කාන්තාවකගේ කාර්යය පවුලේ අයට ආහාර පිසීම පමණක් යැයි අපට තීරණය කිරීමට බැහැ. ඉවුම් පිහුම් වුනත් කලාවක් ඇතුව කිරීමේ හැකියාව තිබුනොත් ඒ හැකියාව නිසාම ව්‍යවසායිකාවක් විදිහට සමාජයේ ස්ථාවරත්වයක් ලබා ගැනීම අපහසු
නැහැ. ඒ නිසාම ඇය අද වෙන විට “ කෑම කෙල්ල ” යනුවෙන් ජනප්‍රිත්වයට පත්ව සිටිනවා.
කවුද මේ කෑම කෙල්ල
ඇය හංසනී ලසන්තිකා. මහනුවර උපත ලද හංසිකා ගැටඹේ මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත් තරුණියක්. පාසල් කාලයේදී ඇය ඉගෙණුම් කටයුතුවලට වගේම විෂය සමගාමී සහ බාහිර වැඩ කටයුතුවලටත් හරිම කැමැතියි. අධ්‍යන පොදු
සහතික පත්‍ර උසස් පෙළ සමත් හංසිකා විවාහ වුණා. ඇගේ සැමියා හංසිකා රැකියාවක නිරත වෙනවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ නිසාම හංසිකාට රැකියාවක් ගැන එතරම් උනන්දුවක් ඇති වුනෙත් නැහැ.
මේ අතරේ ඇති වුන හදිසි අනතුරක් නිසා හංසිකාගේ ජීවිතයටත් යම් ආර්ථික ගැටළු ඇති වෙන්න පටන් ගත්තා. ඒ නිසාම රැකියාවක් නැතැත් කුමක් හෝ ව්‍යාපාරයක් කරන්න ඇයට හිතුනා.
බයිට් කොකිස්
හංසිකාගේ ව්‍යාපාරයට ඇය මුලින්ම ආයෝජනය කළේ රුපියල් 350 ක මුදලක්. ඇය බයිට් කොකිස් හැදුවා. මේ බයිට් කොකිස් වෙනුවෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ඇයට ලැබුණා. මේ ප්‍රතිචාරය නිසාම හංසිකාට ව්‍යාපාර ගැන තව තවත් උනන්දුව ඇති වුණා. බයිට් කොකිස් රස කාටත් දැනුනා. ඒ නිසාම හංසිකාගේ බයිට් කොකිස් වලට හොඳ ඉල්ලුමක් ඇති වුණා. පන්නල නගරයේ සුපිරි වෙළඳ සැල් , කෝප් සිටි වගේ ආයතන වෙතින් බයිට් කොකිස් වෙනුවෙන් හොඳ ඉල්ලුමක් ලැබුණා. මේ අතර මම රසකැවිලිත් මගේ ව්‍යාපාරයට එකතු කළා.
මගේ බයිට් වෙනුවෙන් මේ විදිහට ඉල්ලුමක් ගොඩ නැගුනේ මගේ ප්රාතිහාර්යක් නිසා නොවෙයි. පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය , වනිතා සංවර්ධන නිළධාරී, තරුණ කටයුතු අංශය සහ විදාතා සම්පත් අංශයේ මග පෙන්වීම නිසා මට මේ විදිහට පුළුල් ඉල්ලුමක් ගොඩ නැගුනා. බයිට් ව්‍යාපාරය පටන් ගනින්දි මට අඩුම වශයෙන් සීලර් මැෂිමක්වත් තිබුනේ නැහැ. මම ක්‍රමයෙන් සීලර් මැෂිමක් මිළට ගත්තා. මේ අතර විදාතා සම්පත් අංශයේ මග පෙන්වීම යටතේ එක ගමකට එක ව්‍යවසායිකාවක් යන තේමාවෙදී අපේ ග්‍රාම සේවක කොට්ටාශයෙන් මාව තෝරා ගත්තා. මට ආාහර විජලන යන්ත්‍රයක් ලැබුණා.
මේ මගේ ගමන් මගේ තවත් එක් සන්ධිස්ථානයක්. දැන් මට විජලන යන්ත්‍රයක් තියෙන නිසා ආහාර සහ ඊට ආශ්රිත නිෂ්පාදන කල් තබා ගැනීමට හැකියාව තිබුණා. මම විජලනය කරන ලද ආාහරත් මගේ නිෂ්පාදන එකතුවට ඇතුලත් කර ගත්තා.
ඒත් හදිසි කුනාටුවක්
කොහොමෙන් කොහෙමෙන් හරි මගේ ව්‍යාපාරය යම් දියුණුවක් ලබද්දී හදිසියේම මගේ ව්‍යාපාරික ස්ථානය ගිනි ගත්තා. ඒ 2022 වසරේ ජූලි 30 වැනිදා. මම සම්පූර්ණයෙන්ම මානසිකව වැටුනා. එහෙත්.. මගේ සැමියා සහ මගේ හොඳම මිතුරා
මාව දිරිමත් කළා. වැටෙන මට ඔවුන් විශාල රුකුලක් වුණා. ඒ නිසාම මට වැටුන තැනින් නැවත නැගිටින්න ශක්තිය ලැබුණා.
මම ආයෙමත් ව්‍යාපාරයක් වෙත යොමු වුණා..
කොහොම වුනත් ව්‍යවසායකත්වය මගේ සිරුරේම තිබුන ජවයක් වෙන්නත් ඇති. මම මගේ ගම් ප්‍රදේශයට ඇවිත් නැවත ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ 2022 වසරේ අගෝස්තු 14 වැනිදා.
අලුත් ව්‍යාපාරය ගැන
මට හිතුනා පිසින ලද ආාහරවලට යොමු වෙන්න. මහනුවර නාගරිකය තුළ පිසින ලද ආාහරවලට ඉල්ලුමක් තිබෙයි කියල මට හිතුනා. මම පිසින ලද ආහාර ලබා දෙන්න පුළුවන් කියන දැන්වීම මගේ ෆේස් බුක් පිටුවේ දැම්මා. පිසින ලද ආහාරවල ඡායාරූපත් ප්‍රදර්ශනය කළා.මගේ සැමියා වගේම හොඳම මිතුරා මට මේ හැම දෙයක් වෙනුවෙන්ම මගේ පිටුපස යෝධ සෙවනැල්ලක් වගේ ඉන්නවා.
ඔබේ නිෂ්පාදන දැන් විවිධාංගිකරණය වෙලා
ඔව් මම විවිධ නිෂ්පාදන කරනවා. බැදුම් වර්ග, චට්නි, ජෑම්, බයිට් වර්ග ,බිරියානි.. මේ වගේ පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව ඔවුන්ට අවශ්‍ය දේ තෝරා ගන්න පුළුවන්. තෝරා ගන්න තරමටම නිස්පාදන තිබෙනවා. මේ ආාහරවලට කිසිම රස කාරකයක්
හෝ කල් තබා ගැනීමේ දෙයක් එකතු කරන්නේ නැහැ.
දැන් ඔබ කෑම කෙල්ල බවට පත් වෙලා
ඔව් අද මගේ නම ඒ විදිහට ගොඩ නැගුනත් මේ ගමන් මගේ මම ගොඩක් බැට කෑවා. මගේ අතේ කරගැට පිරිලා. සමහරු කුස්සි අම්මා කියල මාව කොන් කළා. තවත් අය අනේ ඕවා හරියන්නේ නැහැ.. කියමින් මාව අධෛර්යට පත් කළා. මේ
සියල්ල විඳ දරා ගෙන ආව කට්ට කාපු ගමන තුළ රිදීම් සිදු වුනත් ඒ හැම රිදුමක් තුලින්ම මම යමක් ඉගෙන ගත්තා.
මට සමාජයෙන් යමක් ලැබෙනවා වගේම සමාජයට මගෙන් යමක් ලැබිය යුතුයි. ඒ නිසා මම ලැබෙන ආදායමෙන් යම් මුදලක් ඉතිරි කරනවා. දානමය කටයුත්තක් වෙනුවෙක් ඒ මුදල යොදවනවා. මගේ “ කෑම කෙල්ල ” කියන නාමය ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තබන දිනයක් ගැන අනාගතයේදී ඔබ ඉදිරියේ සටහන් කළ හැකි දිනයක් තැබීම මගේ අධිෂ්ඨානයයි.
සටහන –
සිල්වා, ස