“කුමන අපායගත ස්වරූපයක් පෙනුන ද සෑම නරක දෙයකම හොඳක් පවතිනවා” සංජය නිර්මාල්

author
0 minutes, 1 second Read

කොහොමද මේ දවස්වල වැඩකටයුතු ?

චිත්‍රපටි දෙකක් සූදානම් කරමින් ඉන්නවා. ඉන් එකක් වෙනස් තේමාවක් ඔස්සේ ගලාගෙන යන කතාවක් නිසා එහි Research වැඩ කටයුතු කරමින් ඉන්නවා.ඒ වගේම පොත්පත් ලියන වැඩ කටයුතුවල නියැලෙමින් ඉන්නවා.

ආගමත් එක්ක විවිධ පුද්ගලයන් කාලයෙන් කාලයට කරලියට පැමිණෙනවා.එය සමාජයට අහිතකර ලෙස බලපානවා.ඒ ගැන ඔබේ අදහස.

අවලෝකිතේශ්වර කියලා පුද්ගලයෙක් සමාජයට පැමිණියා කියලා අපි  කලබල වීමටවත් ආගම්වලට හානියක් සිදුවීමක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අවලෝකිතේශ්වර ඉන්නෙත් මේ පැවැත්මේ නම් ඔහු ඉන්නෙත් මේ පැවැත්මේ අන්ධකාරයේමයි.අවලෝකිතේශ්වර කියන සංකල්පය  සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය ලෙස දෘශ්‍ය ප්‍රවණතාවන් ලෝකයේ තියෙනවා කියලා ඇතමුන් අධ්‍යයනය කරේ මොහු හරහා.කවුරු හරි අයෙක් සිය දිවි හානි කරගෙන මේ භවය අවසන් කලාම හොඳ තැනක ප්‍රතිසන්ධිය ලැබීම ඉක්මන් කරගත හැකි යැයි මායාමය කරුණක් ඉදිරිපත් කරන්නේ නම් එතනින් ගම්‍ය වෙන්නෙත් අපි මේ කතා කරන Ultimate End එක. මේ ලෝකයේ කිසිම දෙයක් නරකට සිදුවෙන්නෙ නැහැ, ඒවා ලබා ගන්නා පුද්ගලයන් ඒවා ලබාගෙන භාවිතා කරන ආකාරය මනාව දන්නවානම්.ඒ වගේම කිසිම දෙයක් හේතුවක් නැතුව සිද්ධ වෙන්නෙත් නැහැ.ඒ සිදුවීම් වල නොකියවෙන පැත්ත අපට කියවන්න පුළුවන්නම්, අර්බුදයක් ලෙස පවතින මේ දේ ඇතුලේ තියෙන්නෙත් ශුද්ධ වීමක් කියලා අපට පැහැදිලි කරගන්න පුළුවන්.අවුරුදු තුන් දහසකට ආසන්න කාලයක ඉඳන් ලංකාව දෙකට බෙදිලා ප්‍රධාන ආගම් දෙකක් අදහනවා.නමුත් තවමත් ජන විඥානයට ඒ ආගම්වල යථාර්ථය තේරුම් ගත නොහැකිනම් ඒ ආගමික සිද්ධස්ථාන විසින් ඔවුන්ගේ වගකීම නිසි ලෙස ඉටු නොකරපු බවක් තමා පෙනෙන්නේ.ඒ නිසා මෙවන් ආකාරයට සමාජයේ සසල වීම් ඇති වීම සාධාරණයි.නමුත්  මගේ අදහස ඒවා නිසි ලෙස වටහා ගැනීම තමා වැදගත් වෙන්නේ කියලා.

ලංකාවේ නිර්මාණය වන බොහෝමයක් ඉතිහාසය සම්බන්ධ ෆිල්ම් පන්සිය පනස් ජාතක පොතෙන් නිර්මාණය වූවක්. නමුත් ඔබේ අධ්‍යක්ශනයක් වන ප්‍රාණ ඊට වඩා වෙනස්.

ප්‍රාණ ඇත්ත සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වූවාක්. ආච්චිලා සීයලාගෙන් අපි ඉතිහාසය ගැන දැනගත් නිසා අපි දන්නේ ඉතිහාසය හොඳයි ශුද්ධයි කියලා. නමුත් ඉතිහාසය කුමන කතාවක වුවද තියෙන්නේ බොරුවක්.එවැනි ඉතිහාසයක් නැවත සකස් කිරීම වෙනුවට මම ප්‍රාණ සිනමා කෘතිය හරහා සිතුවේ ඉතිහාසයේ නරුම ලෙස සඟවන ලද කතාවක් එළිදැක්වීම. ඉතිහාසය වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට එහි අඩුපාඩු පෙන්වීමට චිත්‍රපටය හොඳ මාධ්‍යයක් යැයි සිතුණු නිසා ඇත්ත ඓතිහාසික සිදුවීමක් නිර්මාණය සඳහා පාදක කරගත්තා.

අවසන් වරට නිර්මාණය වූ ” ස්වර” චිත්‍රපටයට පාදක වූ තේමාව පිළිබඳව කතා කළොත් ?

“ස්වර” අවසන් වරට තිරගත වූ චිත්‍රපටය වුණාට එය මීට අවුරුදු කිහිපයකට ප්‍රථම නිර්මාණය කළ චිත්‍රපටයක්. “ස්වර”  චිත්‍රපටය තුළ කතාකරන්නේ HIV රෝගය සමඟ ඉන්න මිනිස්සුත්, මිනිස්සු කියලා. පටු මානසික රාමු තුළ අප සැම විටම අනෙක් පුද්ගලයාව විනිශ්චය කරමින්, අනෙකාව පහත් කරමින් කරන  දුෂ්ටත්වය, නරුමත්වය  කතා කරන්න අවශ්‍ය වුණා.අපි යමක් දිහා බලන ආකාරයේ තමා ගැටලුව තියෙන්නේ.කුමන අපායගත ස්වරූපයක් පෙනුනද සෑම නරක දෙයකම හොඳක් පවතිනවා.මට “ස්වර” චිත්‍රපටය තුළින් කතා කරන්න අවශ්‍ය වුනේ එයයි.

” ස්වර” චිත්‍රපටය නිර්මාණයේදී ඔබ මුහුණ පෑ අභියෝග මොනවාද?

ලංකාව වගේ සංස්කෘතිකව දියුණු යැයි සිතාගෙන සිටින රටක ලිංගිකත්වය පිළිබඳව කතා කරන්න යෑමේදී අධ්‍යාත්මික හා අධ්‍යාපනික වශයෙන් එය තේරුම් ගැනීමට මතවාදී සමාජයක් නොමැති වීම තමයි මම මුහුණ දීපු ලොකුම අභියෝගය. විවෘතව දෙයක් කතා කරන්න බය රටක තමයි අපි ජීවත් වෙන්නේ.සංස්කෘතිය හා සදාචාරය රැකීමට සිටින ප්‍රධාන කුළුණු තුන ඇත්තටම අද කුණු බවට පත්වෙලා.පිරිමි හා ගැහැණු භේදයකින් තොරව අවුරුදු දහයට අඩු දරුවන් ලංකාව තුළ 99% කට වඩා ගෘහස්ථ අපයෝජනයට ලක්වෙනවා. පල්ලිය, පන්සල හා පාසල අපයෝජන සිදුවන ස්ථාන බවට පත්වෙලා තියෙනවා.චිත්‍රපටිකරණය, සාහිත්‍යකරණය වැනි කුමන හෝ ක්ෂේත්‍රයක නියැලෙන විට අපට පැන නැගෙන ප්‍රශ්නය වන්නේ ජීවිත යථාර්ථය මිනිසුන්ට වටහා දෙන්න ක්‍රමයක් නොමැතිකම. ඒ නිසා මම උත්සාහ කරන්නේ මට හැකි සෑම විටම ජනතාවගේ ඇස් ඇරවෙන දෙයක් කරන්න.

සිංහල සිනමාව අද පවතින තැන ගැන හිතන්නේ මොනවාද ?

සිංහල සිනමාවේ පවතින තැනගෙන හිතන්න සිංහල සිනමාවක් අද නැහැ. දේව්දාස් චිත්‍රපටයේ ගීතවල සාරි වලට වියදම් වුණු මුදල අපේ සිංහල සිනමාවේ නිර්මාණය වී තිබෙන චිත්‍රපටිවලට වියදම් කළ මුදලට වඩා වැඩියි.කර්මාන්තමය ලෙස සිංහල සිනමාවක් කියලා දෙයක් නැහැ.නිර්මාණය කරන සෑම චිත්‍රපටයක්ම අසාර්ථකයි කියලා තමයි පටන් ගන්නේ.තරමක් හෝ දුවන චිත්‍රපටය තුළ අඩංගු වන්නේ හාස්‍යයයි.හාස්‍යය අඩංගූ චිත්‍රපටි තමයි විකිණෙන හොඳම වෙළඳ භාණ්ඩය වී තිබෙන්නේ. ඒ වගේම සිනමාව රස විඳින ප්‍රේක්ෂකාගාරයක් අපට අද නැතිවෙලා.විචාරක පද්ධතියක් නැතිවෙලා.කර්මාන්තමය ලෙස යොදවන ප්‍රතිපත්ති රටක නොමැති විට ලංකාවේ සිනමා කර්මාන්තය පිළිබඳව අපට කතා කරන්න බැහැ. ඇතැම් රූපවාහිනී නාලිකා  සිනමා උළෙලවල් වලට වියදම් කරන මුදලින් මට හැඟෙන ආකාරයට අපට චිත්‍රපට තුනක් විතර නිර්මාණය කරන්න පුළුවන්.  අනාගතයක් නොමැති රටක සිනමාවටත් අනාගතයක් නොමැති බවයි මට පෙනෙන්නේ.

ආදරණීය බිරිඳගෙන් ඔබේ කලා  වැඩකටයුතු වලට ලැබෙන සහයෝගය කොයිවගේද?

ඇය සිදු කරන සෑම ක්‍රියාවකින්ම මාව නිදහස් කරන සෑම අවස්ථාවකින්ම ඇය මා මට ඇගේ පීඩනය මුදාහරින සෑම ආකාරයකින්ම ඇය මාව තේරුම් ගැනීමේදී හා තේරුම් නොගැනීමේ දී ඇතිවන සෑම සංසිද්ධියක් තුළදීම ඇය මට උදව් කරනවා.

08. ක්ශේත්‍රයට එන්න ඉන්න නවකයින්ට දෙන උපදෙස කුමක්ද ?

තමන්ගේ ඇතුළෙ ගින්නක් ඇවිලෙනවා නම් ඒක තමන්ගේ ජංගම දුරකථනයෙන් හදන චිත්‍රපටයකින් ද චිත්‍රපටයක් ලෙස හදන චිත්‍රපටයකින් ද කෙටි චිත්‍රපටයකින් ද කවියකින් ද  හෝ කුමකින් හෝ එය නොකියා සිටිය නොහැකි නම් ප්‍රකාශ කරගත යුතුයි යන්නයි මම දෙන උපදෙස. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ප්‍රශ්න අර්බුද කුමක් වුවත් ඔබ ඔබේ කතාව කියමින් සිටින්න.

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඇත්තටම මට අතීතය ගැන දුකක්වත් වර්තමානය ගැන උජාරුවක්වත් අනාගතය ගැන බලාපොරොත්තුවක්වත්  නැහැ.

සටහන 

පෙවින්ද්‍යා රශ්මි.

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa