මගේ නම රම්‍යාලි ලීලාරත්න. මට කුඩා කාලයේ පටන්ම සියුම් කලාවන් පිළිබඳ හැකියාවන් තිබුණා. නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සහ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. එතැනින් පසුව මම රැකියාවකත් නිරතව සිටියා. විවාහයෙන් පසුව පසුව මගේ සැමියාගේ රැකියාව නිසා කාලයක් නයිජීරියාවේ සිටියා. නැවත ලංකාවට ඇවිත් මැහුම් සහ ඉවුම් පිහුම් වැනි දේවල් විවේක වෙලාවේදී කළා. මේ අතරේ මම ප්‍රදර්ශනයකට ඉදිරිපත් කළ රෙදි පින්තාරු නිර්මාණය වෙනුවෙන් පළමු තැන ලැබුණා. එතැනින් පසුව මගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍ය කණ්ඩායමක් ඇති වුණා. දවසක් මගේ පංතියේ දරුවන් එකතු වෙලා අපිත් ප්‍රදර්ශනයක් කරමු කියල මට යෝජනා කළා.
මම මේ අදහස මගේ සැමියාට කිව්වා. ඔහු මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මුල් වරට අපි ප්‍රදර්ශනයක් තැබුවා. ඒ 1996 වසරේ. මේ අතරේ මම ඇමරිකන් ප්‍රදර්ශනයක් වෙනුවෙන් මගේ නිර්මාණ ඉදිරිපත් කළා. එහිදී මට ලොකු ඇගයීමක් ලැබුණා. ඒ අතරේ රොටරි සමාජය සමග එක්ව තවත් ප්‍රදර්ශනයක් කළා. මේ විදිහට මගේ නිර්මාණ වෙනුවෙන් යම් ඇගයීමක් එන්න පටන් ගත්තා. මට “ නුගසෙවන ” වැඩ සටහනෙන් ආරාධනාවක් ලැබුණා. මම එතැනදී මගේ කුෂන් නිර්මාණයක් පෙන්නුවා. එතැන් පටන් මගේ නිර්මාණ ඉල්ලන පිරිසක් බිහි වුණා. එයින් පසුව පොත් ප්‍රදර්ශනයේදී මම තවත් නිර්මාණ ප්‍රදර්ශනයක් කළා. මේ විදිහට මගේ නිර්මාණ වෙනුවෙන් ඇගයුම් ලැබුණා.

එතකොට අද ඔබේ කටයුතු
මම කතිර මැස්ම ගැන උනන්දුවක් දක්වන අයට ඒවාට අවශ්‍ය අමුද්‍රව්‍ය වගේම මෝස්තර ලබා දෙනවා. ඔබ කතිර මැස්ම ගැනම වැඩි අවධානයක් දක්වනනේ ඇයි..?
කතිර මැස්ම ඉතාම සියුම් කලාවක් කොටින්ම භාවනාවක් වගේ.
ඒ ගැනත් යම් විස්තරයක් කරනවා නම්, අද දරුවන් ගැන නැගෙන චෝදනාවක් තිබෙනවා. ළමයි හරිම කලහකාරියි. ඉවසීමක් නැහැ. ආවේගශීලියි. නමුත් දරුවෙක් මේ වගේ කතිර මැස්මක් වගේ අවදානය, ඉවසෘීම සහ වින්දනය යන හැම දෙයක්ම එකට එකව කරන කටයුත්තක යෙදෙනවා නම් ඔවුන්ගේ විවේකය ඵලදායී විදිහට යොදවා ගන්න පුළුවන්. මොළය උතතේජනය වෙනවා. අපේ අධ්‍යාපනයේදී හසුරු කුසලතාවයන් ගැන කථා කරනවා. කතිර මැස්මක යෙදෙන විට අත හා ඇස් අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා දරුවන්ගේ බුද්ධිය පවා උත්තේජනය වෙන බව කියන්න ඕන. අපි හැමෝම දැන් ආතතිය ගැන කතා කරනවා. මේ වගේ දෙයක නිරත වෙන විට ආතතිය අඩු වෙනවා. සතුට වැඩි වෙනවා. ඒ වගේම පාසල් විෂය මාලාවේ ප්‍රාග්වෘත්තිය තාක්ෂණ කුසලතාවයන්හිදීත් මේ වගේ නිර්මාණ වලට ඉඩක් ලබා දී තිබෙනවා.
ඔබ මේ වෙනුවෙන් ලබා දෙන දායකත්වය ගැන
මගේ කතිර මැස්මට අවශ්‍ය පැකේජ් එකක් තියෙනවා. මේ මැහුම් කට්ටලය “Smart needle” යනුවෙන් නම් කරල තිබෙනවා. සමහර අයට මහන්න කැමැත්ත තිබුනත් ඒ වෙනුවෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ. මගේ පැකේජ් එකේ කතිර මැස්මට අවශ්‍ය රෙදි, නුල් වගේම ඊට අවශ්‍ය මෝස්තරත් ඇතුලත්. මේවා මිළට ගන්න අයෙකුට අදාල මෝස්තර මහ ගන්න පුළුවනි.
තෑග්ගක් දෙන්නත් හොඳයි.

ඔව් දරුවන්ට තෑග්ගක් දෙන විට මේ වගේ දෙයක් ලබා දුන්නොත් එයින් ඔවුන්ට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. මහන්න උනන්දුවක් නැති දරුවෙක් වුනත් මේ පැකේජ් එකක් ලැබුනොත් තමන්ගේ කාලයෙන් ඵලදායී දෙයක් කරන්න උනන්දු වේවි. කුඩා දරුවන් වෙනුවෙන් වූ කතිර මැස්මේ පැකේජය රුපියල් 300- 600 අතර මුදලක් වෙනවා. වැඩිහිටි කට්ටලයක් රුපියල් 2500 සිට ඉහළට තිබෙනවා.
වැඩිහිටියන් වෙනුවෙන්
නිවසේ කාලය ගෙවන වගේම විවේක දවසේදී තමන්ගේ කාලය යොදා ගෙන වැඩිහිටියන්ටත් කතිර මැස්මට යොමු වෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් සකස් වුන පැකේජ් තිබෙනවා. මේ වගේ පැකේජ් එකකින් තමන්ගේ හැකියාව දියුණු කර ගෙන අමතර ආදායමක් ලබා ගන්නත් පුළුවන්. දැන් කතිර නිර්මාණ බිත්ති සැරසිලි වෙනුවෙන් සමාජයේ ඉල්ලුමක් තිබෙනවා. ඒවා හරිම අලංකාරයි. එවැනි නිර්මාණයක් දකින එකත් මනසට විවේකයක්. මේවා අතින්ම කරන නිසා ලොකු වටිනාකමක් ලැබෙනවා. මේ වගේ නිර්මාණයක් තවත් අයෙකුට ත්‍යාගයක් විදිහට වුනත් ලබා දෙන්න පුළුවනි. තෑග්ග ලබන අයත් බෙහෙවින් සතුටු වෙනවා. ඔවුන්ටත් මේ වගේ නිර්මාණ කරන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. කාන්තාවන්ට වුනත් මේ වගේ නිර්මාණයක නිරත වෙන විට මනසට එක්තරා ආකාරයක ව්‍යායාමයක් ලැබෙනවා. ඔවුන්ටත් ආතතිය නැති කර ගැනීමේ හොඳ අවස්ථාවක්. තමන්ගේ විවේක කාලයත් උපරිම ලෙසින් ඵලදායී දෙයක් වෙනුවෙන් වෙන් කිරීම ගැන හිතේ
ඔබේ මෝස්තර ගැන.

ඕනෑම මෝස්තරයක් තිබෙනවා. වර්ණ ගලපා තිබෙනවා. දැනට Smart needle කටට්ලයක තිබෙන මෝස්තර කීපයක් ගැන කිව්වොත්..
සීගිරි අප්සරාවන්, දළද ාමාළිගාව, මල්, සත්තු, දර්ශන , සමනළයන් වගේ නිර්මාණ තිබෙනවා. ඒ හැර තමන්ට අවශ්‍ය දෙයක් නිර්මාණයක් වුනත් ඉල්ලා සිටියොත් ලබා දෙන්න පුළුවනි. පාසල් දරුවන්ගේ ව්‍යාපෘති, කතිර මැහුම් වාටි වගේම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් පුස්තකාල ග්‍රන්ථ විදිහට අනුමත කළ මැහුම් පොත් අපෙන් මිළට ගන්න පුළුවන්.
මේ Smart needle මැහුම් කටට්ලයක් මිළට ගැනීම..
අපේ ප්‍රදර්ශන පවත්වන විට ඇවිත් මිළට ගන්න පුළුවන්. ඒවා කොළම අවට පවත්වන නිසා හැම දෙනාටම ඇවිත් මිළට ගැනීම අපහසුයි. ඒ නිසා මගේ 071 4205477 වට්ස් ඇප් දුරකථන අංකයෙන් වගේම අපේ නිල ෆේස් බුක් පිටුවෙන් ඇනවුම් ලබා දෙන්න පුළුවන්. වැඩි විස්තර අවශ්‍ය නම් ramyalicrafts.lk වෙබ් අඩවියෙන් දැන ගන්නත් පුළුවනි.
සටහන
සිල්වා, සි