අවුරුදු කාලෙට ගෙදරට එන අමුත්තන්ට, කෑම වේලක්ම විතරක් දීලත් බැහැනේ. අතුරුපසකුත් එපෑ. ඉතින් ඉක්මණින්ම ලාබෙට පහසුවට බේක් කරගත් කිරිපිටි කැරමල් පුඩිමක් හදල දෙමුද??
අවශ්‍ය ද්‍රව්‍ය
වතුර කෝප්ප 1 ක්
කිරිපිටි කෝප්ප 1 ක්
සීනී 100g
වැනිලා මේස හැන්දක්
බිත්තර 3 ක්
කැරමල් එක සඳහා සීනි හැඳි 3ක් සහ වතුර මේස හැන්දක් අවශ්‍ය වේ.
මුලින්ම කිරිපිටි වතුර කෝප්පයේ දියකරගන්න..එයට සීනිද එක්කර දියකරගන්න.
කැරමල් එක සාදාගන්න .එය පුඩිම් ස්ටීම් හෝ බේක් කරන භාජනයයේ හෝ වෙනත් භාජනයක සෑදිය හැක. සීනි හා වතුර මේස හැන්ද එක්කර සීනි පැණි පාටට එනතුරු තබන්න.
එය පුඩිම දමන භාජනයට දමා මුලු භාජනයේම ගෑවෙන පරිදි භාජනය වටේ කරකවන්න.
උනු උන සීනි ඉතාමත් භයානක බැවින් ඇගේ වට්ටා ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
නිවෙන්න තබන්න..ඇගිල්ලේ කැරමල් එක නොඇලේ නම් නිවුනු පදම ඇති.
කිරි මිශ්‍රණයට බිත්තර එකින් එක කඩා සාමාන්‍ය විස්ක් එකකින් මිශ්‍ර කරන්න .
ගොඩක් වෙලා විස්ක් කිරීම අනවශ්‍යයි .බිත්තර මිශ්‍ර වෙන්න විතරයි ඕන.ගෑරුප්පුවකින්ද කල හැක.වැනිලා එක්කරන්න අවසානයට.ඉන්පසු මේ මිශ්‍රණය පෙරා ගන්න බිත්තර කැදලි ඉවත්වීමට..
කැරමල් භාජනයට පුඩිම දමන්න.
අවන් එක ඇතුලෙ පුඩිම් භාජනය තැබිය හැකි ට්‍රේ එකක් ගෙන වතුර 3/4ක් එක්කර පුඩිම් භාජනය තබන්න .ඉන්පසු 180c උශ්නත්වයට විනාඩි 40 ක් පමණ බේක් කරන්න .පුඩිම් භාජනය වැසීම අවශ්‍ය නොවේ..
නැතහොත් ස්ටීම් කරගන්න . ස්ටීම් කරනාවිට පුඩිම් එක වැසීම අත්‍යාවශ්‍ය වේ.
බේක් කරගත් පුඩිම නිවුනු පසු පැයක් හෝ දෙකක් ශීතකරණයක තබා අනෙක් පස හරවා ගන්න.උණුසුම්ව කිරීම මගින් පුඩිම කැඩී යා හැක. අනෙක් පස හැරවීමට පෙර සිහින් තුඩක් ඇති පිහියකින් පුඩිම භාජනය වටේට බුරුල් කර ගන්න.
උපදෙස් – අප්සරා රණසිංහ