ඉටිපන්දම් නිෂ්පාදනය

author
0 minutes, 53 seconds Read

අලෝක ප්‍රභවයක් ලෙස අපි කොයි කවුරුත් ඉටිපන්දම් භාවිතා කරන අතර වෙසක් පොසොන් නත්තල් වැනි උත්සව කාල වල බහුලව භාවිතා වේ. ඒ්සේම උපන්දින විවාහ මංගලය වැනි  උත්සව වලදි විසිතුරු ඉටිපන්දම සදහා ලැබේන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

ඉතා සරල තාක්ෂණයක් භාවිතා කරන කර්මාන්තයක් බැවින් ගෟහකර්මාන්තයක් ලෙස අවම ප්‍රාග්ධනයකින් ආරම්භ කල හැකි කර්මාන්තයකි. අමුදවය අපතේ යැම අවම ව පාරිභොකියන් ආකර්ෂණය කර ගැනිමද පහසුය. ඉතින් අවශ්‍ය මූලික වියදම දැරිය හැකි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් කළ හැකි සුළු කර්මාන්තයක් වශයෙන් මෙම ඉටිපන්දම් නිෂ්පාදනය හදුන්වන්න පුළුවන්.

එසේ නම් අද අප සූදානම් වන්නේ ස්වයං රැකියාවට අත්වැලක් යන මාතෘකාව යටතේ ඉටිපන්දම් නිෂ්පාදනය ස්වයං රැකියාවක් වශයෙන් සිදුකල හැකි ආකාරය පිළිබද ඔබට අවබෝධයක් ලබා දීමටය්

මේ සදහා ප්‍රධාන අමුදව්‍ය ලෙස පැරෆින් ඉටි (Paraffin Wax)බාවිතා  කරන අතර මෙය පෙට්‍රෝලියම් නිෂ්පාදනයේ අතුරු පලයකි.මැලෙසියම් හා ඉන්දුනිසියම් ඉටි වර්ග බාවිතා කරන අතර පැහැදිලි සුදු පැහැයෙන් යුත් මැලේෂියන්  ඉටි වඩාත් සුදුසු වේ. අඩු තාපාංකය නිසාඋෂ්ණත්වයේ වාෂ්ප වේ

                                  මෙයට අමතරව ස්ටියරික් අම්ලය (stearic acid) භාවිත කරන අතර ඒමගින් ශක්තිමත් බව දැල්වෙන කාලය ඇද නොවිම වැනි ලක්ෂන වැඩි දියුණු කරයි. මේවා ඝන පතුරු හෝ ඇට ද ලෙස මිලදි ගත හැක.

අවශ්‍ය අමුදව්‍ය

  • පැරෆින් ඉටි (Paraffin Wax)  1 kg
  • ස්ටියරික් අම්ලය (stearic acid)    30 g සිට  100g 
  • කපු  නුල් නො 10   (ඉටි පන්දමේ අච්චු සිදුරේ විෂ්ඛම්භය අණුව නුලේ විෂ්කම්භය වෙනස් වේ
  • වර්ණක -වැසලින් ඩයි
  • සුවද අවශ්‍යතාව අනුව පැගිරි තෙල් කුරුදුතෙල්
  • ඉටි වර්ණක (Candle paint)

අවශ්‍ය උපකරණ

ඉටි පන්දම් අච්චු – නිර්මානය කල යුතු ඉටිපන්දම් හැඩය අනුව අච්චුව නිර්මානය කරගත යුතුය          මේ සඳහා අවශ්‍ය අච්චු ඔබට  වෙළදපොලෙන් මිලදී ගන්න පුලුවන් එහෙමත් නැත්නම් විශේෂ අච්චුවක් නම්  කාර්මික මහතෙක් ලවා ඔබේ අවශ්‍යතාවය අනුව හදවා ගන්නත් පුළුවන්.

  • ද්විත්ව බිත්ති බොයිලේරුව (Double boiling)
  • උදුනක්
  • ලි පත්තතතක් කතුරු/ පිහියක්

සාදන ක්‍රමය

පැරෆින් ඉටි හා ස්ටියරික් අම්ලය වහ්‍ය පරිදි කිරා ගන්න ඒ්වා ද්විත්ව බිත්ති බොයිලේරුව  ට දමා උනුකරන්න

බොයිලේරුව නොමැති විට  උනුවතුර භාජනයක් මත වෙනත් භාජනයක් තබා නු කරගත හැක . ඉටි දියකරන භාජනය කේමිය සහිත විම මගින් පහසුවෙන් දියකරගත් ඉටි අච්චුවට දමා ගත හැක.

නුල් දමා සකසාගත් අච්චුව පසකින්  තබා ගන්න

ඉටි දියවන විට වර්නක ඒකතු කරන්න වර්ණකඉතා සුළු ප්‍රමානයෙන් ඒකතු කල යුතුය.

ඉටි ද්‍රාවනය සකසා ගත් අච්චුවට වායු බුබුල නොයෙන ලෙස වත් කරන්න

පැය භාගයක් පමන සිසිල් වන විට ඉටිපන්දම ඝන වන අතර නුල් කපා ප්‍රවේසමෙන් අච්චුවෙන් ඉවත් කරගක යුතුයි. අනවශ්‍ය කොටස් පිහියකින් සුරා සුදුසු පරිදි ඇසුරුම් කල හැක .

අපේ  රටේ බොහෝ  දෙනෙක් නිෂ්පාදනය කරන්නේ  සාමන්‍ය  ඉටිපන්දම් පමණයි. නමුත් ලෝකයේ  ඉටිපන්දම් කර්මාන්තය විශාල දියුණුවක් ලබලා තියෙනවා. ඔබ පිටරටක තියෙන සුපර්මාකට් එකකට ගියොත් ඒවායේ රාක්ක වල අසුරලා තියෙන විවිධ  වර්ණයෙන් සහ හැඩයෙන් යුක්ත  ඉටිපන්දම් බලා ගන්න පුළුවන්. ඒ විතරක්  නෙවෙයි. දැල්වීමේදී ඉමිහිරි සුවදක් දැනෙන විශේෂ ඉටිපන්දම්  වර්ග අපි දැකලා තියෙනවා.

ඒ වාගේම තමයි අද ලෝක වෙළදපොලේ විශාල ඉල්ලුමක් තියෙන්නේ ස්වාබාවික අමුද්‍රව්‍ය භාවිතා කරලා නිෂ්පාදනය කරන ඉටිපන්දම් වලට. ඉතිං ඔබට මේක හොද අවස්ථාවක්. ඔබටත් හොද නිර්මාණාත්මක හැකියාවක් තියෙනවානම් අපේ රටේ තියෙන ස්වාබාවික අමුද්‍රව්‍ය බාවිතා කරලා ලස්සන ලස්සන ඉටිපන්දම් නිර්මාණය  කරලා පිටරට යවලා ඩොලර් වලින් අදායම්  උපයන්න පුළුවන්.

ඒ වගේම තමයි පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන අපේ නිෂ්පාදන  කරනවානම් ඔබට ව්‍යාපාරික වශයෙන් ජයග්‍රණයන්  ලබන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කියනවානම් ඔබ ස්වාබාවික අමුද්‍රව්‍ය යොදාගනිමින්  මදුරු විකර්ෂක ඉටිපන්දමක්  නිෂ්පාදනය  කරනවා කියලා හිතමු.

බොහෝ දෙනෙක් අපේ  සෞඛ්‍යට අහිතකර  මදුරු දගර වෙනුවට ඔබේ ඉටිපන්දම මිලදී ගන්න පෙළඹෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා ඒ මොකද කියනවානම් ඉටිපන්දමෙන් නිවස ආලෝකමත් වන ගමන්ම මදුරුවන් පලවා හරින කාර්යත් සිදුවන නිසා.

මෙතනදී බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුවක් තමයි  ඉටිපන්දම් නිෂ්පාදනය සදහා ගන්නා අමුද්‍රව්‍ය ලබා ගන්නේ  කොහෙන්ද කියන  එක. ඔබ කොළඹ අවට ඉන්න කෙනෙක් නම්  පිටකොටුවේ   බංගසාල වීදිය, ඩෑම් ස්ට්‍රීට්, චයිනා ස්ට්‍රීට් එකට ගියොත් මේ දේවල් ඉතා අඩුවට ඔබට මිලදී ගන්න පුළුවන්. ඔබ කොළඹින් පිටපලාතක ඉන්න කෙනෙක් නම් ඔබේ ආසන්න නගරයෙන් මේ දේවල් මිලදී ගන්න පුළුවන්.

ප්‍රායෝගික ගැටළු හා විසදුම්

  • පැරෆින් ඉටි තාපාංකය ඉතා අඩු අගයක් බැවින් හා ඉක්මනින් උණු විමේදි ගිනි ගැණිමක් විය හැක.
  • ඒබැවින් ද්විත්ව  බොයිලේරු ක්‍රමය බාවිතය ඉතා වැදගත් ඒ්සේම ඉටි වාෂ්ප විම ද අවම වේ.
  • සිදුරු නොමැතිව ඉටිපන්දම් සැකසිම සදහා අච්චුවේ ඉටි ඝනවන විට අඩුවන ප්‍රමානය නැවත පිරවිය යුතුය.
  • ඉක්මනින් අච්චුව සිසිල් කිරිමට ඉටි තරමක් ඝන වු විට ජල භාජනයකක දැමිය හැක
  • පොල් තෙතල් ස්වල්පයක් අච්චුවේ ගා ගැනිමෙන් පහසුවෙන් ඉටිපන්දම ගලවා ගත හැකත

ඔබගේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් විදාතා මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරිගෙන් අවශ්‍ය දැනුම හා පුහුණුව පහසුවෙන් ලබා ගත හැක.

උපදෙස් –

ශිරෝමි සපරමාදු

දිස්ත්‍රික් විදාතා නිලධාරි,

කොළඹ.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa