ලාංකීය සිනමා නිර්මාණයන් තුළ විවිධ තේමාවන්ගෙන් සහ රසයන්ගෙන් යුත් සිනමා නිර්මාණයන් පිළිබඳව අපට නොයෙකුත් අවස්ථාවන්හි දී අසන්නට දකින්නට ලැබෙනවා. එලෙස ලාංකීය සිනමා නිර්මාණයන් තුළ සුප්‍රකට චිත්‍රපට නිර්මාණකරුවකු වන ප්‍රසන්න විතානගේ සිය නවතම නිර්මාණය පසුගිය දින සිනමාහල් කරා මුදාහැර තිබුණා.
ඒ ගාඩි නම් වූ සිනමා නිර්මාණයයි.
ඔහු මෙවර සිය නිර්මාණයට පාදක කර ගනු ලැබුවේ එවකට ලංකාව තුළ පැවති රාජාණ්ඩු පාලනය අවසන් කර යටත් විජිතයක් ලෙස මුළුමහත් රටම පරිවර්තනයකට ලක් වීමට ආසන්න සමයයි.
මෙම අපූර්ව නිර්මාණයේ සැගවුණ රසය මෙලෙස අත්විදිමු.

ජීවත්වීම යනු උපදින සෑම සත්ත්වයෙකුටම වූ අයිතිවාසිකමකි. එය එසේ වී නම් වෙනයම් පාර්ශයක් වෙනුවෙන් අප අපගේ ජිවිතය විනාශ කරගත යුතුද ? මට අනුව නම් ඇගෙ තිරණය නිවැරදිය. මැරෙන්නට කාටත් හැකිය. නමුදු කෙසේ හෝ ජීවත්වීම සියල්ලන්ම කළ නොහැක. ඇය ගත් තීරණය නිවැරැදි යැයි කට පුරා කියන්නට මම කැමැත්තෙමි.
එතෙකුදු වුවද වවුලාගෙ ගෙදර ගියහොත් එල්ලී සිටීමට සිදුවන සේ සිටින තැනට අනුගත වීමට සිදු වුවද එය කියනා තරම් පහසු කාර්යයක් නම් නොවනු ඇත.ඒ බව ඩිනාරාගේ පරිචය තුළින් මනාව නිරූපනය කරන්නට ගත් වෑයම අතිශය සාර්ථක වී ඇතැයි කිව හැකිය. ඒ සදහා ප්රබලතම සාධකයක් ලෙස මා දකින්නේ මෙහි වූ නලුවරණයයි. ඩිනාරා ගේ ඇස් කතා කලාවකි. ඉතා සියුම් භාව නිරූපනයකි. එපමණක් නොව ඈ නූතනවාදයේ සංකේතයකි.. පවතින රාමුව බිදින්නට පෙරට එන්නී ඈය.

එතකුදු නොව සජිත ද මේ සදහා වූ හොදම තෝරාගැනීම යැයි පසක් වන්නේ සිනමා කෘතිය පුරාවට දිවෙන්නා වූ අපූර්ව රංගනයෙනි.
ගාඩි හිරු දෙයියන්ගේ දරුවෝ යැයි අර්ථකථනය කොට අහක බලාගන්නේ කෙසේ දැයි නොදනිමි.. මට අනුව නම් අපි සියල්ලෝ ම හිරු දෙවියන්ගෙ දරුවෝ වන්නෙමු. ගාඩි ජන සංස්කෘතිය තුළ පමණක් හිරු මෙසේ රාමුගත කරන්නේ කෙසේද? මේ සම්බන්ධයෙන් වූ එකි මෙකි කතාන්දරයන් පවතින්නට පුලුවන. නමුත් තාක්ශනය සමග පොර බදිමින් යන යුගයක මෙකී කාරණා පැල් බැද ගන්නේ කුමකටදැයි යන්න ගැටලුවකි.

එතුකුදු නොව මෙය අතීත පුරාවෘත්තයක් සිනමාවට නැගීමක් ලෙස සලකා පසෙකට කරනවා වෙනුවට අපූර්වත්වයෙන් පරිපූරණ නිර්මාණ කාර්යයකට කාලය මිඩංගු කිරිමක් ලෙස සලකා බැලිය යුත්තක් ලෙස කිව යුතුමය.මන්ද අහක බලා ඉවත ලා හැකි කිසිදු රූප රාමුවක් මෙහි නොවනවා සේම සමස්ත චිත්‍රපටය පුරා වූ වර්ණ සංයෝජනය හා සංගීත සංයෝජනය ද ඒ කෙරෙහිම අපව අලවා තබා ගනී.

අපිට පුලුවන් නම් අපේ වටපිටාවේ සේරම අමතක කරලා ප්‍රේමයක් වෙනුවෙන් හිටගන්න. එයයි සැබෑ ප්‍රේමය.
ප්‍රසන්න විතානගේ ගේ සිනමා ගවේශණය තුළ කිසිවක් බලාපොරොත්තු නොවී ප්‍රේම කරන විජයාගේ මන්දහාසිනිය ටිකිරි නම් විය. ඒ ප්‍රේමය විදින්නට ඔබත් ඔබේ ප්‍රේමයත් සමග එහි සිටිය යුතුමය.
මෙම සිනමා පටය නරඹා පිටතට එන මොහොතේ දී නරඹන්නකු ලෙසින් මට දැනුන හැඟීමයි මේ.

සටහන –

නයනතාරා උපනන්ද