ඉපැරණි හෙළ ඔසු – 01

author
0 minutes, 30 seconds Read

දේශිය ඖෂධීය ගුණැති ශාක වර්ග අතරින් ආහාරයක් ලෙසත් ඖෂධයක් ලෙසත් භාවිතයට ගැනෙනා ශාක වර්ග ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. ඒ අතරින් අද අප සූදානම් වන්නේ ගංසූරිය පිළිබඳ ඇති සුවිශේෂී ගුණ කිහිපයක් පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමටයි

ගංසූරිය Thespesia populnea (L.)

Malvaceae කුලයට අයත් මෙම ශාකය මීටර් 15 පමණ උසකට වර්ධනය වන අතර තද කොළ පැහැති අණ්ඩාකාර-හෘදයාකාර සරල පත්‍ර වින්‍යාසයක් පෙන්වයි. කහ පැහැති අලංකාරවත් පුෂ්පය පරවන විට රතු-රෝස පැහැවේ. ඵලය ගෝලාකාර වන අතර අණ්ඩාකාර බූව සහිත බීජ මඟින් ව්‍යාප්තිය සිදුවේ.

ගංසූරිය කොළ, දලු කැඳ, මැල්ලුම් හෝ සම්බෝල මෙන්ම ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. දේශීය වෙදකම තුළ කැඩුම් බිඳුම් හා චර්ම රෝග ප්‍රතිකාර වලදී බහුලව භාවිතා කරන මෙම ශාකය දද, හොරි, ගෙඩි-වණ, කුෂ්ට, තුවාල, ඉදිමුම්, සන්ධි රෝග, අර්ශස් ආදී රෝග සඳහා ඖෂධ ලෙස යොදා ගනියි. රක්තශෝධක, වේදනා නාශක, මූත්‍රකාරක, විරේචක ගුණ සහිතය.

Pharmacological actions of Thespesia populnea relevant to Alzheimer’s disease, 2006, පත්‍රිකාවෙහි බැක්ටීරියානාශක, ප්‍රතිප්‍රදාහාත්මක, ප්‍රතිඔක්සිකාරක, අක්මා ආරක්ෂක, විරේචක ගුණ සහිත මෙම ශාකයට ඇල්සයිමර් රෝග තත්වය ඇති රෝගීන්ගේ සංජානනය වර්ධනය කිරීමට ද හැකියාව ඇති බව පෙන්වා දී ඇති අතර Pharmacognostical studies on Thespesia populnea Leaf (2016) හා Anti-inflammatory, analgesic and antipyretic properties of Thespesia populnea Soland ex. Correa seed extracts and its fractions in animal models (2011) පර්යේෂණ මඟින් ද එහි ඇති සායනික ගුණ පර්යේෂණාත්මකව ඔප්පු කර ඇත. මෙහි ඇති ප්‍රතිප්‍රදාහාත්මක ගුණය නිසා සන්ධි වේදනා හා වෙනත් සන්ධි රෝග වලදී මෙම ශාකය භාවිතා කිරීම යුක්ති සහගත බව මෙම පර්‍යේෂණ වාර්තා පෙන්වා දී ඇත.

Antinociceptive and anti-inflammatory effects of Thespesia populnea bark extract, 2007, පර්යේෂණයේ මෙම ශාකයෙහි ප්‍රතිප්‍රදාහාත්මක ගුණය පිළිබඳ දක්වා ඇත. 2001 වසරේ Wound healing activity of the aqueous extract of Thespesia populnea fruit පත්‍රිකාවෙහි මෙම ශාකය හොරි, පොතුකබර, තුවාල හා වණ සඳහා ප්‍රතිකාර කිරීමට යෝග්‍ය බැව් සායනිකව තහවුරු කර ඇත.

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa