රාජ අල පුඩිම (දම් අල) / Purple yam pudding
*රාජ අල ටික පොතු යවලා හොදින් තම්බගන්න ලුනු පොඩ්ඩක් දැම්මට කමක්නෑ.
තම්බගත් අල පොඩි කරගන්න.
*බාජනයකට පොල්කිරි,සීනී එක්කරලා අලත් එක්කරලා ඝන පදමට එනතුරු හැදිගාගන්න අඩිය අල්ලන්න නොදී.
පදම හරියටම කියනවනම් හරියට කස්ටඩ් පදමට වඩා ටිකක් ඝන වෙන්න ඕන..කප්ස් වලට වක්කරගන්න පුලුවන් තරමට.
දියර ගතියට තියන්නත් එපා සෙට් වෙන එකක් නෑ
අල ටොෆි වගේ කරගන්නෙපා.
හදනකොට තේරෙයි මන් කිව් පදම..
කප්ස් වලට දාගෙන ශීතකරණයේ හොදින් සවිවනතුරු තියාගන්න.