අපගේ 68 වන ජන්ම දිනය නිමිති කරගෙන අප විසින් රචිත “නූතන ථෙරී අපදාන” කෘතිය සහ “ධර්ම ශාස්ත්‍ර වීමංසා” ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම පසුගිය (03) වන දින පෙරවරුවේ කැළණිය, මානෙල්වත්තේ පිහිටි අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු, අස්ගිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සිය ගණනක් මහාසංඝරත්නයේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සව සභාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍යපාද මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් දෙසුම් පවත්වන ලදි.








