රුහුණේ මී කිරි කිව්වාම අපට කිරි පුරවන ලද පුංචි කිරි ඇතිළියක් මතක් වෙනවා. කිරි ඇතිළි නිෂ්පාදනයේ යෙදෙන අතරම තවත් අතුරු නිෂ්පාදනයක් විදිහට ඇය “ තිත් කොටියා ” මග් වගේම අලි පැටියා මග් වැනි විසිතුරු නිර්මාණ වෙනුවෙන් යොමු වුණා. ඇතත්ටම ව්‍යවසායිකවක් වුනොත් එකම තැන නැවතිය යුතු නැහැ. ඔවුන් නිතරම විවිධාංගීකරණයට යොමු වීම අත්‍යවශ්‍යයි. ඉතින්. ඒ වගේ මැටි ඇතිළිය තුළින් අළුත් දෙයක් අළුත් විදිහට දුටු ඇය ගන අපේ කතිකාවත ගොඩ නගා ගනිමු.
එහෙමනම් ඔබටම ඔබ ගැන කියන්න අපේ ඇරයුම.

රුහුණේ මී කිරි කිව්වාම අපට කිරි පුරවන ලද පුංචි කිරි ඇතිළියක් මතක් වෙනවා. කිරි ඇතිළි නිෂ්පාදනයේ යෙදෙන අතරම තවත් අතුරු නිෂ්පාදනයක් විදිහට ඇය “ තිත් කොටියා ” මග් වගේම අලි පැටියා මග් වැනි විසිතුරු නිර්මාණ වෙනුවෙන් යොමු වුණා. ඇතත්ටම ව්‍යවසායිකවක් වුනොත් එකම තැන නැවතිය යුතු නැහැ. ඔවුන් නිතරම විවිධාංගීකරණයට යොමු වීම අත්‍යවශ්‍යයි. ඉතින්. ඒ වගේ මැටි ඇතිළිය තුළින් අළුත් දෙයක් අළුත් විදිහට දුටු ඇය ගන අපේ කතිකාවත ගොඩ නගා ගනිමු.
එහෙමනම් ඔබටම ඔබ ගැන කියන්න අපේ ඇරයුම.
මගේ නම ජී. තුෂාරානී අශෝකා .මගේ පදිංචිය අපි පාරම්පරිකව කිරි හට්ටි නිෂ්පාදනයේ යෙදෙනවා. ඒ වගේම මේ කලාව මගේ ඇගේම පිහිටලා තිබෙනවා කිව්වොත් නිවරැදියි.
ඒත් දැන් ඔබ තිත් කොටියා මග් වලට ප්‍රසිද්ධයි නේද?
ඔව්…. මම දැන් වැඩියෙන්ම ඒ ගැන ප්‍රසිද්ධයි.
කොහොමද මේ අළුත් කලාවට මුල පිරුවේ
මම අවුරුදු 10 වගේ පුංචි කාලයේ පටන්ම මැටි නිෂ්පාදන වලට හුරුවක් තිබුණා. අපේ මව්පියන් මැටි වැඩ කරන දිහා බලාගෙන මම ඉගෙන ගත්තා. 2002 වසරේ අපේ ගමේ “ කිරි ඇතිළියෙන් ඔබ්බට ” කියල පුහුණු වැඩ සටහනක් තිබුණා. මේ වෙනුවෙන් පුහුණුකරුවන් 40 ක් සම්බන්ධ වුණා. මට කලාත්මක හැකියාවන් තිබුන නිසා මට මේ වැඩමුළුව ගොඩාක් ප්‍රයෝජනවත් වුණා.
ඔබට මේ නිෂ්පාදන කියා දුන් ගුරුතුමා කවුද?
අජිත් මොහාන් පෙර්රා සර් ගැන නොකියාම බැහැ. මම අද වෙන විට මේ විදිහට ෂත්ව රූප ඇසුරින් මග් නිෂ්පාදනය කරන්නේ අජිත් සර්ගෙන් ලබා ගත් දැණුම නිසා බව ලෝබ නැතුව කියන්න පුළුවන්. අජිත් මොහාන් පෙර්රා සර් කියනවාට වඩා “කුඹලා ” කිව්වොත් සර් ගැන අපේ රටම දනන්වා. ඉතින් ඒ වගේ ජාතික මට්ටමින් අභිමානයක් දිනා ගෙන සිටින සර්ගේ මුල්ම ගෝලයා මමයි. ඒකත් මට ලොකු අභිමානයක්.
සාමාන්‍ය මැටි මග් එකක් වෙනුවට සත්ව රූප යොදා ගත් මේ වගේ විසිතුරු දෙයක් වෙනුවෙන් යොමු වුනේ ඇයි…?
අපි ඉන්නේ යාල ප්‍රදේශයට සමීප ගමක. ඉතින් සංචාරකයන් නිතරම යාල නරඹන්න යවනවා. ඒඅ යට මේ වගේ ෂත්ව රූප මැටි මග් එකක් නිර්මාණය කළොත් වැඩි ඉල්ලුමක් ඇති වෙයි කියල මට හිතුණා. ඉතින් මම ඒ වෙනුවෙන් හො, ආරම්භයක් ගත්තා.
ඔබේ උදවව්ට කවුද ඉන්නේ
කලාව කියන දේ අපේ ඇටග් තිබෙන්නේ. ඒක හැංගිලා ඉන්න යෝධයෙක් වගේ. මගේ ඇගෙත් ඒ යෝධයා ඉන්නවා. යන්ත්‍රානුසාරයෙන් මැටි අච්චුවකින් නිෂ්පාදනය කරන්නේ නැහැ. මම මේ සේරම අතින් නිෂ්පාදනය කරන්නේ..මැටි අනාගන්න විතරක් විදුළි සකපෝරුවක් භාවිතා කරනවා. ඒ නිසා නිෂ්පාදනයේදී නම් වෙන අයගේ උදව් ලබා ගැනීම අපහසුයි. නමුත් එතැන්න පසුව අලියාගේ හොඬවැල ඇලවීම, භාණ්ඩ ඇසිරීම වගේ දේවල් වලට මගේ දරුවන් සහ සැමියා උදව් වෙනවා.

අමුද්‍රව්‍ය සපයා ගැනීම
අපේ පළාතේ වැව්වලින් මැටි ගෙනත් ඒවා පෙරලා ගන්නවා. ඊට අමතරව සුදු මැටිත් යොදා ගන්නවා.
මැටි මග් වල තිබෙන විශේෂත්වය ගැනත්
මේවා මැටි නිසා කිසිම අගුණයක් නැහැ. සාමාන්‍ය ප්ලාස්ටික් භාජනයකට උණු වතුර දාන්න හොඳ නැහැ. නමුත් මේ වගේ මැටි මග් එකකට උණුවතුර දැම්මොත් වැඩි වෙලාවක් උනුවෙන් තියෙනවා. ඒ වගේම වතුර හරිම සීතලයි. අපි ඉස්සර ගුරුලේත්තුවක වතුර දැම්මාම තියෙන සීතල ගතිය මේ මග් එකකත් තියෙනවා. ඒ නිසා සංචාරකයෝ විතරක් නොවෙයි, අපේ රටේ අයටත් මේ සත්ව රූප මග් එකක් හරි වටිනවා.
ඔබේ අලෙවිසැල පිහිටා තිබෙන්නේ
තිස්සමහාරාමයේ යාල පාරේ .
එහෙමනම් යාල අභයභුමියේ සත්තු බලන්න ගියොත් ආයතනයෙන් තිත් කොටියා මග් එකකක් අරගෙන එන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබට ඇනවුමක් අවශ්‍ය නම්
පිගන්, කෝප්ප, වතුර බෝතල්, ව්‍යංජන දීසි මේ වගේ දේවලුත් සස නිෂ්පාදනය කරනවා. ඕනෑම කෛනකුට අවශ්‍ය දෙයක් ඉල්ලුවොත් ඒවා නිෂ්පාදනයට ඇය සූදානම්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් 0763502036 මේ දුර කථන අංකයෙන් ඇය සම්බන්ධ කර ගන්න පුළුවන්.
ඔබේ අරමුණ ගැනත් අපට පැහැදිළි කළොත්
අපි නිතරම ප්ලාස්ටික් වලට චෝදනා කරනවා. ඒවා දිරන්නේ නැහැ. ඒ නිසා අපට පහසු වුනත් ඉදිරියේදී පාරිසරික වශයෙන් ගැටළු ඉතිරි වෙනවා. ඉතින් මේ නිෂ්පාදන නිසා පරිසරයට එකතු වෙන එක ප්ලාස්ටික් කෝපප්යක් හෝ නැවතුනොත් මමත් පරිසර හිතකාමී නිෂ්පාදනයක් රටට ලබා දුන්නා කියන සතුට ඉතිරි වෙනවා.
සටහන –
සිල්වා, සී