නත්තල කිතුනු බැතිමතුන් පමණක් ලොව අනෙක් ආගම් බොහොමයක ජනතාවත් ඉතාමත් ආසාවෙන්, භක්තියෙන් සමරනු ලබන දිනයක්.
නත්තල් දිනය ලොව වැඩිම ජනතාවක් සමරනු ලබන උත්සවය ලෙසත් සැලකෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය කිතුනු ජනතාව සමරනු ලබන උතුම් දිනය වන දෙසැම්බර් 25 එහෙමත් නැත්නම් නත්තල් දිනය, ලොවපුරා ඇති සමස්ත රාජ්‍යයන්ගෙන් රටවල් 161කට වැඩි සංඛ්‍යාවක නිවාඩු දිනයක් ලෙසත් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. නත්තල් දිනය නැත්නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සමරනු ලබන දිනයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 336 පමණ කාලය තරම් ඈතකට දිව යනවා. මුල්ම උප්පති සැමරුම ක්‍රිස්තු වර්ෂ 336 වර්ෂයේ දෙසැම්බර් මස 25 වනදා රෝම අධිරාජ්‍ය සමයේදී සිදුවූ බවටයි ඉතිහාසයේ කරුණු සදහන් වන්නේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිදුවූයේ දෙසැම්බර් මස 24-25 දිනයන් වල ලෙස සැලකීම සාම්ප්‍රදායිකව සිදු වූවත් එය ඉතිහාසය පුරා විවාදයට තුඩු දුන්, ඒ වගෙම පූර්ණ වශයෙන් තහවුරු නොවූ කරුණක්. බයිබලයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය පිලිබදව නිෂ්චිත දිනයක් සදහන් කර නැහැ. උන්වහන්සේගේ උප්පත්ති දිනය දෙසැම්බර් 25 ලෙස පිලිගත් පුරාණ කිතුනු ආගමික ග්රන්ථ තුල සදහන්වද නැහැ. නමුත් රෝම අධිරාජ්‍ය සමයේ උන්වහන්සේගේ උප්පත්තිය සිදුවූයේ දෙසැම්බර් මස 25 වන දින ලෙස සමරා තිබෙනවා. ඒ අනුවයි අදටත් ජේසු සමිදානන්ගේ උපත දෙසැම්බර් මස 25 වන දින සමරනු ලබන්නේ. දෙසැම්බර් මස 25 වන දිනට මෙම උප්පත්ති සැමරුම් උත්සවය යෙදීම පිලිබදව ඉතිහාසය පුරා පලවූ මත රාශියක් පවතිනවා.
ඒ අතරින් ප්‍රධානම මතය නම් පුරාණ රෝමය තුල දෙසැම්බර් මාසයේදී Dies Natalis Solis Invicti නම් උත්සවයක් පවත්වා තිබෙනවා. සිංහල බසින් මෙම උත්සවය “අපරාජිත හිරුගේ උපන් දිනය” ලෙස අපට නම් කරන්න පුලුවන්. මෙම උත්සවයේදී දීර්ඝ ශීත ඍතුවකින් පසුව හිරු නැවත හොදින් සූර්යාලෝකය ලබාදීමට පටන් ගැනීම ඔවුන් සමරනු ලැබුවා. එය ඔවුන් සනිටුහන් කලේ සූර්යයාට අධිපති දෙවියන් අදුර පරදා නැවත උප්පත්තිය ලැබූ දිනය ලෙසයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දෙවියන් වහන්සේගේ පණිවිඩය රැගෙන පැමිණි බැවින් උන්වහන්සේ ජනතාව අතරට ආලෝකය රැගෙන පැමිණි බවට වන අර්ථයෙන් පසුකාලීනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනයත් දෙසැම්බර් මස 25 වනදා සැමරීමට යොදා ගන්නට ඇතැයි ඉතිහාසඥයන් මත පළ කොට තිබෙනවා.
පසුකාලීනව මෙම හිරුගේ උප්පත්තිය සැමරීමේ උත්සවය රෝමයෙන් නැතිවී ගියත් එය හා බැදී තිබුනු බොහෝ සිරිත් විරිත් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්ති සැමරුම නැත්නම් නත්තල් දිනය සමග බැදීයාම සිදුවුනා.
විශේෂයෙන් නත්තල වෙනුවෙන් එකිනෙකාට තෑගි ලබාදීම වැනි සිරිත් පැමිණ තිබුනේ පුරාණ රෝම උත්සවල ආභාෂයන්ට අනුවයි. මේ අතර පර්සියානු Mithras (Cult of Mithras) දෙවියන් සැමරීමේ උත්සවයත් දෙසැම්බර් 25 ආසන්න දිනයක යෙදී තිබෙනවා. මෙම උත්සවය ජේසුස් වහන්සේගේ උප්පත්තිය සමග එක් කර පර්සියානුවන්ට ජේසුස් වහන්සේ සැමරීම හුරු කරවීමට දෙසැම්බර් 25 දිනය ජේසුස් වහන්සේගේ උප්පතිය සිදුවූ දිනය ලෙස යොදාගත් බවටත් තවත් මතවාදයක් පවතිනවා.
මේ අයුරින් රෝම අධිරාජ්‍ය සමයේ සිට දෙසැම්බර් මස 25 වනදා ජේසුස් වහන්සේගේ උප්පත්තිය සිදුවූ දිනය ලෙස සලකනු ලැබුවා. නමුත් අර්මේනියානු කතෝලික සභාව ජේසු උපත සමරනු ලබන්නේ ජනවාරි මස 6 වනදායි. මෙය දෙසැම්බර් මස 25 වන දින ජේසුස් වහන්සේගේ උප්පත්තිය සැමරීමට වඩා පැරණි සම්ප්රදායක්. ආර්මේනියාව ලොව පලමු කිතුනු රාජ්‍යය ලෙසයි ඉතිහාසයේ සදහන්ව ඇත්තෙ. ඔවුන් ජේසුස් වහන්සේගේ උප්පත්තිය සමරනු ලබන්නේ ජූලියන් දිනදර්ෂණයට අනුවයි. ඒ නිසයි ආර්මේනියානු කුතුනු සභාව ජේසුස් වහන්සේගේ උප්පතිය ජනවාරි මස හය වනදා සමරනු ලබන්නේ.
නත්තල් සැමරුමේ ප්‍රධානම අංගයක් ලෙස නත්තල් ගස හදුන්වන්න පුලුවන්. නත්තල් ගස නත්තල් සැමරුම සමග එක්වීම සිදුවූයේ 1539 වර්ෂය පමණ කාලයේදී. නමුත් අතීතයේ විවිධ උත්සව අවස්තා, සුභ කටයුතු සැමරීම සදහා විවිධ රටවල් වල ජනතාව විවිද ගස්, කොල අතු තම නිවෙස් තුලට ගෙනවිත් තබා ගැනීම සිදුකලා. පුරාණ ඊජිප්තු ජනයා ධනය වර්ධනය සදහා පාම් අතු ගෙනවිත් දෙසැම්බර් අග තම නිවෙස් අලංකාර කරන ලද බව ඉතිහාසයේ සදහන් වනවා. ඒ වගෙම රෝමවරු ධනයට හා කෘෂිකර්මයට ආධිපති වු ස්ටැර්නස් දෙවියන් සැමරීම සදහා දෙසැම්බර් මස 17 වන දින සිට සතියක් පුරා තම නිවෙස් තුල විවිධ ගස් අතු තබමින් ඒවා හිරුගේ ලාංඡන වලින් හා ලෝහ කැබලි වලින් අලංකාර කරවූ බව රෝම ඉතිහාසයේ සදහන් වනවා. මේ ආකාරයට නත්තල් ගස යන සංකල්පය නත්තල් උත්සවය සමග එක් වීම සිදුවුනා.
මුලින්ම නත්තල වෙනුවෙන් 1531 වර්ෂයේදී එවකට ජර්මානු අධිරාජ්‍යයට අයත්ව තිබූ, වර්තමානයේ ප්‍රංශයට අයත් ඇල්සස් නගරයේදී නත්තල් ගස් විකුණා තිබුනා.
1539 වර්ෂයේදී Strasbourg Cathedralහීදී ඉතිහාසයේ ප්‍රථම නිල නත්තල් ගස ප්‍රදර්ෂණය කරන ලද බව වාර්තා තුල සදහන් වනවා. මේ ආකාරයට නත්තල් ගස නත්තල් උත්සවයේ එක් ප්‍රධාන අංගයක් බවට පත්වීම සිදුවුනා.
“Christmas” යන වචනය Christ’s Mass යන වචනය නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව යන වචන අනුසාරයෙන් සෑදුන ලද්දක්. මෙම වචනය මුලින්ම ඉතිහාසය තුල හමුවන්නේ Crīstesmæsse නම් වදනක් ලෙසයි. එය 1038 වර්ෂයේදී මුලින්ම භාවිතා වෙලා තියෙනව. නත්තල යන වචනය සිංහල භාෂාවට පැමිණියේ Natal යන පෘතුගීසි වචනයෙන්. Natal යන වදනින් අරුත් ගැන්වෙන්නේ Christmas හෙවත් නත්තල යන වදනයි.