නත්තලට වෙන්වූ රසම රස පලතුරු සලාදයක්

author
0 minutes, 0 seconds Read

ඔබේ නත්තල් කෑම මේසයට රසයෙන් හා ගුණයෙන් අනූන ශ්‍රී ලාංකීය රසයෙන් යුතු පලතුරු සලාදයක් සාදන ආකාරය  රසට රසක් විශේෂාංගය තුළින් ඔබට ගෙන එන්නට සූදානම්.

අමුද්‍රව්‍ය :
කපා ගත් ඉදුණු පැපොල් කැබලි
කපා ගත් අන්නාසි කැබලි
කපා ගත් පේර කැබලි
කපා ගත් කෙසෙල් කැබලි
දෙළුම් ඇට
බැදපු රටකජු හෝ කජු කෝප්ප 1/2
දෙහි යුෂ තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1
ඉඟුරු ඉස්ම තේ හැඳි 1
මී පැණි හෝ කිතුල් පැණි මේස හැදි 1ක්
ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:

  1. විශාල භාජනයකට පැපොල්, අන්නාසි, පේර, දෙළුම් ඇට සහ කෙසෙල් එකතු කරගන්න.
  2. වෙනම කුඩා භාජනයක් තුළ, දෙහි යුෂ, මිරිස් කුඩු, තුනපහ කුඩු, ඉඟුරු ඉස්ම, මී පැණි සහ ලුණු මිශ්‍ර කර රසකාරක, කුළුබඩු සහිත මිශ්‍රණය සාදා ගන්න.
  3. පළතුරු මත එම මිශ්‍රණය වත් කර පලතුරු කැබලි වල හොඳින් තැවරෙන තෙක් මෘදු ලෙස කලවම් කරන්න.
  4. මිශ්‍රණය උඩින් බැදගත් රටකජු හෝ කජු ඉසින්න. රස අනුව මී පැණි හෝ කිතුල් පැණි ටිකක් ද මිශ්‍රණයට උඩින් එකතු කළ හැකියි.
  5. විනාඩි 20-30 ක් සිසිල් කර පිළිගන්වන්න.

මෙම පළතුරු සලාදය මඟින් ආයුර්වේදයේ සඳහන් සියලු රසයන් අඩංගු වන නිසා දෝෂ සමතුලිත කරයි. උත්සව සමයේ තෙල්, රසකාරක ආහාර වලින් මිදී මෙවැනි සෞඛ්‍ය සම්පන්න ආහාර වලට යොමු වීම තුළින් ඔබේ උත්සව කෑම මේසය රසින් හා ගුණයෙන්ද පිරී යනු නොඅනුමානය.

සටහන – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය

Similar Posts