වෙජිටේරියන් අය කොහොමද අයිස්ක්‍රීම් කන්නේ…
එල කිරි වලින් නැතුව පොල් කිරි වලින් අයිස්ක්‍රීම් හදමුද….
මොනවද ඕන් වෙන්නෙ
- අඹ,අන්නාසි,කෙසෙල්,ගස්ලබු ,අනෝදා ආදී ඕනෑම පලතුරක්
- පොල් ගෙඩියක පොල්කිරි ( පලමු හා දෙවැනි කිරි පමණක් ගන්න)
- පලතුරු වර්ගය පොඩි කෑලි කපා ගන්න
- රස අනුව සීනි
- ලුනුකුඩු ස්වල්පයක්
- වැනිලා ස්වල්පයක්
සාදන ක්‍රමය:-
පලමුව පොල් කිරි ටික ශීතකරණයේ නෝමල් කොටසේ පැය 4 ක් තබන්න.
ඒ එක්කම පලතුරු කෑලි ටික අධි ශීතකරණයේ පැය 4 ක් තබන්න.
ඉන් පසුව පොල් කිරි භාජනය නොසෙල්වෙන ලෙස එලියට ගෙන එහි උඩ මිදී ඇති කිරි ටික පරිස්සමට වෙන භාජනයකට ගන්න. වතුර වගේ යට ඇති කොටස ඉතිරි වෙන්න.
පලතුරු ටිකත් එලියට ගන්න .
දැන් මේ මිදුන පොල් කිරි සමග පලතුරු කෑලි Blender එකේ ලොකු ජග් එකට දාලා සීනි, ලුනු සමඟ වැනිලා චුට්ටක් දාලා ක්‍රීම් වන තෙක් ගහන්න.
දැන් ඔන්න අයිස් ක්‍රීම් වල මූලික ක්‍රියා දාමය අවසන්. දැන් හොඳින් පියන වැසෙන භාජනයකට මේ මිශ්‍රණය දමා දවසක් අධිශීතකරනයේ තබන්න.
හදලා බලන්නකො..අලුත්ම රසයක්…ලබන සතියේත් අලුත් දේකින් හම්බෙමු..
මම දිලීකා..
දිලීකා දුල්රුක්ෂිනී ෆේස්බුක් එකවුන්ට් එක හරහාත් cake by Dilru පේජ් එක, යූටියුබ් චැනල් එක හරහාත් 0703384782 වට්සැප් ඉමෝ හරහා මාත් එක්ක සම්බන්ද වෙන්න ඔයාලට පුලුවන්