කේරල ක්‍රමයට බීෆ් කරි
බීෆ් කන අය දවසක මෙහෙම හදල බලන්න.මමනම් දැනට බීෆ් හදපු රසම රෙසිපිය තමයි මේක.හරියටම ප්‍රමාණ අරන් පියවරවල් හරියටම අනුගමනය කරොත් රසටම එනවා.
අවශ්‍ය ද්‍රව්‍ය –
මස් එක පදම් කිරීමට.
*බීෆ් 500g
*කොත්තමල්ලි ඇට මේස හැඳි 1 1/2
*මාදුරු තේ හැඳි බාගයක්
*වියළි මිරිස් කරල් 7
*උලුප්පා ගත් පොල් කැබලි 5 ක්(කඩල තැම්බුවම දානව වගේ)
*තලාගත් ඉඟුරු සුදුළූනු මේස හැන්දක්
(සාමාන්‍ය ප්‍රමාණයේ සුදුළූනු බික් 10ක් අඟල් දෙකක වගේ ඉඟුරු කෑල්ලක් එකට කොටල ගන්න.ඒකෙන් මේස හැන්දක් මස් පදම් කරන්න දාන්න)
*ලුණු
*තෙල් මේස හැඳි 3ක් පමණ
*තෙල් ටික තාච්චියට දමා රත්වන විට කොත්තමල්ලි,මාදුරු,වියළි මිරිස්,පොල් කැබලි කර නොවනසේ යන්තමින් බැද තෙලෙන් ඉවතට ගන්න.
*සියල්ලම ග්‍රයින්ඩ් කරගන්න.වතුර දැමීම අනවශ්‍යයි
*ඒ මිශ්‍රණය,ඉඟුරු සුදුළූනු මස් වලට එක්කර අනා පැය බාගයක් පමණ තබන්න.
මස් එක උයාගැනීම සඳහා අවශ්‍ය දෑ-
*කපාගත් ලොකු ළුණු ගෙඩි 3,
*කපාගත් අමුමිරිස් කරල් 3
*කොටු කපාගත් සාමාන්‍ය ප්‍රමාණයේ තක්කලි ගෙඩි 2
*කරපිංචා
*ගරම් මසාල තේ හැන්දක්
*මාදුරු තේ හැඳි බාගයක්
*කහ තේ හැන්දක්
*ඉතිරි ඉඟුරු සුදුළූනු
*ලුණු
කලින් ඉතිරි තෙල් එකට තව තෙල් ස්වල්පයක් එක්කර රත්වෙන්නට තබන්න.මාදුරු එක්කරන්න.
එයට ළූනු,ඉඟුරු සුදුළූනු,හා අමුමිරිස් එක්කර බැදෙන්න හරින්න.පාට වෙනස් වෙමින් ළූණු මැලවී ගිය විට තක්කලි එක්කරන්න.මිශ්‍රකරන්න.
විනාඩි 2ක් ගිය පසු ගරම් මසාලා,කහ එක්කර හොඳින් මිශ්‍ර කරන්න.තක්කලි හොඳින් දියවී පේස්ට් එකක් පමණ වනතුරුම හැන්දකින් හැඳි ගාමින් සිටිය යුතුයි.
ඉන්පසු මස් එකතුකරන්න.විනාඩි 5 ක් පමණ තෙලේ බැදෙන්න හරින්න.නිතරම හැන්දෙන් මිශ්‍රකරන්න.
උණුවතුර කෝප්ප 4 ක් එක්කර..අවශ්‍ය තරමට ලුණු හා කරපිංචා එක්කර පියනකින් වසා තැම්බෙන්නට හරින්න.මද ගින්දරේ තැම්බිය යුතුයි.
සාමාන්‍යයෙන් පැයක් එකහමාරක් උයාගන්න ඕන මද ගින්දරේ.මම පැයක් වගේ ඉව්ව.සමහර මස් තද බැවින් වතුර මීටවඩා එක්කරන්න ඕන.
මුලින්ම දාපු වතුර හිදුනට පසු ඒක තීරණය කරන්න.
ප්‍රෙශර් කුකර් එකේනම් උණු වතුර කෝප්ප 2 පමණ එක්කර විසිල් 6 ක් එනතුරු උයාගන්න.
කොහොම ඉව්වත් යන්තමින් ග්‍රේවි ගතිය තියෙන්න තමයි උයාගත යුතු.
ගොඩක් රසවත් මේක..
බත් පාන් වගේම රොටි,චපාති නාන් සඳහා ගොඩක් සුදුසුයි.