“ශ්‍රී විමලසිරි අභිමන්” ගල්කිස්ස ශ්‍රී විමලසිරි දහම් පාසලේ 50වන සංවත්සරයට සමගාමීව දහම් පාසල් අධ්‍යාපනයේ ජාතක භූමිකාව නැමැති ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම ඊයේ දිනයේදී සිදුවිය.
පන්සල, දහම් පාසල පෝෂණය කරයි. දහම් පාසල පන්සලට ශක්තියකි. මෙය අන්තර්පරායත්ත සබඳතාවකි. පන්සලට දහම් පාසලෙන් හෝ දහම් පාසලට පන්සලෙන් වියුක්ත ව පැවතිය නොහැකි ය. දහම් පාසල ප්‍රධාන වශයෙන් සඟ රුවනේ මෙහෙයවීමෙන් සහ නායකත්වයෙන් පාලනය වන්නකි. පවතින සමාජ, දේශපාලන, ආර්ථික ප්රවාහයන්ට මුහුණ දීමට දහම් පාසලට සිදුවේ. දහම් පාසල මෙතෙක් නොනැසී පවතින්නේ ඉහත පරිසරයන්ට සුදුසු ලෙස මූලික වටිනාකම් සුරකිමින් අනුගත වීම නිසාය. උචිතෝන්නතිය නිසාය. එහි ස්ථාවර පදනම ස් ස්වේච්ඡාව යි. විහාරාධිපති හිමියන්ගේ ශාසන සබඳතාවල ශක්තියයි. රජයේ සහ තරුණ බෞද්ධ සමිතියේ මෙහෙය වීම යි. දායක සභාවේ කැපවීම යි. ගුරු මණ්ඩලයේ බුද්ධිමය එළඹීම යි. දරුවන්ගේ උනන්දුව යි. දහම් පාසලක් යනු ඉහත සමස්තයේ එක්වීම යි.
මහාචාර්ය කමල් වලේබොඩ
ශ්‍රී විමලසිරි දහම් පාසලේ ගරු ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති පුජ්‍ය මොරකැටි ආරේ සුමනනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි දහම් පාසලේ ගුරු මණ්ඩලය, සිසු සිසුවියන් සහ ආදි ශිෂ්‍යයන්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම උත්සවය සදහා සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කල්‍යාණවංශ නිකායේ අනුනායක ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කොටපොළ අමරකිත්ති හිමියන්, මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියන්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, මහාචාර්ය කමල් වලේබොඩ ඇතුලු බොහෝ විද්වත් පිරිසක් සහභාගි විය.