ගැහැණු දරුවෙකුගේ හැමදාම සිහින මවන්නේ අනාගතයේ පවුලක් විදිහට දරු මල්ලන් තනා ගෙන ජීවිතය ගොඩ නගා ගන්න. ඉමිකා කුමාරිටත් ඒ සිහිනය පොදුයි. කාවන්තිස්සපුර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය එතැනින් පසුව රත්මලාන ඇගළුම් කම්ලක වසර පහක් සේවය කළා. මේ අතර ඇයට අනාගත සහකරු හමු වුණා. මේ හමුවීම විවාහයෙන්ම අවසාන වුණා. දියණිවරුන් දෛනකෙු සමග සතුටින් ගත කළ ඔවුන්ගේ ඒ සතුටු කැදැල්ල දෙදරා ගියා.
නමුත් ඇය සැලුනේ නැහැ. දියණිවරුන් දෛනා සමග ජීවිතයට මුහුණ දුන්නා. ඒ ලෙහෙසි පහසු ගමනක් නොවේ. දර මිටි බැඳ ගෙන පාරේ තියාගෙන වික්කා. දිවුල් ගෙඩි පාරේ තියාගෙන වික්කා. මගේ නිවස පිහිටා තිබෙන්නේ කතරගම තිස්ස ප්‍රධාන මාර්ගයේ. මම හම්බන්තොට “ ලකි ලක්ලුණු ” කර්මාන්තශාලාවෙන් ලුණු අරගෙන ඇවිත් බයිසිකලයක තියා ගෙන ගෙල් ගානේ ගිහින් ලුණු විකුණුවා. මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් අතේ බඳින පටි ගොතලා කඩවල් වලට දැම්මා.
මේ වැඩ විතරක් නොවෙයි, දරුවෝ පාසල් ගෙනියන්න ඒවත් කරන්න වුණා. මගේ තාත්තා දුන්න ඉඩමක පොඩිවට ගෙයක් හදා ගත්තා. තනි මවක් විදිහට දරුවන්ටත් ආරක්ෂාව ඕන. මගේ අම්මා තාත්තා පදිංචි නිවස අසලම මාත් ගෙදර හදා ගත්තාට පසුව දරුවන්ගේ ආරක්ෂාව ගැන මට බයක් දැනුනේ නැහැ. මගේ තාත්තා කුලී වැඩ කළේ. ලොකු ආර්ථික ශක්තියක් තිබුනේ නැහැ. නමුත් මටයි මගේ දරුවන්ටයි ආරක්ෂාව ලැබුණා. අපට බැරි වුන දවසට පිහිටට ඉන්නේ දෙමව්පියෝ විතරයි බව මම හොඳින්ම දන්නවා. ඒ මගේ ජීවිතයේ මම ලබපු අත්දැකීම් සමගයි.
විජලන තාක්ෂණය ගැන දැන ගන්න ලැබුනා
මේ විදිහට ජීවිතේ කොහොම හරි ගැට ගහගෙන යද්දී මට අසික පින්සර මහතාගෙන් විජලන තාක්ෂණය ගැන දැනගන්න ලැබුනා. ඒ මහතා මට පොඩි විජලන යන්ත්‍රයක් සහ බ්ලෙන්ඩරයක් ගෙනත් දුන්නා. ඒ යන්ත්‍රයෙන් කරපිංචා, යකිනාරං, කටුපිල, මුරුංගා වගේ කොළ විජලනය කළා.
මේ අතරේ තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික නිළධාරි මංජුලා මිස් මට ව්‍යාපාරය ලියාපදිංචි කරන්න අවශ්‍ය මාර්ගය කියා දුන්නා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුසන්ත සර්, ඉමංගි , රෝහිනි මිස් ඇතුලු බොහෝ දෙනෙක් මට උදව් කළා.
අද ඔබේ ව්‍යාපාරය
මේ විදිහට විජලනය කරන ලද කොළ තිස්සමහාරාමය, දෙබරවැව, කාවන්තිස්සපුර ඔසුසල්වලට දෙනවා. ඔන්ලයින් විදිහටත් විකුනනවා. කොරෝනා වසංගතය සමග කතරගමට යන එන බැතිමතුන් අඩු වුණා. ඒ නිසා දිවුල් අලෙවිය පහළ ගියා.මට විජලනය ගැන තිබෙන දැණුමත් සම්බන්ධ කර ගෙන දිවුල් වලින් නිෂ්පාදනයක් කරන්න හිතුනා. මගේ විජලන යන්ත්‍රයෙන් දිවුල් විජලනය කරලා පානයක් විදිහට ඉදිරිපත් කළා. මේවා සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි. කිසිම කෘතිම වර්ණකාරකයක් හෝ රස කාරකයක් එකතු කරලා නැහැ.
ව්‍යාපාරයට ලැබෙන සහයෝගය ගැනත්..
මගේ ලොකු දුව මේ වතාවේ උසස් පෙළ ලියනවා. එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.පොඩි දුව අට වසරේ. දරුවෝ ඉගෙන ගන්න දක්ෂයි.එයාලා දෙන්නා තැනකට ගන්න ඕන. මගේ එකම බලාපොරොත්තුව ඒකයි.
මම දැනට කොණ්ඩය සඳහා ඖෂධීය තෙල් නිෂ්පාදනය කරනවා.
ව්‍යාපාරයේදී ඇති ගැටළු ගැනත්..
මට දැනට තියෙන්නේ පොඩි විජලන යන්ත්‍රයක්. ඒ නිසා මහා පරිමාණයෙන් නිෂ්පාදන කරන්න අපහසුයි. දිවුල් අවාරයේදී සොයා ගන්න නැහැ. කොළ වර්ගවලටත් ඒ ප්රශ්නය තියෙනවා.
මගේ පදිංචි නිවස පොඩියි. ව්‍යාපාරයට කියලා වෙනත තැනක් හෝ නිෂ්පාදනාගාරයක් නැහැ. අනාගතයේදී ඒ වෙනුවෙන් වෙනම තැනක් ගොඩ නගා ගෙන ව්‍යාපාරයත්.. මගේ දරුවනුත් ඉදිරියට ගෙන යන්න ඕන. මගේ අනාගත අපේක්ෂාව එච්චරයි.
ඔබව සම්බන්ධ කර ගැනීමට නම් 071 6714687 මගේ වට්ස්ඇප් අංකයෙන් පුළුවන්.
එහෙමනම් තනි මවක් විදිහට දරුවන්ද රැක බලාගෙන ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ සියළු දුෂ්කරතාවයන් පැණිරසය සේ ඉවසා ගෙන ඇය යන මේ ගමනට අපෙත් සුබ පැතුම්..
සටහන -සිල්වා, සී