේ සෙනග අතරින් අපහසුවෙන් ඇදී ගිය නදීරා අසුනක් ලඟට පැමිණියාය . ටික දුරක් යද්දී කවුරුන් හෝ ඇගේ බඳ පෙදෙස අනවශ්‍ය ලෙස තෙරපෙන බව දැනුනි.ඇය රවා බැලුවාය.තරුණයෙකු ඇය වෙත කෝල සිනාවක් පා කර එව්වේය. ඇය ඔහුට රවමින් අහක බැලුවාය .ඉන් උද්‍යෝගිමත් වූ තරුණයා තව තවත් ඇගේ බඳ පෙදෙස තෙරපන්න්ට විය.නදීරා අපහසුවෙන් අත් බෑගයට අත යවා හර්නෙල් කටුවක් අතට ගෙන වේගයෙන් ඔහුගේ අතට ඇන්නේය.
“ෂ්…ෂ්..හා….!”
මුවින් ශබ්දයක් පිට කරමින් ඔහු දඩ්බිඩියේ බසයේ දොර අසළට ගියේය. ඔහුගේ කලබලය දුටු මගීන් විමසිල්ලෙන් බැලූහ.
“ඉස්සරහ හෝල්ට් එක බහිනවා..!”
ඔහු කෑ ගැසුවේය .
බසයේ කොන්දොස්තර ඔහු දෙස බැලුවේ පුදුමයට පත් වූ අයුරිනි.
“මහත්තයා ඉස්සරහින් බහිනවාද..?”
“ඔව් ඕයි, ඉස්සරහ බහිනවා..!”
“ඇයි මහත්තයා..,කොළඹට නේද ටිකට් ගත්තේ..?”
“ඔව්,ඔව් .මට හදිස්සි .වැඩක් මතක් උනා….ඉස්සරහින් මාව දාල යන්ඩෝ..!”
තරුණයා කෑ ගැසුවේය .කොන්දොස්තර ඔහු දෙස විමතියෙන් මෙන් බලා ඉතුරු මුදල් ඔහු වෙත පෑවේය.එසේ මුදල් දෙන විට ඔහුගේ අතේ ලේ බින්දු කීපයක් මතුවී ඇති බව දුටුවේය .
“හත් වළාමයි.!මහත්තයෝ මොකක් වෙලාද ඔය?ඔන්න අත තුවාල වෙලා ලේ වැක් කෙරෙනවා..!”
කොන්දොස්තර කෑ ගැසුවේය .නැවතත් මගින් අතර කසුකුසුවක් ඇති විය.
“ඒ මනුස්සය මෙතන ඉඳලා ගියේ..!”
“lලොකු කලබලයකින් ගියේ..!”
“,මාර වැඩක්නෙ…!,බස් එක ඇතුළෙ කොහොමද එහෙම තුවාල වෙන්නෙ..?”
“ඒ මනුස්සයගෙ පරණ තුවාල යක් වෙන්ඩ ඇති.සෙනග අස්සෙ තෙරපෙද්දි තුවාළෙ පෑරෙන්ඩ ඇති…!”
බසයේ සිටි මගින් එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගත්තෝය.නදීරා කරබාගෙන බලා සිටියාය .ඇය සිටියේ වෙනත් ලෝකයකය.අද නම් කෙටි නිවාඩුවක් හෝ වරුවක නිවාඩුවක් කැපී යන බව නිසැක ය.බසයේ වේගයට වඩා දස ගුණයක වේගයෙන් ඇගේ සිතුවිලි ගමන් කරයි.කාර්යාලයට ගිය විගස ප්‍රමාද වීමට කරුණු ඉදිරිපත් කළ යුතුය.කාර්‍යාලයේ විවාහක සේවක සේවිකාවන් බොහොමයක් සිතන්නේ අවිවාහක සේවක පිරිස ඉතා සුන්දර සුඛෝපභෝගි ජීවිත ගත කරන බවයි.
“නදීරට් නම් මොකද…!අම්මා බත් එක බැඳලා දෙනවා..!උදේ නැගිටලා හැඩ වැඩ වෙලා ගෙදරින් දෙන කෑම එක අරන් එන එකනෙ තියෙන්නෙ.අපිට එහෙමද..මොන දේ තිබුනත් උදේ පාන්දර නැගිටින්ඩ ඕනෑ නැගිට්ට,වෙලේ ඉඳලා යුද්දෙ යුද්දෙ,උයන්ඩ,තේ හදන්ඩ,බත් බඳින්ඩ ,පොඩි දෙන්නව ඇහැරවල ලෑස්ති කරන්ඩ,කවල පොවල ලෑස්ති කරල ඉස්කෝලෙ යවන්ඩ,අරයව නැගිට්ටවල ඇඳුම් අයන් කරල දෙන්ඩ..කීයක් වැඩද …”
එක් සේවිකාවක් මැසිවිලි නැගුවාය.ඇය කතා කලේ ඒ සියල්ලට වග කිය යුතු වෙන්නේ නදීරා බව ඒත්තු ගැන්වෙන පරිද්දෙනි. එදා සිට නදීරා ඇය සමග වැඩි කතස් බහකට නොගියාය.
“මේ කට මට රුපියල් 2000කට වඩා දෙන්ඩ බෑ… ළමයින්ට ක්ලාස් පීස් දෙන්ඩ තියෙනවා ..පොත් ගන්ඩත් ඕනෑ .ඔය නදිරලා ඉන්නෙ.මොකෝ එයාලට ළමයි ඉන්නව කියලයැ එයාලට වියදමක් නැනෙ. එයාලගෙන් ඉල්ල ගන්න…!”
ඒ වරක් කාර්‍යාලයේ සේවකයෙකු හදිසි අනතුරකට පත් වූ විට කාර්‍යාලයෙන් සම්මාදන් එකතු කරන විට අයෙක් කී කතාවය.
: බසය ඉබි ගමනින් ගමන් කරයි. එය්ස් සියලුම නැවතුම්පළ වල නවත්වමින් සෙනග අහුලමින් ගමන් කරයි.නදීරා ට කෝපයක් ඇති විය.
එක් වරම බසයේ තිරිංග තද විය.ඉදිරියෙන් විශාල ශබ්දයක් ඇති වූයේ සියලු දෙනාගේ අවධානය එදෙසට යොමු කරවමිනි.ඒ සමගම බසයේ සිටි
මගින් බසින්නට වූයේ දෙස් දෙවොල් තබමිනි.ඒ අනුව නදීරාද බසයෙන් බැස ගත්තාය.වටපිට බලද්දී දුටු දසුනින් ඇයට සියල්ල අමතක විය.වහා සාරි පොට ඉනෙහි පටලවා ගත් ඇය,එදෙසට දුව ගියේ අසුරු සැනෙකිනි.