කලාත්මක ඇසක් දුන් ජය මාවතක්

author
0 minutes, 3 seconds Read

ඕනෑම පුද්ගලයෙකුගේ නිදිගතව සිටින යෝධයෙක් සිටිනවා. ජීවිතයේ කවදා හෝ දිනක මේ නිදිගත යෝධයා අවදි වේවි. ඉතින්…බෙන්තොට පදිංචි මනෝරි චින්තා ජයවර්ධන… නම් වූ ඇය අද වෙන විට “Sithuvili craft ” සන්නාමය යටතේ ව්‍යවසායිකාවක් බවට පත්ව සිටිනවා. ඉතින් ඇය මේ විදිහට ව්‍යාපාරිකාවක් විදිහට පැමිණි ගමන් මග හරිම අපූරුයි. ඒ වගේම අපි කාටත් පුර්වාදර්ශයක් සපයනවා. අපි ඇගෙන් ඒ කථාව ඇහුවොත් මුල පිරීම මේ විදිහට පටන් ගන්න පුළුවනි.
මගේ නම මනෝරි චින්තා ගමගේ…මම පදිංචි බෙන්තොට. මම සාමාන්‍ය පෙළ දක්වා ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් ඉගෙණුම ලැබුවා. එතැනින් පසුව උසස් පෙළ සඳහා අලුත්ගම මහා විද්‍යාලයට ඇතුලත් වුණා.


උසස් පෙළ අවසානයෙන් පසුව…
උසස් පෙළ අවසානයෙන් පසුව අපි කවුරුත් අනාගතයට සූදානම් වෙනවා. විශේෂයෙන් රැකියාවක් වෙනුවෙන් අවශ්‍ය සුදුසුකම් සපුරා ගන්නවා. මමත් ඒ රැල්ලට අනුව කලුතර කාර්මික විද්‍යාලයේ ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරුවා. එතැනින් පසුව නාරාහේන්පිට ප්‍රසිද්ධ ආයතනයක ගිණුම් සහකාරිනියක් විදිහට සේවයට එකතු වුණා.

මුදල් හර බැර කරමින් සිටි ඔබ කලා නිර්මාණයක් වෙනුවෙන් යොමු ුවනේ කොහොමද..?
ඒක හරිම අහඹු සිදුවීමක්. සාමාන්‍යයෙන් ආයතනවලින් සුබසාධක වැඩ සටහන් පවත්වනවා. මම සේවයේ යෙදුන ආයතනයත් සේවකයන්ගේ සතුට වෙනුවෙන් එවැනි වැඩසටහන් කරනවා. දවසක් සිරස රූපවාහිනි ආයතනය මගින් අපේ සේවා ස්ථානයේ වැඩසටහනක් සිදු කළා. එහිදී ඔවුන් ප්‍රහ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන විට නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඕන.
ඔය වැඩසටහන නිසා මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා. ආයතනයට සම්බන්ධ නිළධාරිනියක් විදිහට මටත් මේ වැඩ සටහනේ යම් වගකීමක් තිබුණා. මෙහිදී ලැබෙන නිර්මාණ බලන්න මටත් පැවරී තිබුණා.
ඔය නිර්මාණ අතරේ බොහෝ සිත්ගත් නිර්මාණ තිබුණා. එයින් මගේ හිත ගිය නිර්මාණ කලාවක් තිබුණා. කඩදාසි වලින් සිදු කරන ලද මේ නිර්මාණ “පේපර් ක්විලින් ” යනුවෙන් හඳුන්වන බවත් මට දැන ගන්න ලැබුණා. මේ වෙන විට මට පේපර් කියුලින් ගැන ලොකු දැණුමක් තිබුනේ නැහැ.

ඔබ දැනුම ලබා ගත්තේ…
එතැනින් පසුව මම පේපර් ක්විලින් කලාව ගැන දැනුම හොයන්න පටන් ගත්තා. “ තරුණි ” පුවත්පත මට ලොකු අත්වැලක් වුණා. මේ පත්තරයේ සතිපතා පේපර් ක්විලින් කලාව ගැන පාඨකයන් දැනුවත් කරන ලිපි පෙළක් තිබුණා. මම ඒ දැනුම ලබා ගත්තා.

එතැනින් නැවතුනේ නැහැ…
ඔව්. දැනුම සමග අත්හදා බැලීම් පටන් ගත්තා. විවිධ හැඩතල වලින නිර්මාණ කලා. ඒ නිසා මම ආයතනය තුළත් කලාත්මක ඇසක් ඇති අයෙකු විදිහට ප්‍රසිද්ධ වුණා. මේ ප්‍රසිද්ධිය නිසාම ආයතනයේ විශේෂ අවස්ථාවල සිදු කරන සැරසිලි, සුබපැතුම්පත් නිර්මාණ මටම බාර වුණා.

මොකක්ද මේ පේපර් ක්විලින් කලාව…
මේක හරිම අපුරු කලාවක්. වර්ණවත් කඩදාසිවලින් ආකර්ශණීය නිර්මාණ කරන්න පුළුවනි. හොඳ ඉවසීමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කලාත්මක ඇසක් අවශ්‍යයි.
මගේ පෞද්ගලික හේතුන් මත රැකියාවෙන් ඉවත් වීමට මම තීරණය කළා. නමුත් එතැනදී ව්‍යාපාරයක් කරන අදහසක් මගේ හිතේ තිබුනේ නැහැ. මම සේවයෙන් අස් වෙන බව දැන ගත් අපේ ආයතනයේ ක්‍ත්‍ධ ලෙෂ කටයුතු කරන ශනෙල් සර් මගේ හිතට අලුත් අදහසක් දුන්නා..
දැන් රැකියාවක් නොකොර නිවසේ ඉන්න කොට ඔයාට විවේකය තිබෙනවා. ඒ වගේම හොඳ හැකියාවක් තිබෙනවා. ඒ නිසා කාලය අපතේ නොයවා පේපර් ක්විලින් බිස්නස් කරන්න් බලන්න… මට එදා ලැබුන උපදෙස නිසා අද මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ඇති වුණා.

ඔබ පේපර් ක්විලින් ව්‍යාපාරයක් පටන් ගත්තා…
ඔව් මම “Sithuvili craft “නමින් පිටුවක් පටන් ගත්තා. මේ වගේ නිර්මාණවල එකම ගැටලුවක් තිබෙනවා. සියලු නිර්මාණ කරන්නේ මම. කඩදාසිය තුළින් කලාවක් මවනවා. වෙනත් නිස්පාදනයක වගේ මේ කලාවේදී වැඩ බෙදා දෙන්න බැහැ.

ඔබේ නිර්මාණ item මොනවාද..?
කඩදාසි මල්, සමනළයන්, සුබපැතුම්පත්ඳ යතුරු රඳවන , වගේම උත්සව සඳහා කඩදාසි සැරසිළි , ඉටිපන්දම් සැරසිලි වගේ බොහා් නිර්මාණ කරනවා. මේවා මගේ Face book පිටුව ඔස්සේ අලෙවි කරනවා. මම Formsheet මල් කලාවටත් පසුව එක් වුණා.

මේ ආ ගමන්මගේ ඔබට සහයෝගය දුන් අය ගැන…
මට බොහෝ දෙනාගේ සහයෝගය ලැබුණා. මට මේ තරම් දුරක් එන්න ඒ සහයෝගය ශක්තියක් වුණා. විශේෂයෙන් නිරෝශිනී මිස් , තර්ෂනී මිස් නිතරම අදහස් දෙමින් මගේ නිර්මාණ හැකියාවට නව ජවයක් ලබා දුන්නා.
ඉතින් මම මහා පරිමාණ ව්‍යවසායිකාවක් නොවෙයි. ඒ වුනත් ෂතුටුදායක ආදායමක් ලැබෙනවා. මම මෙතැන නවතින්නේ නැහැ. තව තවත් අලුත් නිර්මාණ හොයමින් සහ හඳුන්වා දෙමින් ඉදිරියට යන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම අපි වගේ පුංචි ව්‍යවසායකයින්ගේ ගමන්මග ගැන මේ විදිහට සමාජයට පනිවිඩයක් ලබා දීමට අවස්ථාවක් ලබා දුන් “ Colombo Journal ” වෙබි පිටුවටත් මගේ ප්‍රණාමය පුද කරනවා.

සටහන –
සිල්වා, සි

Similar Posts