වත්මන් තාක්ෂණය මිනිසාගේ ජීවන චක්‍රීය කෙරෙහි බොහෝ සෙයින් බැඳී පවතින බව කාටත් නොරහසක්.
X, Y, Z පරම්පරා මුල් කොට ගනිමින් අද අප ඔබත් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ පරම්පරා හා බැඳි පුද්ගල නායකත්වය පිළිබඳවයි.
Emotional intelligences

Emotional intelligences පිළිබඳව කතාබහ කිරීමේ දී එය Emotional leadership කියලත් අපි හඳුන්වනවා. නායකත්වය ගැන කතාබහ කිරීමේදී විශේෂයෙන්ම නායකත්වය පිළිබඳ කියවෙන Trait theory and behavioral theory ගැන පසුගිය ලිපි කිහිපයේදී සාකච්ඡා කළා. නායකයෙක්ගේ ගති ලක්ෂණ කොහොමද, නායකයෙක්ව පුරුදු පුහුණු කරන්නේ කොහොමද මෙන්න මේ වගේ දේවල් තමයි පසු නායකත්වය කියන එකේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කළේ. නායකත්වය පිළිබඳ ව එකී කරුණු එක්ක බැදෙන තවත් පොඩි කාරණාවක් තියෙනවා. මේකට කියන්නේ emotional intelligence කියල.
emotional intelligence පිළිබඳ පළමුවරට හඳුන්වාදීමක් සිදු කළේ 1960 දශකයේදී. මේවත් එක්ක සම්බන්ධ වන තව කාරණා කිහිපයක් තියෙනවා. මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙන මාතෘකාවක් තමයි අපේ Generation ගැන. Generation beta කියන එක 2025 සිට 2039 දක්වා අයිති වෙන පරම්පරාවක්. ඊට කලින් පරම්පරාව හඳුන්වනවා Generation Alpha කියලා. 2010 සිට 2024 දක්වා කාලය ඉපදිච්ච පරම්පරාව. මේ වගේ අලුත් පරම්පරාවල් ඇති වෙනකොට මේ පරම්පරාවල නායකත්වය පිළිබඳ තියෙන මේගොල්ලොන්ට තියෙන ගති ලක්ෂණ වෙනස් වෙනවා. ඒවත් එක්ක අපි මේ න්‍යායන් ඉදිරිපත් කළාට මේ න්‍යායන් ඇත්තටම ප්‍රායෝගික වෙද්දි අපි අර පුද්ගලයා කියන එක්කෙනා පිළිබඳව සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනෙ.
නායකයා හෝ එයාගේ අනුගාමිකයා හෝ දෙන්නාම තුළ නායකත්වය තියෙන හැම තැනකම followers ලා ඉන්නවා. දෙගොල්ලන්ගෙම ඉලක්කය එකයි.ඒ ගෙනියන ඉලක්කය නායකයා විසින් මෙහෙයවනවා
අනුගාමිකයා එයාව අනුගමනය කරනවා. මේ කියන දේවල් වලදි නායකයා කොයිවගේ පුද්ගලයෙක් කියන එකද මත එයාගේ emotion

දැන් අපි කතා කරපු Generation Alpha 2010 සිට 2024 කාලය දක්වා ඉපදෙච්ච පරම්පරාව කියලා අපි හඳුන්වනවා. මේ අවුරුද්දේ සිට 2039 දක්වා කාලය තුළ ඉපදෙන අයට Generation beta කියලා කියනවා. මෙවැනි වගේ සංකල්ප සමාජ විද්‍යාඥයින් හඳුන්වලා දීලා කාණ්ඩ ගත කරලා යම්කිසි කොටසකට ඇතුලත් කරන්න උත්සාහ කරනවා. නමුත් මේවයේ යම් කොටසක් කියනවා මෙය එහෙම තමයි කියලා. තවත් කොටසක් කියනවා එහෙම නැහැ කියලා.මෙය ගොඩක් බටහිර රටවල් වල තමයි මේ වර්ගීකරණය කරගෙන යන්නේ. Generation Alpha සහ Generation beta වලට කලින් පරම්පරාව තමයි generation Z කියලා හඳුන්වන්නේ.
Generation Z
Generation Z ගැන කතා කරොත් සාමාන්‍යයෙන් 1997 සිට 2010 කාලය තුළ ඉපදිච්ච පුද්ගලයන්. ඔවුන්ට zoomers කියලත් හදුන්වනවා . තාක්ෂණය ඇවිල්ලා ඉන්ටනෙට් එකේ සෝෂල් මීඩියා ජනප්‍රිය වෙන කාලවල තමයි මේගොල්ලෝ ඉපදිලා තියෙන්නේ. උදාහරණයකට 2010 වෙනකන් කාලය තුළ තාක්ෂණය වුණ දියුණුවක් තමයි ලෝකයේ. අපි කියන්නේ කාර්මික විප්ලවයේ හතරවෙනි අදියරේ කියලා. මේවත් එක්ක අපි මේ කියන Generation Z කියන පරම්පරාව ඔවුන්ගේ යම් යම් හැසිරීම් රටාවල්, සිතුම් පැතුම්, ලෝකයේ දිහා බලන විදියේ යම් වෙනස්කම් වලට ලක්වුණා.
Generation Y
මොවුන්ට කලින් පරම්පරාව කියන්නේ මිලේනියර්ස් නැත්නම් Generation Y. එම පරම්පරාව 1981 සිට 1996 වන කාලය දක්වා ඉපදුණු පුද්ගලයන්. මේ පරම්පරාව ගත්තොත් ඔවුන් ගොඩාක් ක්‍රමානුකූලව තමයි වැඩ කරන්න කැමති. ඒ කාලේ තාක්ෂණය කියන එක ගොඩක් ජනප්‍රිය තිබුණේ නැහැ. මොවුන්ගේ ළමා කාලයේදී තමයි මේ පරම්පරාවේ යම් යම් වෙනස් ඇතිවෙන්න පටන් ගන්නේ. ඔවුන්ගේ කාලයෙදී පැවති තාක්ෂණික උපකරණ, සංස්කෘතිය, යම් යම් ක්‍රම සහ යම් යම් මතවාද තියෙන්න පුළුවන්. මේවත් එක්ක තමයි ඔවුන්ගේ ළමා කාලයේදී ඔවුන්ට හැඩගැහෙන්න සිදු වුණේ.
ඒකයි මේ Generation කියලා කියන එක කියන එකේ වටිනාකම තියෙන්නේ . නායකත්වය කියන එක අද ගත්තොත් ලෝකයේ තියෙන සමාජයට වැදගත් කාරණාවක් තමයි මේක අපි තේරුම් ගන්න ඕනා .
අපි දැන් ගත්තොත් සාමාන්‍යයෙන් දැන් ලෝකයේ වැඩිහිටියෝ බහුතරයක් Generation Y කියන එකේ අය. අද වන විට ඔවුන් අවුරුදු 40 වගේ එන වයස් සීමාවේ තමයි ඉන්නේ. ඔවුන්ව මිලේනියර්ස්ලා කියලත් හදුන්වනවා . 1981 ඉපදුන කෙනෙක් මේ වෙනකොට වයස අවුරුදු 44ක් විතර වෙනවා. 1996 ඉපදුණු කෙනෙක් ගත්තොත් එයාට දළ වශයෙන් අවුරුදු 30ක් විතර වෙනවා. අපි දැන් ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ මැද කළමනාකරණය middle management හෝ top management එකට ආසන්නව තමයි ඉන්නේ. මොවුන්ට ගැටෙන්න සිද්ධ වෙන්නේ ඊළඟට පහත මට්ටමේ ඉන්න generation z එකේ කට්ටියත් එක්ක. ඒ කියන්නෙ 1997 සිට 2010 වෙනකම් ඉපදිච්ච අය සමග. මොවුන් ගත්තොත් දැන් අවුරුදු 18ත් 30ත් අතර අය. ඔවුන් දැන් මොවුන්ගේ වෘත්තිය ආරම්භක අවධියේ ඉන්නේ. මොවුන්ගේ හැසිරෙම් රටාවන්, සිතුම් පැතුම්, මොළේ වැඩ කරන විදිහ වෙනස්. මේ වෙනසත් එක්ක ඔවුන්ව කළමනාකරණ පිරිස Generation y එකේ අය. ඔවුන් සාමාන්‍යයෙන් ගැටෙන විදිය වෙනස්. ඔවුන්ගේ හැසිරීම්, ඒ හැමදේම ආකල්ප වෙනස්. මේ අතර ලොකු mis match එකක් තියෙනවා.
උදාහරණයක් විදිහට අපි ආයතනයකට ගියාම සාමාන්‍යයෙන් ආයතනවල ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේ ප්රශ්නවල මූලිකම කොටසක් තමයි මේ පිරිස් කළමනාකරණය සහ පුද්ගලයෝ අතර තියන ගැටළු. මේවා විසඳන්න සාමාන්‍යයෙන් බාහිරින් විශේෂඥයෝ ගෙන්නනවා. සමහර අවස්ථාවන්වලදී මා හටත් ඉහළ කළමනාකාරිත්වයෙන් ගැටළු විසඳීමට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් මෙතැනදී මම තේරුම් ගත්ත දෙයක් තමයි Generation Z එක මොවුන් බොහෝම ඉක්මන් තීරණ ගන්නා බොහෝම කලබලයට පත්වෙන ආවේගශීලීව හැඟුම්බර එහෙම පිරිසක්. මොවුන් ඒ මොහොතේ තමයි දේවල් තීරණය කරන්නේ.
මෙහෙම වෙන්න හේතුව මොකක්ද?
මෙහෙම වෙන්න හේතුව තමයි මොවුන් තාක්ෂණයත් එක්ක තමයි ඔවුන්ගේ ළමා කාලය ටික ටික දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඔවුන් පාසල් යනකොට සහ අධ්‍යාපනය ලැබෙන කාලය වෙනකොට මොවුන්ට පරිගණකය අන්තර්ජාලය සමාජමාධ්‍ය මේවා හැමදේම ලැබෙන්න පටන් ගන්නවා. කුඩා කාලේ ඉඳලම මොවුන්ගේ මොළය භාවිත කරන විදිහ තාක්ෂණයක් එක්ක වෙනස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔවුන්ට යම්කිසි දෙයක් පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන් කාලසීමාව හරිම අඩුවක් තියෙනවා Generation Y එකත් එක්ක ගත්තොත්. Generation Y එක ගත්තොත් ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව, වැඩ කරන පිළිවෙල වෙනස් මේ Generation Z එකත් එක්ක.
මේ හැමදේම එක්ක ගැටෙන්නේ ආයතනයක් ඇතුලේ නායකත්වයත් සමඟ. එතකොට මෙහි අවසානය සිදු වෙන්නේ ගැටුම් හට ගැනීමත් එක්ක. දැන් ගොඩක් අපි හිතල බැලුවොත් අප දන්නා ආයතනයක් හෝ සමාජයේ සංවිධානයක් ගැන හිතුවොත් එහි පුද්ගලයෝ අතර සහ මට්ටම් දෙක අතර ගැටීම් තියෙනවා. තරුණයන් විදියට අලුතෙන් ආරම්භ කරන නවකයෝ දක්වන අදහස් වලට වඩා ගොඩක් වෙනස් අර ඉහළ මට්ටමේ ඉන්න පිරිස තුළ තියෙන අදහස්. ඔවුන් ටිකක් system එකට අනුකූලව තමයි වැඩ කරන්න කැමති. හැබැයි අර Generation Z කට්ටිය එහෙම නෑ. ඔවුන්ට ඒක ඉක්මනට කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඉවසීම අඩුයි. එතකොට උපදෙස් කරන්න හදනකොට Generation Z එකේ අය තමන්ගේ ගමන යන්න හදන්නේ ගොඩක් වේගයෙන්. ඉතින් මෙතනදි ගැටුම් ඇතිවෙනවා. මෙවැනි ගැටුම් ඇතිවෙනකොට ගොඩක් වෙලාවට ආයතනයක් විදියට කළමනාකාරීත්වයෙත් ගැටලු ඇති වෙනවා.
එසේනම් විසදුම කුමක්ද?
එතනදී මේ දෙගොල්ලගේම mismatch එක emotional leadership වලින් තමයි හදාගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදියට මොළය වැඩි කරන විදිහ ගත්තොත් වම් පැත්තෙ මොළෙන් කරන්න දේවල් ටිකක් තියෙනවා සහ දකුණු පැත්තෙන් මොලේ කරන දේවල් ටිකක් තියෙනවා. වම් පැත්තෙ මොළෙන් වැඩිපුර පාවිච්චි කරන්නේ Generation Z කට්ටිය Generation Y කට්ටිය පාවිච්චි කරන්නේ දකුණු පැත්තේ මොළය. මේ mismatch එක තමයි අපි හදන්න උත්සාහ කරන්නේ. මේ වගේ අවස්ථාවකදී අපි ගොඩක් වෙලාවට බලන්න මේ දෙගොල්ලොන් අතර යම්කිසි මැද තැනකට ගේන්න පුළුවන්ද කියලා. සමහර අවස්ථාවන් වලදී සමහර ආයතන වල ඉහළ කළමනාකාරිත්වයේ අදහස තමයි Generation Y ගත්තොත් ඒ වයස් පරාසය තුළ මැනේජර් කෙනෙක් කියලා හිතමු. එක manager කෙනෙක් ඉන්නවා. එයාට team එකක් ඉන්නවා. ඒ කණ්ඩායමේ දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉන්නවා. මේ පිරිස හදනවට වඩා කණ්ඩායමේ නායකත්වය හිමි පුද්ගලයාව හදන එක ලාබයි සහ පහසුයි. මෙන්න මේ වගේ ගැටලු තියෙනවා. සමහරවිට මැනේජර්ගෙ ක්‍රියාපටිපාටිය සහ ක්‍රමවේදය හරි නමුත් අනුගත නොවන අවස්ථා තිබෙනවා ඉතින් ඒ අවස්ථාවන්වලදී ආයතනය තීරණය කරනවා සමහර කණ්ඩායමේ සිටින පිරිස වෙනස් කරනවාට වඩා කණ්ඩායමේ නායකත්වය හිමි ඒ පුද්ගලයාව වෙනස් කිරීම පහසුයි කියලා.
ඉතින් මේ ආකාරයට පරම්පරා පිළිබඳ අධ්‍යයනයේදී අලුත් දේවල් බොහෝ ප්‍රමාණයක් පරම්පරා සමග බැඳී පවතිනවා. Emotional intelligence Emotional leadership කියන එකත් එහි එන ඉතාම වැදගත් කොටසක්.
ලබන සතියේ බලාපොරොත්තු වන්නේ Emotional intelligence හි අන්තර්ගත වැදගත් කරුණු රැසක් ඔබත් සමග සාකච්ඡා කිරීමටයි.
වැඩිදුර විස්තර – https://www.youtube.com/watch?v=sHH6T2zyrIo
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ