අද මම ඔයාලට කියලා දෙනවා රසම රස චිලි පේස්ට් එකක්…
ඉස්සො, කූනිස්සො නැතුව අපි හදමු සෝයාමීට් වලින්….
බලමුද මොනවද ඕන්ර් කියලා…
- සෝයාමීට් පැකට් එකක්
- ඉඟුරු , සුදුලූනු , කරපින්චා, තක්කාලි මේස හැදි දෙක ගානෙ චොප් කරලා ගන්න.
- කෑලි මිරිස් තේ හැඳි 3
- ලුනු තේ හැඳි 2 හෝ
- චොප් කරගත් ලොකු ලූනු ගෙඩි 1
- සීනි තේ හැඳි 1
- විනාකිරි තේ හැඳි 1
- සෝයා සෝස් මේස හැඳි 2
දැන් අපි හදමු…
සෝයා මීට් ටික විනාඩි දෙකක් විතර තම්බගෙන වතුර ඉවත් කරල හොඳට පොඩි කර ගන්න..යන්තම් කෑලි හැපෙන ගානට.පේස්ට් එකක් තරමටම පොඩි කරන්න එපා..
තෙල් මේස හැඳි 3 ක් වගේ රත් කරල ඉඟුරු ටික අඩු ගින්දරේ පාට වෙනස් නොවී බදින්න. ඒකෙ හොඳට සුවඳ එනකොට කරපින්චා ටික දාන්න.
ඊට පස්සෙ ඒකට සුදුලූනු ,තක්කාලි ,ලුනු එකතු කරල බැදුනම කෑලිමිරිස් ,ලුනු එකතු කරල කවලම් කරල සෝයා ටික දාල හොඳට වතුර හිඳෙන්න බැදෙන්න දෙන්න.
සීනි ,සෝයා සෝස් සහ විනාකිරි දාන්න. සෝයා එකේ වතුර ගතිය සම්පූර්ණයෙන්ම හිදුනම ලිපෙන් බාන්න.නිමුනම හොදින් සෝදා වේලා ගත් බෝතලයක අසුරා ගන්න…

හදලා බලන්න රසම රසයි..
සටහන –
දිලීකා..
ප්රවීන කේක් නිර්මාන ශිල්පිනී..
දිලීකා දුල්රුක්ෂිනී ෆේස්බුක් එකවුන්ට් එක හරහාත්, cake by Dilru පේජ් එක හරහාත් Dilru creative arts යූටියුබ් චැනල් එක හරහාත් මාත් එක්ක එකතු වෙන්න පුලුවන්
0703384782 වට්සැප් , ඉමෝ