ඇන්තුරියම් කියන්නේ අපට හොඳින් හුරු පුරුදු වගාවක්. මේ මල් වෙගේම පැල වෙනුවෙන් ලොකු ඉල්ලුමක් තිබෙන වගාවක්. රැකියාවක නිරත නොවන කාන්තාවකට තමන්ගේ නිවසේ වැඩ කටයුතු කරන අතරවාරයේම ඇන්තුරියම් වගාවෙන් ආදායමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඇන්තුරියම් වගාවෙන් ජීවිතය ගොඩ නගා ගත් ඇය ප්‍රිමාලි මදාරා. කුරුණෑගල මාවතගම
මම මුලින්ම ආසාවට මල් වැව්වා. ව්‍යාපාරික විදිහට නොවෙයි, රෝස ,කපුරු ඩේලියා, වගේ මල් හැදුවා. ඊට පස්සේ ඕකිඩ් වගා කළා. නමුත් ඒවා නඩත්තු කරන්න අපහසුයි. ඒ හින්දා අන්තිමේදී ඇන්තූරියම් වගා කරන්න යොමු වුණා.
මම මුලින්ම ඉතා පොඩියට පටන් ගත්තේ.

ඉස්සෙරවෙලාම මම මල් පැල පිටරටින් ගෙන්වා ගෙන අලෙවි කළා. එතැනදීත් ව්‍යාපාරික අදහසක් නම් තිබුනේ නැහැ. පැළ ගෙන්නා ගන්න මම රුපියල් 43, 000 ක මුදලක් ආයෝජනය කළා. ඒ නිසා යට කරපු මුදල පියවා ගන්නත් ඕන නිසා ගෙන්වා ගත් පැළ කොහොම හරි අලෙවි කර ගන්න උනන්දුව මගේ හිතෙන්ම ගොඩ නැගුනා.
මෙ විදිහට කාලය ගත වුණා. මට හිතුනා පැල පිටරටින් ගෙන්වා ගෙන අලෙවි කරනවා වඩා මටම කියල පැළ එකතුවක් හදා ගත්තොත් හොඳ ලාබයක් ලබන්න පුළුවන් නේද කියන සිතුවිල්ල ආවා.
හැබැයි එය සිතුවිල්ලකට සීමා කරන්න ඔබ කැමැති වුනේ නැහැ.
ඔව් 2017 වසරේ මම වැඩට බැස්සා. මුලින්ම අඩි 8x 10 පැල ගෘහයක් හදා ගත්තා. ඒක ප්‍රමාණයෙන් පොඩියි. නමුත් මගේ පැල ලාබ නිසා අලෙවිය වැඩි වුණා. එතැන මට වාසියක් තිබුණා. එතැනින් පස්සේ මට තව නෙට් හවුස් එකකට යන්න අවශ්‍ය වුණා. බැංකු ණයක් දාලා මේ ඉඩම මම ගත්තා.දැන් මට පර්චර්ස් 50 ක නෙට් හවුස් පහක් තිබෙනවා. දැන් ලොකු වපසරියක්. මං ළග රුපියල් 300 පටන් ගෙන රුපියල් ලක්ෂයක් වගේ වටිනා මල් පැළ වර්ග තිබෙනවා.
ඔබේ ව්‍යාපාරික සන්නාමය?
Premalee Anthuriam plant nursery ඔබ ගුගල් ගවේහනය කළොත මේ ගැන තොරතුරු ලබා ගන්න පුළුවනි.

ඔබ පැල බෝ කර ගන්නේ කොහොමද?
මම විවිධ ක්‍රමවලට පැල බෝ කර ගන්නවා. බීජ පරාගනයෙන් බෝ කරනවා. මව් ශාඛ වලින් බෝ කර ගන්නවා.
වගා මාධ්‍ය විදිහට පොල් ලෙලි , බොරළු වගේම කාබනික පොහොර එකතු කරනවා.
ඇන්තූරියම් වෙනුවෙන් ආර්ථික වටිනාකම් ලබා දෙන්නේ කොහොමද?
ඇන්තූරියම් ප්‍රභේද අනුව මිළ විවිධයි. ත්‍ක්ිය කියන ඇන්තූරියම් විශේෂය ලා රෝස පාටයි. ඒ රෝස පාට පසුබිමේ රතු තිත් තියෙනවා. ඒ වගේ ප්‍රභේදයක මිළ රුපියල් 10, 000 සිට 80, 000 ක් වගෙ මිළ වෙනවා. තවත් මිළ අධික විශේෂ කීපයක් තියෙනවා. “Shibori ” , “ Magic Red ” වගේ ප්‍රභේදත් මිළ අධික කාණ්ඩයට ඇතුලත් වෙනවා. බැංකොක් වර්ග, නෙදර්ලන්ඩ් වගේ වෙළඳපොළ මල් වර්ග මගේ එකතුවේ තිබෙනවා.
ඔබ ඇනවුම් ලබා ගන්නේ
මගේ ෆේස් බුක් පිටුව ඔස්සේ ඇනවුම් ලැබෙනවා. කූරියර් සේවය මගින් ප්‍රවාහනය කරනවා. අපේ අලෙවි මධ්‍යස්ථානයත් මෙතැනම තිබෙනවා. ඒ ගැන දන්නා අය නම් මෙතැනට ඇවිත් අරගෙන යනවා. සමහර කාලවලට අලෙවිය හොඳටම අඩුයි. සමහර කාලවලට වැඩි වෙනවා. හැමදාම මිනිස්සු මල් ගන්නෙත් නැහැ. එදිනෙදා අත්‍යවශ්‍ය දේවල්වලට වගේ නොවෙයි, මල් වලට ඉල්ලුමක් ඇති වෙන්නේ පුද්ගලයෙකුගේ අනිත් අවශ්‍යතාවයන් ඉෂ්ට වුනාට පස්සේනේ. මල් පැල මැරෙන අවස්ථාවනුත් ඒ වගෙයි. ලාභ , අලාභ දෙකම දරා ගෙන යන ගමනක්. මල් තරමටම සුන්දර නැහැ.

මල් අපනයනට යොමු වීම
ජාත්‍යන්තර වශයෙන් මල් වෙනුවෙන් හො, වෙළඳපොළක් තිබුණත් අපි වගේ අයට ඒ වෙනුවෙන් ලොකු ක්‍රියාවලියක් තිබෙනවා.මලක් අපනයනය කරනවා නම් දින දෙක තුනක් තුළ එය සිදු වෙන්න ඕන. වැඩි කාලයක් ගත වුනොත් පැලය මැරෙන්න පුළුවන්. ඒ නිසා මල් වගේ දේවල් ඉක්මනින් අපනයනය කිරීමේ මාර්ගයක් තිබෙනවා නම් අපට අපනයන වෙළඳපොළ ගැටළුවක් නැහැ.
කොහොම වුනත් දැන් ඔබ සාර්ථක ව්‍යවසායිකාවක්
එහෙම කියමු…මම මේ ව්‍යාපාරයේ ආරම්භයේදී ඒ වෙද්දී තිබුන “ මදුරුවා ” බයිසිකලයෙන් පැල ප්‍රවාහනය කළා. එතැනින් පසුව ස්කුටරයකට…ඇල්ටෝ එකකට..වෙසල් එකකට…දැන් මොන්ටෙරෝ එකකට හිමිකාරිත්වය තිබෙනවා. ඒ සියල්ල මල් මාවතේ ආ ගමනේ ප්‍රතිඵල. භෞතික වශයෙන් මම ලබා ගත් ජයග්‍රහණ ඒ විදිහට සඳහන් කරන්න පුළුවනි. ඊට අමතරව මගේ ව්‍යාපාරය පිළිබඳව බාහිර පාර්ශවයන්ගෙනුත් ඇගයීම් ලැබී තිබෙනවා. 2022 වසරේ වයඹ පළාතේ හොඳම ව්‍යවසායිකාව විදිහට මම සම්මාන ලැබුවා.
ඔබේ ව්‍යාපාරයේ ඉදිරිය ගැන කිව්වොත්?
මම දැනට පිටරටින් ගෙන්වන “ඇග්ලෝනිමා ” මල් වර්ගත් අලෙවි කිරීම පටන් ගත්තා. නටත් මට තියෙන ඉඩ කඩ මදි. ඒ නිසා තවත් ඉඩ වපසරිය වැඩි කර ගෙන ඇන්තූරියම් වගාව වැඩි කර ගැනීම මගේ බලපෛාරොත්තුවයි.
මුලින් ලොකු මුදලක් නැති වුනත් අඩු මුදලකින් වුනත් පටන් ගත හැකි වගාවක්. ඒ නිසා උනන්දුව සහ කැපවීම තිබෙනවා නම් ඔබටත් ස්වයං රැකියාවක් විදිහට මේ වගාවට යොමු වෙන්න පුළුවනි.
සටහන – සිල්වා , සි