අළුත් අවුරුදු සිරිත සහ සෞඛ්‍යය පිළිබඳ සංකල්පය

author
0 minutes, 0 seconds Read

ශ්‍රී ලාංකේය අනන්‍යතාව සංඛේතවත් කරන සිංහල අළුත් අවුරුද්ද තුළින් සංස්කෘතික උරුමය පමණක් නොව පාරිසරික වෙනස්කම් සහ ජන ජීවිතයේ රටාවන් මත පදනම් වූ සෞඛ්‍යමත් ජීවිතයක් පිළිබඳ සංකල්පයත් පිළිබිඹු කරවයි.

සූර්‍යා මීන රාශියෙන් මේෂ රාශියට එළඹීම පදනම්ව නව වසරකට එළබෙන මොහොතක ඉදිරි වසරේ කටයුතු යහපත් ලෙස කර ගෙන යාම සඳහා ශාරීරික, මානසික, සමාජීය හා ආධ්‍යාත්මික වශයෙන් විවේකයක් ලබා දීමට වැඩ අත් හැරීම සිදු කරයි. එහිදී ආහාර පාන ගැනීම සහ අනෙකුත් සියලු කටයුතු අත් හැර යම් උපවාස කාලයක්, විවේකයක් ශරීරයට ලබා දීමෙන් ශරීරයේ කායික හා මානසික යහපැවැත්ම ඇති කරයි.

නොනගතය හෙවත් පුණ්‍ය කාලය තුළ දී නැකැත් නොයෙදෙන නිසා සුබ කටයුතු අත් හැර ආගමික වතාවත් සහ ආධ්‍යාත්මික කටයුතු වල නිතර වීම තුළින් එළඹෙන නව වසර මනා අවධිමත්බවකින් යුක්තව ආරම්භ කිරීමට අවකාශය උදා කර දෙයි.

සූර්‍යාගේ විශ්වීය ශක්තිය ලෙස ගින්දර දැක්විය හැකි අතර උදා වූ නව සූර්‍ය වර්ශය තුළ නිවස තුළ නැකතකට ලිප ගිනි මෙලවීම තුලින් මුළුතැන් ගෙට එම ශක්තිය ගෙන ඒම සංඛේතමත් කරන අතර, ආහාර පිසීම සමඟ පුද්ගල ශරීරේ කුස ගින්නද ඇති වේ.

වැඩ ඇල්ලීම යන්නෙන් පුද්ගලයාගේ ජීවන රටාව තුළ පුද්ගලික හා සමාජීය වශයෙන් හෝ පාරිසරික වශයෙන් ඇති බැඳීම් වලට නව ජීවයක් ලබා දීම සිදු කරයි. පැළ සිටුවීම, බිම කෙටීම වැනි පාරිසරික ක්‍රියාවක් හෝ තමාගේ වෘත්තීය හෝ කර්මාන්තය හඟවන යම් ක්‍රියාවක් නව වසරේ සුභ මුහුර්තයකට ආරම්භ කර උදා වූ වසර පුරා සශ්‍රීක ලෙස තම ජීවිතය පවත්වා ගැනීමට ඉවහල් වේ යන බලාපොරොත්තු සහිතව නව ආරම්භක් ලබා දීම මෙමගින් සිදුවේ. එය පුද්ගලයකු තුළ ධනාත්මක ශක්තියක් නිර්මාණය කරයි.

නැකතකට ගණුදෙනු කිරීම වූ කලී හුදෙක් මූල්‍යමය දෙයක් පමණක් නොව පුරාතන සිරිත අනුව සොබාදහමෙන් අපට ලැබෙන දේට කරනු ලබන කෘතගුණ දැක්වීමකි. මෙහිදී ළිඳ සමඟ ගණුදෙනු කිරීම වැදගත් වන අතර වසර් පුරා ජලය ලබා දුන් ළිඳට කෘතගුණ දැක්වීමක් සිදුවේ. ඉන්පසු එළඹෙන ආහාර අනුභවය යන චාරිත්‍රය තුළින් වසර පුරා සෞභාග්‍යය සපිරි පෝෂදායි ආහාර ලබා සෞඛ්‍යමත් ලෙස ජීවත් වීම සංඛේතවත් කරයි.

අභිනව සූර්‍ය වර්ශය සඳහා නව සඳ බැලීම තුළින් පාරිසරික සමතුලිතතාවයට සූර්‍යා මෙන්ම චන්ද්‍රයාගෙන් සිදුවන කාර්‍යට කෘතගුණ දැක්වීමක් සිදුකරයි. චන්ද්‍රයාගේ බලපෑම වඩදිය බාදිය වැනි පාරිසරික ක්‍රියාවලි සඳහා මෙන්ම මානසික සෞඛ්‍ය, ස්ත්‍රී ඔසප් චක්‍රයට ආදි වශයෙන් පුද්ගල සෞඛ්‍යයට ඍජු ලෙස බලපෑම් කරයි. ඒ අනුව නව වසර තුළ චන්ද්‍රයා වෙනුවෙන් මෙම චාරිත්‍රය වෙන් කර ඇත.

බක් මාසය යනු සමකාසන්න රටක් ලෙස හිරු කිරණ පොළවට කෙලින්ම පතිත වන උෂ්ණාධික කාලයක් වන බැවින් හිස ඉතා ඉක්මනින් පීඩාවට පත්වෙයි. හිස මුල් කර ගනිමින් පවත්වන හිස තෙල් ගෑමේ චාරිත්‍රයේ වැදගත්කම නම් හිරු කිරණින් පීඩිත වන ශරීරයේ උත්තමාංගය වන හිසට තෙල් ගල්වා සිසිලස ඇති කර මොළය සහ හිස තුළ පවතින අනෙක් සියලු ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වය මනා ලෙස පවත්වා ගැනීමයි. මෙය එක වරක් පමණක් නොව නිතිපතා කළ යුතු ප්‍රතිකාරයකි. නැකතට හිස තෙල් ගෑමේදී ශාකමය ඖෂධ කිහිපයක් නියම කර ඇති ඖෂධීය පත්‍ර යුෂයෙන් අඹරා ඖෂධීය තෙල් සමඟ නානු සාදා හිසෙහි ගල්වනු ලැබේ.

අලුත් අවුරුද්ද සමඟ ඉතා සමීප තවත් සංස්කෘතිකාංගයක් වන්නේ වැඩිහිටියන්ට බුලත් දීමයි. බුලත ශ්‍රී ලාංකේය සම්ප්‍රදාය තුළ ඕනෑම සුබ කටයුත්තකදී භාවිතා කරන සංස්කෘතික ලක්ෂණ රාශියක් පෙන්වන සංඛේතයකි. වැඩිහිටියන්ට බුලත් දීම තුළින් ඔවුන්ට ගෞරව කර ආශිර්වාදය ලබා ගැනීමක් පමණක් නොව පැරණි සිත් රිදීම් ආදිය අත් හැර සියලු බැඳීම් වලට නවතාවයක් ලබා දී සමාජීය වශයෙන් යහපැවැත්ම ඇති කරයි.

මේ අනුව ගත් කළ අලුත් අවුරුදු චාරිත්‍ර සංස්කෘතිකමය වශයෙන් පමණක් නොව සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වන සාරවත් හර පද්ධතියකි. වර්තමාන සමාජය තුළ කෙමෙන් ගිලිහෙන ශ්‍රී ලාංකික උරුමය ඉදිරි පරපුරට දායාද කිරීම ඔබ අප සැමගේ යුතුකමකි.


ඔබ සැමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!

වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa