දිගාසිරි පිංකම

author
0 minutes, 0 seconds Read

බුදුරජාණන්වහන්සේගේ පිරිනිවීම සිදු වුනත් අදටත් උන්වහන්සේගේ ධර්මයේ පැවැත්ම සඳහා පුරා වසර 2500 කට අධික කාලයක් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සුපෙශල ශික්ෂාකාමී සංඝරත්නය විසින් දම්වැලක පුරුක මෙන් පවත්වා ගෙන පැමිණ තිබේ.

සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවැතෙන මහා සංඝරත්නය විවිධ බාධක අභියෝග හමුවේ බුදුදහමේ චිරස්තිථිය වෙනුවෙන් ධර්මධර , විනයධර භික්ෂුන්වහන්සේලා විසින් ඉටු කරන ලද මෙහෙය මිළ කළ නොහැක 1958 වසරේ දී මධ්‍යම පළාතේ අඹගමුව කෝරළයේ මස්කෙළිය රජවත්ත ග්‍රාමයේදී උපත ලද මේ කුලදරුවාගේ ගිහි නාමය රන්නුලුගේ ප්‍රේමසිරි ලිවේරා නම් විය. යාන්තමින් වයස අවුරුදු 10 සපිරෙත්ම පෙර පින් මහිමය නිසාම පැවිදි බිමට ඇතුලත් වීමේ මහත් වූ කුසල මහිමය ඉස්මතු විය. ඒ නිසා 1968 වසරේදී රජවත්තේ වප්ප නමින් ප්‍රවෘජ්ජාව ලැබීය.

විසිවයස සම්පූර්ණ වෙත්ම උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ කුප්පියාවත්ත ජයසේඛරාමය නිත්‍ය නේවාසික විහාරස්ථානයේ වැඩ වාසය කළ අති පූජ්‍ය තලල්ලේ ධම්මානන්ද මහනාහිමිපාණන්ගේ ශිෂ්‍යයෙකු ලෙසින්ය.

සමස්ත අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ අතිගෞරණීය කොස්ගොඩ ධමම්වංශ නාහිමිපාණන්ගේ සහ අති පූජ්‍ය තලල්ලේ ධම්මානන්ද මහනාහිමිපාණන්ගේ සෙවනෙහි වැඩෙමින් , උන්වහන්සේලාගේ ගමන්මග යමින් වප්ප ස්වාමින්වහන්සේ විසින් සිදු කරන ලද සුවිශේෂී පුරෝගාමී මෙහෙයක් සිදු කරන ලදී.

එයින් අනතුරුව වප්ප ස්වාමින්වහන්සේ රාජගිරියේ ජයසේඛරාරාරාමය නිර්මාණය කරමින් සඟ සසුනට දායාද කළහ. උන්වහන්සේ තරුණ වියේ පටන්ම විචිත්‍ර ධර්ම කථික භික්ෂුන්වහන්සේ නමක් ලෙසින් ප්‍රකට විය. තමන්වහන්සේගේ දක්ෂතාවයෙන් ධර්මදානය කරනු වස් ඈත.

ගම්නියම්ගම් බලා වැඩම කළහ. අසරණ ජනතාවගේ ධර්ම ඥානය දියුණු කළා පමණක් නොව , මේ උතුම් ධර්ද්වීපය ආරක්ෂා කිරීමේ වගකීම ගැන සමාජය දැනුවත් කළහ.

2024 වසරේ ඔක්තෝබර් 03 වැනි දිනට පූජ්‍යපාද අමරපුර මහා නිකායේ සිරි සද්ධම්මවංශ පාර්ශවයේ අනුනායක ධුරන්ධර ශ්‍රි ජයවර්ධනපුර ජයසේඛරාධිපති ශාස්ත්‍රපති රජවත්තේ වප්ප ස්වාමිනවහන්සේ සිය ජීවිතයේ 66 වැනි වසර සමරනු ලැබේ.

67 වැනි වියට පා තබන උන්වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් රාජගිරිය , ජයසේඛරාරාමය කේන්ද්‍ර කර ගනිමින් , ලේ දන්දීමේ කඳවුරක් , දේශීය ආයුර්වේද කඳවුරක්, සහ අක්ෂි සායනයක් පැවැත්වීමටත් , ජූජ්‍ය යටගම රාහුල ස්වාමින්වහන්සේ
ප්‍රමුඛ විශේෂ සංඝයාවහන්සේලා විසින් එකසිය අටක් වු ඖෂධ පිංකමක් සිදු කිරීමටත් සංවිධානය කර තිබේ.

සග සසුන ශෝභවත් කළ මහා යතිවරයාණන්වහන්ස ,ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා.


ශාස්ත්‍රපති කොලොන්නාවේ නාරද හිමි

Similar Posts