විජයග්රහණයට හරි මග ආචාර්ය හරිනි
මීට අවුරුදු කිහිපයකට කලින් පල වූ පුවත්පත් දැන්වීමක මෙසේ සඳහන් කර තිබිණි .එය විශිෂ්ට ලේඛක ඉසබෙල් අයියන්දේගේ කෘතියක් ජනගත කිරීමට සුවඳ හමුවක් මැයින් ලියැවී තිබුණි . එහි ආරාධිත දේශකයා ලෙස හරිනි අමරසූරිය මෙනවියගේ නම සඳහන්ව තීබූ අතර එය මා ඇයගේ දේශනයක් ඇසූ පලමු අවස්ථාව එය වේ.
මෙම සිදුවීමෙන් පසු දිගින් දිගටම ඇයගේ නම හා බැඳුණු පුවත්පත් වාර්තා මට නිතර නිතර කියවන්නට පෙළඹීමක් ඇති විය. ඒවාගෙන් බොහොමයක් සමාජ ක්රියාකාරීත්වයන් හා දේශපාලන භූමිකාවන් එලි දැක්විණි . එසේනම් අප මේ කතා කරමින් සිටින්නේ වර්තමානයේ අග්රාමාත්රවරිය වන ජාතික ජන බලවේගය නියෝජනය කරන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකින් පාර්ලිමේන්තුව ආ යකඩ ගැහැනියක් ගැනයි.
විදෙස් විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යාපනය හදාරා ඇති ඇය සමකාලීන දේශපාලනය තුළ කාන්තාවගේ භූමිකාව මැනවින් ඉටුකරන ශ්‍රේෂ්ඨ චරිතයකි .
පක්ෂය තුළ තිබූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හිමිවීමට තරම් ඇය කොතරම් දක්ෂ ලෙස වැඩ කර ඇතිද යන්න ගෙවී ගිය සති කිහිපය තුළ සරල ජීවිතයක් වගකීම් සහගත රටේ දෙවන පුරවැසි භූමිකාව මැනවින් ඉටු කරන අන්දම තුළම පෙනී යයි .
එවකට පැවති ආණ්ඩුවේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළිකරමින් නොබියම ජනතාව සමඟ පෙරට සිට ගනිමින් විවිධාකාර අරගල වල නිරත වූ ඇය ජල පහර හා කඳුළු ගෑස් වැනි සමාජ පීඩන පාලන උපකරණ තුළින් නිරතුරුවම තැලුම් කෑහ .
සියයට තුනක ජන බලයක් තිබූ ජාතික ජන බලවේගයට යෝධ ශක්තියක් දීමට ඇයට හැකි වූයේ ගැහැණු අපි එක මිටට වැනි සංවිධාන මගින් බිම් මට්ටමේ ජනතාව යන්තර දැනුමෙන් හා තොරතුරු වලින් සන්නද්ධ කිරීම තුළය .
පළාත් පාලන ඡන්දය නොසිතූ ලෙස කල්යාමත් සමග ගැටුම් වෙනුවට බුද්ධිමත් තීරණ මගින් නඩු මාර්ගයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් රැක ගැනීමට ක්‍රියා කරන ලද්දේ ඔවුන්ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති කැරලිකාර අදහස්ද පාලනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්ද අයිතිය දිනා ගැනීමට හා ඒ තුළින් මහජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත් ඇය ප්රමුඛ ජාතික ජන බලවේගයට හැකි විය .
ඇයගේ නැගී සිටීම ගැන විරුද්ධ මත දරන පිරිස් කොතරම් බිය වූවාද යත් විවිධ අභියෝග සමච්චල් නිතර නිතර පාර්ලිමේන්තුව තුළත් පිටත් ඇයට ඍජුවම එල්ල විය .
බොහෝ දේශපාලන වැඩසටහන්වලදී තවත් මන්ත්‍රීවරියන්ම ඇයව නින්දිත ලෙස ගැරහුව ද අද වන විට ඒ ඒ සියලු චෝදනා බොරු කරමින් අගමැති වීමට පෙර සිටම භාවිතා කරන ලද ඩබල් කැබ් රථය පමණක් භාවිතා කරමින් තමන්ගේ උගත්කම මොනවට පිළිබිඹු කරයි .
සමාජ ක්‍රියාකාරිනියක වශයෙන් දැනටත් ඇය කටයුතු කරන්නේ අගමැතිකම පසෙකින් තබා සරල කාන්තාවක් ලෙසයි . මීට දෙදිනකට පෙර සතුන් වන්ද්‍යා කරන වැඩසටහනකට ඇය සහභාගී වී බලු පැටියෙක් සුරතල් කරන ලද්දේ තනතුර පසෙක තබාය .
අගමැතිකම බාරගත් දින සිට ඇය වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගෙන ඇති බව සිහිපත් කරමි.
ඒ අතර පාසල් ළමුන් දේශපාලකයන්ට වැද වැටීම, නැවැත්වීමට ගත් තීරණය ජාතියේ පැසසුමට ලක්විය යුතුම තීරණයකී.
පෙර පාසල් ගුරුවරියන් අනිවාර්යයෙන් උපාධිධාරීන් විය යුතු බවත් අට ශ්‍රේණිය දක්වා තරගකාරී විභාග අහෝසි කර දරුවන්ට සැහැල්ලුවෙන් ඉගෙන ගැනීමට හැකි පරිසරයක් සෑදීමද ඇය ගත් වැදගත් තීන්දු තීරණයකි .
අතීතය ශ්‍රී ලංකාවේ සිවිල් සේවයේ නියුතු වැදගත් පුරවැසියන් දේශපාලනය කරන ලදී ඔවුන් කිසිදු වරදාන වරප්‍රසාද පසෙකලා රටේ මහජනතාව වෙනුවෙන් තම ශ්‍රමය දහඩිය මහන්සිය කැප කරන ලදී අවුරුදු හැත්තෑ හයකට පසු නැවත අපට එම යුගය උදා වෙමින් තිබේ ඒ අපි සියවස් ගණනක් දුටු සිහිනයකි. ඒ සිහිනය සැබෑ කරන්නට මිනිසෙක් වගේම ශක්තිමත් ගැහැණියක් අපට සිටි . ඒ අපේ අගමැතිතුමියයි .
අතීතයේ හොරුන් දූෂිතයන් මංකොල්ලකරුවන් වැනි පිරිස් පැමිණ සිදුකරන ලද විනාශය නිසා අපේ රටේ මහජනතාවට හා දූ දරුවන්ට පාර්ලිමේන්තුව තහනම් කරන ලදී . දෙහිවල තිබෙන අපගේ ජාතික සත්වෝද්‍යානය පවා කිසි දිනෙක තහනම් කර නොමැති පසුබිමක සත්තුන්ටත් වඩා නොහික් මුණු මිනිසුන් විසින් අප පාලනය කරන ලදී
ඒ වෙනුවට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රැගෙන සහෝදරත්වය දෑත් අප වෙත දිගු කරන අනුර ප්රමුඛ රජයට ලොකුම ශක්තිය සපයන ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ නායකත්වය මත ජයග්‍රාහී ගමනක් තුලින් රටේ ණය බර අඩුකර නිෂ්පාදන ආර්ථිකයක් තුළින් අපනයන වෙනුවට ආනයන වැඩිකර දේශීයත්වය හා සංස්කෘතිකාංග රැකගෙන විවිධත්වය හා සමානාත්මතාව තුළින් කැමති ආගමක් ඇදහීමට හැකි වචනය පරිසමාර්ථ අර්ථයෙන්ම නිදහස් නිවහල් රාජ්‍යයක් කරා ගෙන යාමට හැකිවේවායි රට හරිමගකට ගන්නට සැරසෙන, කැපවෙන ,ආණ්ඩුවට සුභ පතමි .
තරුණ කාන්තා නියෝජනයක් අපට අවශ්‍ය වේ. හරිණිගේ මග අනුව යන අම්බිකා සහෝදරිය ඇතුළු තරුණ කාන්තාවන් රැසක් තොටිල්ල පැත්තකින් තබා දේශපාලනය තුළ තමන්ගේ භූමිකාවන් ඉටු කර ගැනීමට දරන ප්රයත්න සඵල කර ගැනීමට රටේ සියලු ජනතාව සූදානම් විය යුතු කාලය එළැඹ ඇත .
සටහන – දෙමිදු පසන්