තේ ගැන කිව්වොත් උඩරට හරිම ප්‍රසිද්ධයි. ඒ වගේම තේ වලට සුප්‍රසිද්ධ කඳුකරයේ නිර්මාණශීලී ව්‍යාපාරයක් ආරම්භ කළ ඇය අයෝමා නිශාන්ති. බදුල්ල හල්පෙ ජාතික පාසලෙන් වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් ඇය විවාහයෙන් පසුව ගෘහණියක් විදිහට කාලය ගත කළා.
ඉතින් ඔබ මේ ව්‍යාපාරයට යොමු වුනේ කොහොමද?
මගේ සැමියා අමු තේ දළු එකතු කරන ව්‍යාපාරයක් කළා. ඔහු අමු තේ දළු එකතු කරල තේ කර්මාන්තශාලාවලට ලබා දුන්නා. එතැනින් පසුව තේ දළු දෙන අයට තේ කොළ දෙන්න අපි පටන් ගත්තා. ඔහොම කර ගෙන යන විට අපේ නිවස පිහිටි තැන අනුව තේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතුනා.
නිවසේ පිහිටීමේ විශේෂත්වය ගැන
අපේ නිවස පිහිටා තිබෙන්නේ ඉතාම ලස්සන තැනක. දෙමෝදර දුම්රිය ලූප් එක ලස්සනට පෙනෙනවා. දුම්රියක් එන තෙක් නැවතී සිටින කෙනෙකුට තේ කෝපප්යක් රස බලන්න හොඳම නවාතැනක්. ඒ නිසා මුලින්ම නිවසේ කාමරයක් වෙනම හදලා එතැනට එන සංචාරකයන්ට තේ බොන්න සුදුසු තැනක් හැදුවා. සංචාරකයන් මේ තැනට වැඩියෙන් ආකර්ශනය වෙන හිද්දා අපි සාමාන්‍ය තේ එකකට වඩා ඔබ්බට ගියා.
අතින් හදන තේ
සංචාරකයන් නිතරම අළුත් අත්දැකීම් ලබන්න කැමැතියි. ඒ නිසා අතින් හදන තේ ඔවුන්ට ලබා දුන්නා. සංචාරකයන් අතින් හදන තේ බොන්න කැමැතියි. ඒක ඔවුන්ට අලුත් අත්දැකීමක්. මේ විදිහට මුලින් hand made තේ හදලා තවත් ටිකක් එය ඉදිරියට අරගෙන ගියා. මේ තේ වෙනුවෙන් ඉල්ලුම වැඩි වෙන කොට මසාලා තේ හැදුවා. ඒ මගේ මුල්ම හඳුන්වා දීම. එතැනින් පසුව white tea අලෙවි කිරීම ආරම්භ කළා.
2019 වෙන විට
ඔව් මම 2019 වන විට වෙනම ආයතනයක් පටන් ගත්තා. මගේ “ ceylon tea ” කියන සන්නාමය මේ වෙන විටත් ගොඩ නැගිලා තිබුනා. මේ අතරේ මම “ ව්‍යවසායකත්ව ප්‍රදර්ශන ” වෙනුවෙනුත් මගේ නිෂ්පාදන ඉදිරිපත් කළා. මේ නිසා අපට ගණුදෙණුකරුවන් විශාල වශයෙන් එකතු වුණා.
නමුත් 2020 කොවිඩ් වසංගතයත් සමග අපේ ව්‍යාපාරයත් වැටුනා. සංචාරකයන්ගේ පැමිණීම නැවතුනා. රට හුදෙකලා වීම , සහ සීමාවන් පැනවීම නිසා රටේ සංචරනයන් අඩු වුනා. ඒ නිසා මේ වෙන විට අපි හදල තිබුන නිෂ්පාදන පවා අලෙවි කර ගැනීමේ මාර්ග නැති වුණා.
2021 වසර වෙද්දී නැවතත් රට සාමාන්‍ය තත්වයට හැරෙන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී අපි සිල්වර් තේ, වයිට් තේ නිෂ්පාදන හඳුන්වා දුන්නා.
මගේ ව්‍යවසායකත්ව ගමනට ආයතනයෙන් ගොඩක් උදව් ලැබුනා. අපට පුහුණුව ලබා දුන්නා. ඒ නිසාම අපේ තේ නිෂ්පාදන ගුණාත්මකව ඉදිරිපත් කරන්න හැකියාවක් ලැබුනා. මේ දියුණුව සමග අපි යන්ත්‍රයක් මිළට ගත්තා.
අද වෙන විට
අද වෙන විට අපේ තේ “ Super fine uva Goladen ” නමින් වූ සන්නාමයෙන් අලෙවි කරනවා. සාමාන්‍ය තේ කොළ වගේම අපනයන තත්වයට සුදුසු තේ කොළත් අලෙවි කරනවා. සංචාරකයන් බොහෝ දෛනක් තමන්ගේ රටට යන විට තෑග්ගක් විදිහට දෙන්න අපේ “ Super fine uva Goladen ” තේ කොළ අරගෙන යනවා.
ඇසුරුම ගැනත්
අපි තේ කොළ විවිධ ආකාරයට අසුරනවා. විවෘත බෑග් වල සුළං වදින නිසා ඇතුලත ඊයම් ආවරණයක් තියෙනවා. බෝතල්වල වගේම විවිධ ඇසුරුම් තිබෙනවා. මගේ සැමියා සහ දුව, පුතා මේ ඇසුරුම් වලදි උදව් වෙනවා.
ඔබේ අලුත් නිෂ්පාදනය ගැන
මම blooming tea තේ දැන් හඳුන්වා දුන්නා. ඒ නිෂ්පාදනය හරිම අපුරුයි.. කෝප්පයට දාලා උණුවතුර දාන විට මලක පෙති විහිදිලා පිපෙනවා වගේ දිග හැරෙනවා. ඒ අත්දැකීම නරඹන්න විදේශිකයන් කැමැත්තක් දක්වනවා.
ඔබ ලබා තිබෙන සම්මාන
2022 වසරේ වනිතාභිමාන සම්මානයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දිරිය කාන්තාව
2022 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වූ ඇගයීම මම ලබා ගත්තා.’
මම දැනට GMP (Good market product) සහතිකය ලබා ගෙන තිබෙනවා. ඉදිරියේදී මගේ නිෂ්පාදන සුළු වශයෙන් හෝ අපනයනය කරන්න අදහස් කරනවා. අපි හැමදාම එකතැනක නවතින්න ඕන නැහැ. කොහොම හරි අපේ වගේම දරුවන්ගේ අනාගතය සැලසුම් කර ගන්න ඕන.
සටහන – සිල්වා, සි