අතීතය වර්තමානය අනාගතය අතර දෝලනාත්මක නූතන මනමේ කුමරුවකුගේ චිත්ත අභය්‍යාන්තරයක දිග හැරුම රගහල දැන් ඇත අඩ අදුරේ…..

රගහල අදුරේ ගිලී නොගිලී ඇති සෙයකි.කොහේ හෝ සිට අනවසරයෙන් ඇතුළු වූ විදුලි ආලෝක දහරාවක අපැහැදි ආලෝකයක් හෝ වේවා සද එළිය හෝ නොවන්නට එය අදුරේ ගිලී තියෙනු නොඅනුමානය. අඩ අදුරේ රගහලේ ඔහු ඇය හා පෙම් සල්ලාපයකය.විටෙක එකිනෙකාට ළං වෙමින්ද වෙන් වෙමින්ද ඕවූහූ පෙම් බස් දොඩති.විටෙක නොස්ටැල්ජියානු මතක අතර ඕවූහූ තනිවෙති.තවත් විටෙක අනාගත සිහින මන්දිර තනති.මේ ප්‍රේම ජවනිකාවන් මැද වේදිකාවේද තවත් ප්‍රේමණීය නාඩගමකි.ඒ වනාහී මනමේය.සිය පෙම්වතියගේ සම්ප්‍රයෝගය මධය්‍යයෙහි ඔහු නෙත එක්වරම රංග මණ්ඩපයෙහි නතර වෙයි.අභාගය්‍යකි.සියල්ල සිදු වී හමාරය.මනමේ කුමරිය හිම ගිරයේ තනි වී ඇත.සිය පෙම්වතියත් මනමේ කුමරියගේ හැසිරීමත් අතර යම් දිනක තමාටත් අත් වේදෝයි සිතන ඉරණම්කාරී සිතුවිලි සමුදායක් ඔහුගේ සිතට නැගෙන්නේ ඒ මොහොතේය.ගීතයේ එක්වරම වෙනස් වන සංගීතයේ නාඩගම් සම්ප්‍රදායික ස්වරය සහෘදයා මනමේ නාඩගම වෙත නිරායාසයෙන්ම රැගෙන යයි.
රග හල දැන් ඇත
අඩ අදුරේ
අප දෙදෙනා
පෙම් පිළිසදරේ
අන්න බලන්
කුමරිය මනමේ
තනි වී ඇත
හිම ගිරි අරණේ
දිරියෙන් යුධ කළ ඔබ දුටු මොහොතේ
මගෙ හද ගැබ තුළ පිරුණයි ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර මෙමටා නැත අන් සරණේ
මනමේ නාටකය තුළ මනමේ කුමරු හා වැදි රජු අතර ඇති වූ අනපේක්ෂිත් ධ්වන්ද සටනින් වික්ෂිප්තව බලා හිදින කුමරියගෙන් ඉඩ ලැබෙන ඇසිල්ලෙහි කඩුව උදුරා ගනු ලබන වැදි රජු මනමේ කුමරු මරා දමන බවත්,කුමරිය වනයේ තනි වන බවත්,කුමරුගේ හදිසි වියෝව තුළ මහ වනයක හුදකලා වූ ඇයට තෝරා ගැනීමට තිබූ එකම විකල්පය වැදි රජුගේ පිහිට පැතීම බවත් පෙන්වයි.එහිදී ඇය සිය ස්ථානෝචිත නුවණ උපයෝගී කර ගනිමින් වැදි රජුට දුටු මොහොතේදීම තමා ප්‍රේම කළ බවත්,එබැවින් කුමරුට කොපුව දී වැදි රජුටම කඩුව දුන් බවත් ප්‍රකාශ කරයි.එහිදී ඇයට අවැසි වූයේ තමාට දැන් ඇති එකම සරණ වූ මේ වැදි රජුගේ හිත දිනා ගනිමින් තම ආරක්ෂාව රැකවරණය හා ආදරය ලබා ගැනීම විය යුතුය.ගීතය ඒ වග මනාව පසක් කරන්නේ,
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර මෙමටා නැත අන් සරණේ
යන පද ද්විත්වය තුළිනි.
අවසන් වසරේ සරසවියේ
ඔබෙ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවණේ
මනමේ කුමරිය ඔබද ළඳේ
මේ ගී කතාවේ අවස්ථා සම්බන්ධයේ ඉතිරි සියලු අංගෝපාංගයන් සම්පූර්ණ වන්නේ මේ ගී ඛාණ්ඩය තුළදීය.ඕවුහූ හන්තාන නම් ප්‍රේමණිය අඩවියෙහි පෙම් කිරුළු පැළැන්දෝ වෙති.පේරාදෙණිය සරසවියම ප්‍රේමයකි.වල හෙවත් එහි එළිමහන් රගහල යනු ප්‍රේමයේ සොදුරු තැන් දැනෙන හැගෙන විදින සොදුරු තෝතැන්නක් මෙන්ම ප්‍රේමයේ සැගවී ඇති නොපෙනෙන අදුරත් මනාව පසක් කරන බිම්කඩකි.මෙහිදී සිදු වී ඇත්තේ එය නොවේද? අඩ අදුරේ ගිලුණු වලේ සිමෙන්ති බැම්මකට බරවී හිද කථකයා සිය පෙම්වතිය හා පෙම් සුව වින්දද වලේ රග දැක්වෙන මනමේ කතාංගය හරහා ඔහු ඔවුන්ගේ දෙදනාගේ අනාගතය දෙස විමර්ශනශීලී බැල්මක් හෙළයි. සිව් වසරක සරසවි ජීවිතයේ ඇය ඔහු හා පෙමින් වෙළෙන්නේ අවසන් වසරේදීය.මීට ඉහත ඇයට ප්‍රේමයක් තිබිය නොහැකිද.කාත් කවුරුවත් නොමැතිව හුදකලා වූ තැන ඇය තම ප්‍රේමය පැතුවාද.පෙම්වත් සිත උභතෝකෝටික ප්‍රශ්න රැසක පැටළී ඇත.
කදු පාමුල මහවැලි හෙවණේ
මනමේ කුමරිය ඔබද ළදේ
යන ගීත ඛණ්ඩය තුළ ඔහු ධ්වනිත කරන්නේ සිය පෙම්වතියත් මනමේ කුමරියක වේවිද? නැත්නම් ඈ දැනටමත් මනමේ කුමරියකද යන්න නොවේද? ක්ෂණයකින් ඊළග මොහොතේදී වෙනස් වන ගීතයේ සංගීතය නැවතත් සහෘදයා මනමේ නාටකයේ ජවනිකාවක් තුළ අතරමං කරයි.ඒ මනමේ කුමරිය වැදි රජුට ප්‍රේමය ප්‍රකාශ කළේ මේ හේතුව නිසාය යන්න ඇයගේම වචනයෙන් කියා පාමිනි.ඒ වනාහි වය්‍යංගයෙන් කථකයාගේ පෙම්වතියගේ සිතුවිලි සමුදාය ප්‍රේක්ෂකයා වෙත ගෙන හැර පෑමක් නොවේද?
හැඩි දැඩි සිරුරට ආලය බැඳුණා
ඔබ වෙත අසිපත දෙන්නට සිතුණා
මනමේ කුමරුන් මරුමුව වැටුණා
දැන් මම රැජිණකි හිමගිරි අරණා
මනමේ කුමරුන් මරුමුව වැටුණා
දැන් මම රැජිණකි හිමගිරි අරණා
යන දෙපදය තුළය.වනගිරක හැඩි දැඩි ඔහු හා සටනින් පරාජය වී තම සැමියා මිය ගිය සද ඈ වෙත ඇති එකම සරණ වූයේ හිම ගිර හිමි ඔහුගේ ජීවන අරණේ සෙවණ ලබා ගැනීම හැර වෙන කුමක්ද? කෙසේ වුවද ඉතා සරල සුමට පද පේළි කිහිපයක් හරහා ගී පද රචකයා අතීතය වර්තමානය අනාගතය අතර අපූරූ ප්‍රේමණීය ජවනිකාවන් පිරි විනාඩි කිහිපයක සහෘද සිත අතර මං කරන්නේ මනා සංයමයකිනි.
රඟහල දැන් ඇත අඩ අඳුරේ
අපි දෙදෙනා පෙම් පිලිසඳරේ
අන්න බලන් කුමරිය මනමේ
තනිවී ඇත හිම ගිරි අරණේ
දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ
මගේ හද ගැබ තුළ ඇතිවිය ආලේ
නැතිමුත් රජ සැප හිමගිරි අරණේ
ඔබ හැර සැපතක් නැත අන් සරණේ
අවසන් වසරෙදි සරසවියේ
ඔබේ අත අරගෙන හන්තානේ
කඳු පාමුල මහවැලි හෙවනේ
හමුවූ කුමරිය ඔබද ලඳේ
හැඩිදැඩි සිරුරට ආලය හිතුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මනමේ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනයි හිමගිරි අරණා
ගී පද රචනය:- හඩ්සන් සමරසිංහ
සංගීතය:-ඔස්ටින් මුණසිංහ
ගායනය:-විජේරත්න වරකාගොඩ/අනුලා බුලත්සිංහල
ගී පද විචාරය හා පිටපත සැකසුම :- එච්.එම්.එස්.සංජීවනී කුමාරි