තුර්කියේ ස්තාන්බුල් අගනුවර Ziverby නම් නගරයේ වීදි වල නිතරම දකින්න ලැබුනු බලල් තඩියෙක් හිටිය. මෙයාගෙ නම Thombili ලෙසයි වාර්තා වන්නේ. මිනිසුන් සමග ඉතාමත් ප්රියමනාපව කටයුතු කල මේ පුසා කාගෙත් ආදරය, අවධානය දිනාගත් අයෙක්.

Thombili වඩාත් ජනප්රිය වෙලා හිටියේ එයා වීදි බංකු වල ඉදගෙන ඉන්න ආකාරය නිසා. මේ ඡායාරූප වල දැක්වෙන ආකාරයට හරිම තේජාන්විත ලීලාවෙන් තමයි Thombili මේ බංකු වල වාඩිවෙලා හිටියෙ. මේ නිසා මේ පූසව කාගෙත් ආදරයට, කරුණාවට පාත්ර වුනා. සංචාරකයො පවා Thombiliව බලන්න හොයාගෙන ඇවිත් තියෙනව.
නමුත් 2016 වසරේ අගෝස්තු මාසයේ 01 වනදා Thombili ජීවිතයෙන් සමුගත්ත. Thombiliගෙ සිරුර සුසාන භුමියක වලදාල මතක් වෙන්න ගහක් හිටවන්නත් කටයුතු කරල තිබුන. නමුත් Thombiliට අසීමිතව ආදරය කරපු මිනිසුන්ට එයා වෙනුවෙන් වෙනස් දෙයක් කරන්න ඕණ උනා. මේ නිසා නගරයේ මේයර් වරයාගේ සහය ඇතුව ඔවුන් Thombili වෙනුවෙන් ප්රතිමාවක් නිර්මාණය කලා.

Ziverby නගරයේ Thombili නිතරම දකින්න ලැබුනු බංකුවක ඔවුන් තඹ වලින් Thombiliගෙ ප්රතිමාවක් නිර්මාණය කරල එය 2016 වසරෙ ඔක්තෝබර් මස 04 වෙනිදා ලෝක වනජීවී දිනයදා විවෘත කරන්න කටයුතු කලා. නමුත් ඊට දිනකට පස්සෙ මේ ප්රතිමාව කවුරුන් හෝ විසින් සොරාගෙන තිබුන. හැබැයි පොලීසිය හා පුද්ගලයන් එය සොයන්න පටන් ගත්තම නැවත එය ගෙනත් තියන්නත් කටයුතු කරල තිබුන.
සටහන මනුජිත් අබේරත්න