නීරෝගී කෙස්කලඹක් කියන්නෙ හැමදෙනාගෙම හීනයක්. අතීතයේ නම් හැම දෙනාටම වගේ හොඳ නීරෝගී හිස කෙස් දකින්න ලැබුනා. නමුත් වර්තමානය වෙද්දි මේ තත්වය ටිකක් වෙනස් වෙලා බහුතරයක් දෙනාගෙ හිස කෙස් වලට වෙන හානිදායක බව වැඩිවෙලා තියෙනවා. කොහොම උනත් මේ තත්වය ඔබේ ශරීරයේ බාහිර ව පෙනෙන දෙයක් උනත් අභ්‍යන්තර ගැටලුත් මෙයට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔබට බාහිර ආලේපනයක් විදියට ඔබේ හිස කෙස් හොඳින් වර්ධනය වෙන්න කරපිංචා වලින් කරන්න පුළුවන් විදියෙ සත්කාර කීපයක් තමා අද කියන්න යන්නෙ.

හිසකෙස් වර්ධනය උත්තේජනය කරන්න කරපිංචා වලට පුළුවන්.
හිසකෙස් වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂකයක් වන ප්‍රෝටීන් බහුල කරපිංචා හිසකෙස් වර්ධනයට සහය වෙනවා.. ඊට අමතරව කරපිංචාවල තියන බීටා-කැරොටින් සහ ඇමයිනෝ අම්ලය මගින් හිසකෙස් ගැලවී යාම වළක්වා, කෙස් කළඹ ශක්තිමත් කරනවා. ඔබට ශක්තිමත් කෙස් කළඹක් අවශ්‍ය නම් කල යුත්තේ ඔබගේ හිසකෙස් සත්කාර ක්‍රමයන්ට කරපිංචා එක්කර ගැනීමයි.

ඉතින් මේ සදහා සරළ හිසකෙස් සත්කාරයක් තමයි මේ.
මේකට අවශ්‍ය වෙනවා වියලා කුඩු කරගත් කරපිංචා සහ රටලූණු යුශ.
කරපිංචා කුඩු සහ රටළූණු යුෂ එකට එක්කරලා එයට එඬරු තෙල් ස්වල්පයක් එකතු කරන්න.
මෙම මිශ්‍රණය හිසකෙස්මත ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න. වඩා සාර්ථක ප්‍රථිපල සඳහා සතියකට වරක් හෝ දෙවරක් ආලේප කරන්න ඔබට පුළුවන්.මෙතෙන්දි ඔබට අවශ්‍ය ප්‍රමාණය ට කරපිංචා කුඩු සහ රට ලූනු යුශ අරගෙන ඊට ගැලපෙන අයුරින් එඩරු තෙල් එකතුකරගන්න පුළුවන් .
අකලට හිසකෙස් සුදුවීම පාලනය සදහා කරපිංචා සත්කාරය.
ගොඩක් වෙලාවට මේ කරපිංචා ගැන ගුණ අපට කියලා දෙන්නෙ අපේ මව එහෙමත් නැතතම් අත්තම්මා.අනිවාර්යයෙන්ම තෙල් හිදින කොට කරපිංචා එකතුකරන්න ඒ අය දැනන හිටියා වගේම එය වටිනා සත්‍යයක් බව ඔවුන් දන්නවා.
කරපිංචා හිසකෙස් අකලට සුදුවීමෙන් පීඩා විදින අයට ඉතා වටිනා ඖෂධයක්. කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ විටමින් B මෙන්ම අයඩින්, සෙලේනියම්, සින්ක් සහ යකඩ වැනි ඛනිජ ලවණ මගින් කෙස් සුදුවීම පාලනය කරනවා. ඔබගේ හිසේ අකලට සුදුවුණ කෙස් ගස් තිබේනම් ඔබ කරන්න ඕන වැඩි වැඩියෙන් කරපිංචා ආහාරයට එක්කර ගැනීමයි.
සුවිශේෂී කරපිංචා තෙල් සත්කාරය

කරපිංචා වල ගුණ පිලිබඳ ව ඔබ දැන් දැනුවත් වෙලා ඉන්නේ. කරපිංචා වලින් හරියටම කොන්ඩෙ වැවෙන විදියෙ ගුණාත්මක තෙල් එකක් හදා ගන්න විදිය අපි දැන් බලමු. මෙතෙන්දි ඔයාට අවශ්‍ය වෙන්නේ කරපිංචා කොළ මිටක්, උළු හාල් ග්‍රෑම් විස්සක්, කලුදුරු ග්‍රෑම් දහයක්
සහ පිරිසිදු පොල් තෙල්. ඇත්තටම මෙතෙන්දි වෙළඳපොලේ මිලදී ගන්න තියෙන අපි කෑමට දාන පොල් තෙල් වලට වඩා ගෙදරම හින්දා ගත්ත පොල් තෙල් තියෙනවා නම් මේ තෙල් එක ගොඩක් ප්‍රතිඵල දායක වෙනවා. එහෙම නැත්නම් වෙළඳපෙළේ මිලදී ගන්න තියෙන virgin coconut oil කියන එක මේ සඳහා භාවිතා කරන්න පුලුවන්. මුලින්ම කරපිංචා කොළ ටික හොඳට සෝදලා තෙත ඉවත්වෙන්න තියන්න. ඉන්පස්සෙ මේ කරපිංචා කොළ ටිකයි, කළුදුරු ටිකයි, උළුහාල් ටිකයි සේරම එකට දාලා මදගින්නේ පොල්තෙල් ටිකත් එක්කම රත් වෙන්න තියන්න. මෙතෙන්දි මේ ප්‍රමාණ වලට පොල් තෙල් බෝතල් බාගයක් වගේ දාගන්න පුළුවන්. කරපිංචා ප්‍රමාණය වැඩි වුණා කියලා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
මෙතැනදී ගින්දර හරි මට්ටමේ තියාගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මේ නිසා තෙල් එක හැදිගාමින් මදගින්නේ විනාඩි දහයක් පමණ හොඳින් කලවම් කරගන්න. මේ වෙලාවෙ හදන තෙල් එකට ලස්සන කොළ පාටක් එන්න පටන් ගන්නවා. ඒ වගේම කලවම් කරද්දි කරපිංචා කොළ බැදිලා වගේ දැනෙනවා නම් ඒ වෙලාවේ ලිප නිවලා දාලා තෙල් එක බිමට අරගෙනත් ටික වෙලාවක් යනකම් කලවං කරන්න ඕන. ඉන් පස්සේ මේ තෙල් එක මේ විදියටම හොඳට නිවෙනකන් පැත්තකින් තියා ගන්නවා.
නිවුනයින් පස්සේ වීදුරු භාජනයක අසුරලා මේ තෙල් එක පාවිච්චි කරන්න ගන්න පුළුවන්. හැමදාම නාන්න පැය බාගෙකට විතර කලින් මේ තෙල් එකෙන් ටිකක් ඔළුවේ ගාලා හොඳට සම්භාහනය කරලා ඉන්පස්සෙ ස්නානය කරන්න. ඔබේ කොණ්ඩය ගැලවී යාම වගේම කොන්ඩෙ සුදු වීම වළක්වන්නත් මේ තෙල් එකට හැකියාව තියෙනවා.
මේ හිසකෙස් අකලට සුදුවීම වළක්වන ප්‍රතිකාරයක් තමයි මේ
නැවුම් පොල්තෙල් කෝප්පයක් පමන අරගෙන මදක් රත්කරලා එයට කරපිංචා කොළ එක්කරන්න.. මද වේලාවක් එලෙසම තබන්න. එය මදක් නිවුනු පසුව ඔබගේ හිසකෙස් මත ආලේප කර විනාඩි 10 ක් හෝ ඊට වඩා සම්භාහනය කර සෝදා හරින්න..
හැකිනම් රාත්‍රීයේ ආලේප කර උදෑසන සෝදා හැරීම වඩාත් සුදුසු වෙනවා.
අද ඔබට අරගෙන ආවෙ අපි අවට අපේ ගෙවත්තෙම තියන කරපිංචා ගහෙන් රූපලාවණ්‍ය ට අදාලව ප්‍රතිකාරයක් කරගන්නෙ කොහොමද කියන එක ගැන. ඔබේ හිසකෙස් ගැලවි යාම හෝ වර්ධනය නොවීම වෙන්නෙ පෝෂණ ඌනතා හෝ ශරීරය උෂ්ණාධික බව වගෙ හේතුවක් නිසා නම් ඊට ප්‍රතිකාර ගන්න අතර මේ සත්කාර සිදුකිරීම වඩාත් ඵලදායී වෙනවා..
සටහන
ආයුර්වේද වෛද්‍ය එම්. රසාංජනා ඉලංකෝන්
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය)