අලුත් අවුරුදු කෑම මේසය හැඩ ගැන්වෙන අවුරුදු කැවිලි සදා ගන්නා අකාරය ගැනයි Colombo journal අවුරුදු තිළිණය ඔස්සේ අද අප ඔබට ගෙන එන්නට සූදානම් වන්නේ.
අලුත් අවුරුදු කෑම මේසයට නැතිවම බැරි මුං ඇට කැවුම්
මුං ඇට කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට 200g
- හාල් පිටි 100g
- සීනී 200g (කැමති කෙනෙක් ට කිතුල් පැනි /පොල් පැණි වුවත් ගත හැක)
- වතුර 80ml
- මාදුරු ටිකක්
බැටර් එක
- හාල් පිටි 150g
- කහ කුඩු තේ හැඳි ½
- ලුනු තේ හැඳි ¼ක්
- වතුර අවශ්‍ය පමණ
(තව හාල් පිටි 50-100g වගේ වැඩිපුර තියා ගන්න.)
මුලින්ම මුං ඇට ටික සෝදලා වතුර ගතිය බේරෙන්න තියලා අඩු ගින්දරේ අමු ගතිය යනතුරු දුඹුරු පාට වෙන්න බදින්න. බැදල නිවෙන්න තියන්න. මුං ඇට ටික හොඳින් කුඩු වෙනකම් බැදගන්න. ( ලංකාවේ කෙනෙක්ට නං මුං ඇට පිටි කඩෙන් ගන්නත් පුළුවන්.)
දැන් හාල් පිටි එකත් විනාඩි 5-10ක් වගේ මද ගින්නේ බදින්න. ඒකත් නිවෙන්න තියන්න. ඒ අතරේ සීනි ටික කැරමල් කරගෙන සීනි පැණි එක හදාගන්න. සීනි පැණි එක ටිකක් නිවී ගෙන එද්දි ඒකට අපි කුඩු කරගත්ත් හාල්පිටි ටික එකතු කරගන්න. තෙත ගතිය ලාවට තියෙන්න, බැදගත්ත හාල් පිටි ටිකත් එකතු කරගන්න. දැන් හොඳට තුනී කරන්න පුලුවන් ගුලියක පදම එනකොට ලිපෙන් බාල ලෑල්ලට දාගන්න.
රෝලින් පින් එකක් හරි කෙසෙල් කොළයක් හරි ආධාරයෙන් මිශ්‍රණය තුනී කර කෑලි කපා ගත හැක.
දැන් මේක කැවුමෙ හැඩයට කපන්න. කපල කෑලි වෙන් කරල තෙල් ගාගත් tray එකක තියන්න. අහක යන කොන් කෑලිත් සැරින් සැරේ එකතු කරල තුනීවටම කරල කෑලි කපන්න.
දැන් බැටර් එක හදමු.
හාල් පිටි ලුණු කහ මේ සියල්ලම එක භාජනයකට දාලා වතුර එකතු කරමින් ටිකක් ඝනකම් සහිත මිශ්‍රණයක් සාදා ගන්න. වතුර වැඩි වුණොත් නැවත හාල් පිටි ටිකක් එකතු කරමින් මිශ්‍රණය ඝන කර ගත හැක.
දැන් බදිමු.
තාච්චියකට තෙල් හොඳට දාලා හොඳින් රත් වෙන්න දෙන්න. දැන් මුං මිශ්‍රණය බැටර් එකේ දෙපැත්ත පොඟවමින් රත්වු තෙලට දමා හොඳින් රන් වන් පාට වන තුරැ බැඳ ගන්න…
හරිම ලේසියෙන් අඩුම වියදමකින් හදාගන්න පුළුවන් පොල් ටොපි
පොල් ටොපි

අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි 250g
- වතුර කෝප්ප 1/4
- ලුනු තේහැදි 1/8
- පොල් ග්රෑ 150 (decicated coconut )
- වැනිලා තේහැදි 1
- බටර් මෙ.හැ. 2
- කැමති පාට ෆුඩ් කලරින්
මුලින්ම අතුරන තැටිය බටර් ටිකක් ගා සකසා තබා ගන්න. සීනි භාජනෙට එකතු කරලා වතුර දාලා සීනි හොඳින් බුබුළු බුබුළු ඇවිල්ලා හොඳින් උතුරව ගන්න. දැන් පොල් ටික සිනි එකට එකතු කර ගන්න. දැන් ලුණු වැනිලා එක්කර හොඳින් කලවම් කරගන්න.
මේ මිශ්‍රණය හොඳින් කලවම් කරමින් තබාගන්න. දැන් පොල් ටික වේලීලා වගේ තේරෙන පදමට ආවම බටර් මේස හැඳි දෙකත් එකතු කරගන්න. බටර් එකතු කරගත්තට පසුව නැවත මිශ්‍රණය තෙත ගතියක් වගේ එනවා ආයෙත් හොඳට කලවම් කරමින් මිශ්‍රණය තබාගන්න.
ඔයාට දැන් කැමති වර්ණයක් එකතු කරගන්න පුළුවන් පොල්ටොපි එකේ පාට ගන්න.
අඩු ගින්දරේම ගින්දර තබාගෙන මිශ්‍රණය හොඳින් කලවම් කරමින් තබාගන්න.
පොල් ටික එක ගුලියකට වගේ එන අවස්ථාවේදී ලිපෙන් බා, බටර් ගා තැටියට දමා ගන්න. දැන් අත ඉක්මන් කරලා තුනී කරගන්න. උණු ගතිය තියෙද්දිම ලේසියෙන් තුනී කරගන්න පුළුවන්.
දැන් රස්නේ පිටින්ම පොල්ටොපි කෑලි ටික අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. හොඳින් මතක තියාගන්න මේක දැම්මම වෙන් කරගන්න එපා. පැයක් විනාඩි 45 ක් ගතවුණාට පසුව කෑලි වෙන් කරගන්න.
කරස් කරස් රසට සැරට කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි 300g
- උකු පොල් කිරි 550ml
- ලුනු තේ හැඳි ½
- කහකුඩු තේ හැඳි ½
- මිරිස් කුඩු තේ හැඳි ½
- ගම්මිරිස් කුඩු තේ හැඳි ½
- බිත්තර 1
- කරපින්චා ටිකක් හීනියට ලියා ගන්න
මුලින්ම පිටි එකට ලුනු කහ මිරිස් ගම්මිරිස් දාල මික්ස් කරන්න . බිත්තරයත් එකතු කරන්න . ඊට පස්සෙ කිරි ටික ටික එකතු කරමින් පදම හදා ගන්න. මිශ්‍රණය ගොඩක් උකු කරගන්නත, දියාරැ කර ගන්නත් එපා..
වැඩි වෙලා මිශ්‍රණය නොතියා කොකිස් බදින්න ඕන.නැත්නම් පිටි පිපෙනවා. අච්චුව ඉස්සෙල්ලම හොඳින් තෙල් එකේ රත් කර ගන්න.
දැන් කොකිස් අච්චුව උඩ වටේට මිශ්‍රණය ගැවෙන්නේ නැති වෙන්න අරගෙන , ලිපේ ගින්දර මැද ප්‍රමාණයේ තබා ගෙන බැදගන්න…
කජු පිරි කිරි අලුවා

හයියත් නැති, කුඩු වෙන්නෙත් නැති, රසම රස කිරි කජු අලුවා මේ සිංහල අලුත් අවුරුද්දට ඔයත් හදලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- බැදගත් හාල්පිටි 1kg 250g
- සීනි 750g
- වතුර 200ml
- මිල්ක්මේඩ් 200g
- බටර් මේ.හැදි 1
- කජුමද 20-30 පොඩියට කපා ගන්න.
මුලින්ම සීනි ,වතුර එකට දාලා ලිපේ තියලා හොඳට නූල් ඇදෙන පදමට පැණි උණු කරගන්න .
ඊටපස්සෙ ඒකට මිල්ක්මේඩ් එක එකතු කරලා හොඳට හැඳිගාන්න.. දැන් කජු මද ටිකත එකතු කරගන්න.. දැන් ලිප off කරලා , රස්නේ යන්න කලින් පිටි ටික ටික එකතු කරමින් කවලම් කරන්න…පිටි එකපාර දාන්න එපා.
පිටි කිලෝ එකයි එකසියක් විතර දාද්දි මට ඇති උනා..
දැන් බටර් ටිකත් එකතු කරගන්න. දැන් පිටි ඉහගත්ත ට්‍රේ එකක තුන කරගන්න….. ඊටපස්සෙ කෑලි කපාගන්න…
උපදෙස් –

Sri Lankan taste kitchen by Radeesha