මගේ නම ශ්‍රිපාලි නුවන්ති. මගේ ගම මාතර වලස්මුල්ල. වලස්මුල්ල ජාතික පාසලෙන් උසස් පෙළ ගණිත අංශයෙන් සමත් වුන මම කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයෙන් ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව ලබා ගත්තා. එතැනින් පසුව මම සහකාර ඉංජිනේරුවරියක් ලෙස ආයතන ගනණාවක සේවය කළා.
අද වෙන විට ඔබ
මම විවාහයෙන් පසුවත් රැකියාවේ යෙදුනා. දරුවා ලැබීමෙන් පසුව මම රැකියාවෙන් අයින් වුණා. නමුත් ඒ නැවත රැකියාවට සම්බන්ධ වෙන අදහසින්. ව්‍යාපාරයක යෙදෙන්න නම් මගේ හිතේ අදහසක් තිබුනේ නැහැ.

එහෙමනම් ඔබට එවැනි අදහසක් ඇති වුනේ
දරුවා ලැබුනාට පසුව මම ටික කාලයක් අපේ ගෙදර හිටියා. මේ කාලයේදී මගේ යාළුවෙක් මේ වගේ නිර්මාණ හදලා කඩවල්වල අලෙවි කළා. හැබැයි එයාගේ පුංචි පුතා සමග මේවා කරන්න අපහසුතාවයකින් සිටියා.
ඒ හිස්තැන ඔබ විසින් පුරවන්න පටන් ගත්තා
ඔව් මගේ යාළුවාට දැන් මේ නිර්මාණ කරන්න අපහසු නිසා එයා මට මේ වගේ ච්චැර ජර්ඓි අ්කක ය්බටැරි සහ මැක්‍රම් නිර්මාණ කරලා අලෙවි කරන්න පුළුවන් බව කිව්වා. මටත් ඒ ගැන කැමැත්ත තිබුණා. ඒ නිසා මමත් නිර්මාණ හදන්න පටන් ගත්තා . මටත් ඒ කලාව පිහිටලා තිබුන බව එක දෙකක් හදද්දී මටම තේරුණා.
ගර්භණී මව්වරුන් අතරේ මේ නිර්මාණ ජනප්‍රිය වෙයි කියල මම හිතුවා. ඇත්තටම මගේ සිතුවිල්ල හරි ගියා. බබාලා ලැබෙන්න ඉන්න අම්මලා අතර මේවා ජනප්‍රිය වුණා.ඒ වගේම අලුත් බබෙක් ගෙදරට ගේන විට මේ වගේ නිර්මාණ වලින් පැටියාගේ කාමරය ලස්සන කරන්නත් මේවා යොදා ගන්න පුළුවනි.
සමාජ මාධ්‍ය වලට මේ පණිවිඩය ලැබුනේ.
මට මේවා අලෙවි කරන්න දැන් මාර්ගයක් අවශ්‍ය නිසා මම ෆේස් බුක් පිටුවක් පිටුවක් හැදුවා. ඒ පිටුව “Sri crafts creation” යනුවෙන් නම් කළා. මගේ නිර්මාණ මේ පිටුවට දැම්මා. ඇතත්ටම ඒ නිර්මාණ වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා.
ඇනවුම් ලබා ගන්නේ කොහොමද?
ඇනවුම් ලැබුනාම මම ඒවා එක්දින කුරියර් සේවාව මගින් සැපයුම් කරනවා.

අලෙවිසැල්වලට දානවද?
ඔව් මම මාතර ප්‍රදේශයේ අලෙවිසැල්වලටත් මේ paper crafts wall hangers සහ මැක්‍රම් අලෙවිය වෙනුවෙන් ලබා දෙනවා.
ඊට අමතරව.
මම උපන්දින තෑගි, ගෙට ගෙවදීම් , සුබ පැතුම් පත් , වගේ දේවල් නිරමාණය කරනවා. ඒ වගේම මේවා හදන්න මම හරිම ආසයි. මමත් අම්මා කෙනෙක් නිසා තවත් අම්මෙක් දරුවෙක් සතුටු කරන්න ලැබීමත් හිතට සතුටක්.
ඒ වගේම මගේ නිර්මාණ දවසින් දවස අලුත් කරනවා. එකාකාර නොවී මේ විදිහට විවිධ නිර්මාණ මම මගේ එකතුවට ඇතුලත් කරනවා. කාට හරි අවශ්‍ය විදිහක් කිව්වොත් ඒ විදිහට හදල දෙන්නත් මට පුළුවනි.

මේ නිර්මාණ අවශ්‍ය අයෙකු ඉන්නවා නම්
මේ ගැන කැමැත්තක් හෝ උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මෙම 0714204915 දුරකථන අංකයෙන් සම්බන්ධ වෙන්න පුළුවනි. ඒ වගේම තමන්ගේ අතේ හැකියාව තිබෙනවා නම් නිවසට වෙලා සිටින ගෘහණියන්ටත් මේ වගේ නිර්මාණ හදලා හැඩ බලන්නත් පුළුවන්. කාන්තාවකගේ හැකියාවන් ගැන බොහෝ විට ඒ අයවත් නොදන්න අවස්ථාවන් බොහොමයි. ඉතින් එහෙමනම් මේ වගේ කලාවක් විනෝදාංශයක් විදිහට ඔබටත් කරන්න පුළුවනි.
සටහන
සිල්වා, සි