කෑම මේසය අලංකාර කරන පැච් වර්ක් ටේබල් මැට්

author
0 minutes, 2 seconds Read

කෑම මේසය අලංකාර කරන පැච් වර්ක් ටේබල් මැට් නිර්මාණයක් සකස් කරමු.

මේ නිර්මාණය සඳහා අපිට මුලින්ම ෂඩස්‍රාකාර පතොරමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය වේ. ඒ් සඳහා මුලින්ම අඟල් 1.5 ක රේඛාවක් ඇඳ ඒහි දෙකෙළවර A – B ලෙස  නම් කරගන්න. ඉන්පසුව රූපයේ පරිදි Aකෙළවර මත හා B කෙළවර මත කවකටුව තබා චාප කොටස් දෙකක් ඇඳ ගන්න. ඉන්පසුව ඒම චාප කොටස හරහා ඒය මධ්‍ය ලක්ෂ්‍ය ලෙස භාවිත කරමින් වෘත්තයක් ඇඳ ගන්න.

ඒසේ ඇඳගත් වෘත්තය මත කවකටුව ආධාරයෙන් අඟල් 1.5ක දුර ලක්ෂ්‍ය හතරක් ලකුණු කර ගන්න. ඒම ලක්ෂ්‍ය හරහා ෂඩස්‍රයේ හැඩය ඇඳ ගන්න. ඉන්පසුව ඒය කපා වෙන් කර ගන්න.

(මෙහිදී පාදයක් 1.5”ක් වන ෂඩස්‍රයක් ප්‍රමාණවත් බැවින් මැහුම් වාසි ද ඒකතු කර මුල සිටම ඒම අගය භාවිතා කර ඇත. ඔබට සමනළයාගේ ප්‍රමාණය අඩු වැඩි කර ගැනීමට අවශ්‍ය නම් ඒම දුර වෙනස් කර ලකුණු කර ගත හැකිය.)

මමමස් කපා මවන් කර ගත් ෂඩස්‍ර පම ාරම ඇසුරින් සමනළයාට අවශ්‍ය වර්ණ මකාටස් සකස් කරගමු.
පහ රූපය බෙන්න.

මේ රූපයට අනුව අපිට කළු, රතු හා කහ යන වර්ණ වලින් රෙදි කොටස් අවශ්‍ය වේ.

  • රතු – ෂඩස්‍ර 06
  • කහ – ෂඩස්‍ර 14
  • කළු – ෂඩස්‍ර 03

සම්පූර්ණ ෂඩස්‍ර සංඛ්‍යාව = 23

මේ සඳහා පොප්ලින්, ලේස් කොට්න්, චීත්ත වැනි කපු රෙදි සුදුසු වේ.

එමෙන්ම ෂඩස්‍ර කැපීමේදී පතොරම භාවිතා කරමින් ඒකින් ඒක කැපීමට කල්පනාකාරී විය යුතූය. ඊට හේතුව වන්නේ පැච් වර්ක් නිර්මාණ සිදුකිරීමේදී ඒක වර පතොරම භාවිත කර රෙදිපොටවල් විශාල ප්‍රමාණයක් කැපීම මගින් හැඩ සහ ප්‍රමාණ සුළු වෙනස් වීමක් හෝ සිදු වුවහොත් නිර්මාණයෙ නිමාවට ඉන් හානි විය හැකි බැවිනි.

ෂඩස්‍ර කොටස් කපා වෙන් කර ගත් පසුව ඒය මසා ගන්නා ආකාරය බලමු. මුලින්ම කළ යුතු වන්නේ සිරස් අතට පටි කොටස් මූට්ටු කර සකස් කර ගැනීමයි. පහත රූපය දෙස බලන්න.

ඉන් පසුව මෙම පටි කොටස් මූට්ටු කර සමනළයාගේ ඉදිරිපස පළුව සම්පූර්ණ කර ගත හැකිය. ඒසේ සම්පූර්ණ කර ගත් ඉදිරිපස පළු කොටස තබා පැඩින් ෂීීට් කොටසක් කපා ගත යුතුය. මේ සඳහා අඟල් ¼ ගණකම පැඩින් ෂීට් කොටසක් ප්‍රමාණවත් වේ.

අවසානයේදී පිටුපසට ලයිනින් කොටසක් යොදා පැඩින් ෂීට් කොටස වසා ගන්න. ලයිනින් කොටස කැපීමේදී සකස් කර ගත් සමනළ හැඩය පොප්ලින් හෝ ගැළපෙන රෙදි කොටසක් මත තබා සම්පූර්ණ තනි පළුවක් ලෙස කපා වෙන් කර රෙදි කොටස් දෙකෙහි හොඳ පිට මූණට මූණ සිටින පරිදි තබා මසා ගන්න.

ඒක් කෙළවරක විවරයක් තබා අනෙක් පසට හරවා ගත් පසුව ඒම විවරය කොටසද මසා නිර්මාණය අවසන් කර ගන්න.

ඩී.ඩී. හතමුනගේ

මැහුම් උපදේශක

Similar Posts