ප්‍රතිශක්තිය වඩවන ඖෂධීය පාන

author
0 minutes, 2 seconds Read

අපගේ දෛනික ආහාර වේලට අමතරව ශරීරයට ප්‍රතිශක්තියක් ලබාදෙන හෙල වෙදකමේ සඳහන් ප්‍රතිශක්තිය වර්ධනය කරන කැද වර්ග හා ඔසු පැන් නිවසේ සිටම සකසා ලබා ගත හැකි නම් එය කෙතරම් අගනේද?

එසේනම් අද අප සූදානම් වන්නේ එලෙස නිවසේ සිටි ඉතාමත් පහසුවෙන් සකසා ගත හැකි ඖෂධීය පාන වර්ග කිහිපයක් වෙත ඔබේ අවධානය යොමු කිරීමටයි.

1.කාය ශක්තිය වඩවන සහල් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය ( එක් අයෙකු සඳහා )

සහල් මිටක් ( දේශීය සහල් නම් වඩා සුදුසුයි)

සිහින්ව කපා හෝ තලා ගත් ඉඟුරු තේ හැඳි 1/2ක්

සිහින්ව කපා හෝ තලා ගත් සුදුළූණු තේ හැඳි 1/2ක් ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදා ගන්නා ආකාරය

ඉහතින් සඳහන් කර ඇති ද්‍රව්‍ය හොඳින් සෝදා මැටි බඳුනකට දමා අවශ්‍ය පමණට ජලය යොදා ලිප තබා කැඳ පදමට සකසා ගන්න

දිනකට වරක් හෝ දෙවරක් ප්‍රධාන ආහර වේලට පෙර පානය කරන්න

මෙමඟින් ,

ආහාර රුචිය වැඩි කරවයි
ආහාර ජීර්ණය පහසු කරවයි
කාය ශක්තිය වර්ධනය කරවයි
උණ ඇත්නම් උණ අඩු කරවයි
ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරවයි

2. ආහාර රුචිය වඩවන තැම්බුම් හොදි

අවශ්‍ය ද්‍රව්‍ය

සූදුරු තේ හැඳි 1ක්
කොත්තමල්ලි තේ හැඳි 2ක්
රතුළූණු ගෙඩි 5ක්
සුදුළූණු බික් 5ක්
ගම්මිරිස් ඇට 10ක්
උළුහාල් තේ හැඳි කාලක්
ගොරකා කෑලි 4ක්
ඉඟුරු අඟලක කැබැල්ලක්
කුරුඳු පොතු අඟලක කැබැල්ලක්
මුරුංගා පොතු අඟලක කැබැල්ලක්
කරපිංචා මිටක්
අමුමිරිස් කරල් 3ක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සකසා ගන්නා ආකාරය

කොත්තමල්ලි හා සූදුරු පැය භාගයක් පමණ වතුරේ පෙඟෙන්නට හරින්න

රතුළූණු සිහින්ව කපා ගන්න

අනෙක් ද්‍රව්‍ය ද හොඳින් අඹරා ගන්න

ඉහත සියල්ල පිරිසිදු මැටි බඳුනකට දමා වතුර අඬුකෝප්ප 6ක් පමණ එක් කර මඳ ගින්නේ විනාඩි 15ක් පමණ හැඳිගාමින් හොඳින් තම්බා ගන්න

දෙහි ඇඹුල් ස්වල්පයක් එක්කර ලිපෙන් බා ගන්න.

තැම්බුම් හොදි කෝප්ප භාගයක් රාත්‍රී ආහාරයට පෙර ගන්නවා නම් වඩාත් සුදුසුයි.

මෙමගින් ,

ආහාර රුචිය වර්ධනය කරයි
ආහාර දිරවීම පහසු කරයි
සෙම් රෝග අඩු කරයි
සිරුර අභ්‍යන්තරයේ තැන්පත් වූ අනවශ්‍ය ස්නේහ කොටස් , විෂ කොටස් , අපද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කරයි
රුධිර නාල පිරිසිදු කරමින් රුධිර සංසරණය ක්‍රමවත් කරයි
ප්‍රතිශක්තිය වර්ධණය කරයි

3. ප්‍රතිශක්ති වර්ධක සුවධරණී

අවශ්‍ය ද්‍රව්‍ය

කොත්තමල්ලි කොටස් 4යි (උදා – 40g)
වෙනිවැල්ගැට කොටස් 2යි (උදා – 20g)
වියළි ඉඟුරු කොටස් 1යි (උදා – 10g)
හීන් අරත්ත අල කොටස් 1යි (උදා – 10g)

සකසා ගන්නා ආකාරය

මේවා හොඳින් පිරිසිදු කර වේලා ගන්න

කොත්තමල්ලි මදක් කබලේ බැද ගන්න

සියල්ල සියුම්ව කුඩු කරගෙන පිරිසිදුව ඇසුරුම් කර ගන්න

වරකට තේ හැඳි 1 බැගින් උතුරන වතුර අඬු කෝප්පයකට දමා තැම්බීමට වසා තබා මඳ උණුසුමෙන් සීනි හෝ මීපැණි දමා පානය කරන්න

දියවැඩියා රෝගීන් මීපැණි හෝ සීනි නොදමා භාවිතා කරන්න.

නොකඩවා භාවිත කරන්නේ නම් සති දෙකකට වරක් දින කිහිපයක විරාමයක් ගෙන නැවත භාවිත කළ හැකියි.

ඖෂධ වියළා ගැනීම අපහසු නම් අමු ඖෂධ භාවිතා කරන්න. නමුත් කොත්තමල්ලි කබලේ බැද ගැනීමට අමතක නොකරන්න.

එමෙන්ම සාමාන්‍යය සෙම්ප්‍රතිශ්‍යාවට, කැස්සට සහ හතිය වැනි ලෙඩ රෝග රැසකට ඉතාමත් ගුණදායි තවත් ඔසුපැන් වර්ග කීපයක් ද ඇත.

ඒවා නම්,

01) ඉඟුරු , කොත්තමල්ලි තැම්බූ වතුර
2) වෙනිවැල්ගැට තැම්බූ වතුර
3) හීන් මදුරුතලා සහමුල තැම්බූ වතුර
4) සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය
5) සූදුරු , අසමෝදගම් තැම්බූ වතුර
6) ගොටුදඬු , වළඟ සහල් තැම්බූ වතුර
7) කටුවැල්බටු , කොත්තමල්ලි තැම්බූ වතුර
8) බෙලිමල් , ඉරමුසු තැම්බූ වතුර
9) බෙලිමල් , නොමේරූ බෙලි කොල තැම්බූ වතුර
10) සුදුළූණු තැම්බූ වතුර
11) ප්‍රතිශේද ප්‍රතිශක්ති වර්ධක පානය ( ඔබ කොළඹ මහා නගරසභා බල ප්‍රදේශයේ වෙසෙන්නෙකු නම් කොළඹ නගර සභාවෙ ප්‍රතිපාදන වලින් මෙහෙයවන ආයුර්වේද බෙහෙත් ශාලා වලින් ප්‍රතිශේද ප්‍රතිශක්ති වර්ධක පානය ඔබට නොමිලයේ ලබා ගත හැක.)

ඒ අනුව ඉහත සඳහන් ඖෂධීය පාන පහත සඳහන් ආකාරයට ඔබට සකසා ගත හැකි ය.

වියළි ඖෂධ ගන්නේ නම් එක් වර්ගයකින් ඔබේ අතේ ඇඟිලි පහට අසුවන ප්‍රමාණය ගන්න. අමු ඖෂධ ගන්නේ නම් එමෙන් දෙගුණයක් ගන්න.
පිරිසිදු මැටි බඳුනකට සෝදා පිරිසිදු කරගත් ඖෂධ දමා අවශ්‍ය පමණට ජලය එක් කර අඩක් වනතුරු සිඳුවා ගන්න.
වියළි ඖෂධ කුඩු කර භාවිත කරන්නේ නම් වරකට තේ හැඳි එකක් පමණ භාවිත කරන්න.
උතුරන වතුර පීරිසි කෝප්පයකට ඖෂධ මිශ්‍රණයෙන් තේ හැඳි 1ක් දමා තැම්බෙන්නට හැර නිවුනාට පසුව පෙරා මීපැණි ස්වල්පයක් (අවශ්‍ය නම් පමණක්) දමා පානය කරන්න.
ඔබ පානය කරනු ලබන පානය දින කිහිපයකට වරක් වෙනස් කරන්න. එකම පානය ඔබ පානය කරන්නේ නම් සති දෙකක් පමණ පානය කිරීමෙන් පසු දින කිහිපයක විරාමයක් ගෙන නැවත පානය කරන්න

එම ඖෂධීය පානයන් හි ඇති ඖෂධීය ගුණ මෙසේ ය.

01) ඉඟුරු , කොත්තමල්ලි තැම්බූ වතුර

රුධිරගත මේදය පාලනය කරයි
හෘදයට හිතකරයි
මානසික ආතතිය දුරු කරයි
ආහාර හොඳින් ජීර්ණය කරවයි
වේදනා සමනය කරයි
උණ නසයි
සෙම් රෝග සඳහා ගුණ දායකයි
ප්‍රතිශක්තිය වර්ධනය කරයි

02) වෙනිවැල්ගැට තැම්බූ වතුර

වේදනා නාශකයි,
ප්‍රදාහ නාශකයි ( Anty Inflammatory )
අක්මාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි
උණ නසයි
රුධිරය පිරිසිදු කරයි
අධි රුධිර පීඩනය අඩුකරයි

03) හීන් මදුරුතලා සහමුල තැම්බූ වතුර

සෙම්ප්‍රතිශ්‍යාවට, කැස්සට සහ හතිය සඳහා ගුණදායකයි
රුධිරය පිරිසිදු කරයි
රුධිරගත සීනි මට්ටම අඩු කරයි
කෑම අරුචිය නසයි
උදර වේදනා සඳහා ගුණදායකයි

04) සුවධරණී ප්‍රතිශක්ති වර්ධක පානය හා ප්‍රතිශේද ප්‍රතිශක්ති වර්ධක පානය

ප්‍රතිශක්තිය වර්ධනය කරවයි
අධි රුධිර පීඩනය අඩු කරයි
සෙම් රෝග සඳහා ගුණදායකයි
උණ නසයි
වේදනා සමනය කරයි
ආහාර රුචිය වර්ධනය කරයි

05) සූදුරු , අසමෝදගම් තැම්බූ වතුර

ප්‍රති ඔක්සිකාරක ගුණ ඉහළය
ආහාර ජීර්ණය පහසු කරවයි
රුධිරගත මේද මට්ටම අඩු කරවයි
අධි රුධිර පීඩනය අඩු කරවයි
ආහාර මඟින් බෝවන රෝගකාරක වලට එරෙහිව සැලකිය යුතු මට්ටමේ ප්‍රතිජීවක ගුණයක් පෙන්වයි
උදර වේදනා සඳහා ගුණදායකයි

06) ගොටුදඬු , වළඟ සහල් තැම්බූ වතුර

පීනස් රෝගීන් සඳහා ගුණ දායකයි
ශීර්ෂ රෝග සඳහා ගුණදායකයි
පණු රෝග සඳහා ඉතා ගුණදායකයි

07) කටුවැල්බටු , කොත්තමල්ලි තැම්බූ වතුර

සියළුම සෙම් රෝග සඳහා ගුණදායකයි
වේදනා සමනය කරයි
උණ නසයි
ආහාර ජීර්ණය වැඩි කරයි
ප්‍රතිශක්තිය වර්ධනය කරයි

08) බෙලිමල් , ඉරමුසු තැම්බූ වතුර

රුධිරගත සීනි මට්ටම පාලනය කරයි
රුධිරගත මේද මට්ටම පාලනය කරයි
ආමාශගත තුවාල සුව කරයි
අධික පිපාසය සංසිඳුවයි
විජලනය නැති කරයි
ශරීරය සිසිල් කරයි
රුධිරය පිරිසිදු කරයි

09) බෙලිමල් , නොමේරූ බෙලි කොල තැම්බූ වතුර

ආමාශගත තුවාල සුව කරයි
අධික පිපාසය සංසිඳුවයි
විජලනය නැති කරයි
ශරීරය සිසිල් කරයි
රුධිරය පිරිසිදු කරයි
වමන අතීසාර ආදී රෝගවලට ගුණදායකයි
උණ නසයි
මුත්‍රා කාරකයි

10) සුදුළූණු තැම්බූ වතුර

රුධිරගත මේදය අඩු කරයි
හෘදරෝග සඳහා ගුණදායකයි
වේදනා සමනය කරයි
අස්ථි පද්ධතිය ශක්තිමත් කරයි
ප්‍රතිශක්ති වර්ධකයි.

උපදෙස් –
වෛද්‍ය පවන් විජේරත්න
වෛද්‍ය නිලධාරී
ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව
කොළඹ මහා නගර සභාව

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa