පාපිසි වෙළදාමෙන් ආලෝකමත් වුන ජීවිතයක්

author
0 minutes, 0 seconds Read

ජීවිතය කියන්නේ ඉතාම අවිනිශ්චිත දෙයක්. අපි ජීවත් වුනත් එය අපට අවශ්‍ය විදිහට හසුරුවන්න බැහැ. කොටින්ම එය දෛවෝපතගතව සිදු වෙන්නක් කිව්වොත් නිවරැදියි. බුත්තල පදිංචි ඉමේශා මධුමාලි ඒ වගේ තවත් එක් චරිතයක්. පවුලේ දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත අතර ඇය පවුලේ බාලයා. නමුත් ඇගේ ජීවිතය ඉතාම අහඹු ලෙස වෙනස් වුණා.

අත, පය හොඳින් ඇතුව උපත ලැබුවත් හදිසියේම ඇය ගමන් ගත් වාහනය අනතුරකට පත් වුණා. ඒ වෙන විට ඉමේශාගේ වයස මාස දෙකක්. මවගේ උකුලේ සිටි ඇය මේ අනතුර නිසා වාහනයෙන් පිටතට විසි වුණා. ඒ නිසා සිදු වුන අනතුර නිසා ඇය යම් ආබාධිත තත්වයකට පත් වුණා. බුත්තල දුටුගැමුණු විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවත් ශාරීරික අපහසුතාවයන් නිසා ඇය උසස් අධ්‍යාපනයට යොමු වුනේ නැහැ. තමන්ට තනියම ඇවිදින්න අපහසු නිසා ඉමේශා වෙනුවෙනුම තවත් අයෙක් වෙන් වෙන්නම ඕන. මේ වෙන විට ඇගේ පියා රෝගාතුර වූ නිසා අම්මාටත් ඉමේශාගේ කටයුතුවලටම වෙන් වෙන්න අපහසු වුණා. පියාගේ අභාවයෙන් පසුව අම්මා තම දියණියගේ කටයුතු වෙනුවෙන් යොමු වුණා.

මේ අතරේ

ඉමේශා ආබාධිත තත්වයක සිටියත් ඇගේ හිතේ ධෛර්ය අඩු වුනේ නැහැ. ඒ සමග “‘Rehab Lanka ” ආයතනයේ මහත්මියක් ඇය සොයා ගෙන ආවා. මේ මහත්මියට ඉමේශා ගැන තොරතුරු ලැබී තිබුණා.
යම් ආබාධිත තත්වයක පත් වුනත් කිසිම පුද්ගලයෙක් නිවසක හුදෙකලා වීමට අවශ්‍ය නැහැ. ඔවුන් සමාජගත වීම අනිවාර්යෙන් විය යුත්තක්. නමුත් අපේ සමාජයේ බොහෝ ශාරීරික අපහසුතාවයන් ඇති අය නිවසටම සීමා වෙනවා. ඒ නිසාම ඔවුන් තව දුරටත් සමාජයෙන් විතැන් වුන පුද්ගලයන් බවට පත් වෙනවා.

නමුත් ඉමේශාට එහෙම වුනේ නැහැ
මුලින් සඳහන් කළ ආයතනයේ මහත්මිය ඉමේශාගේ නිවසටම ඇය සොයා ගෙන ආවා. ඇගේ විස්තර දැන ගත් මෙම රුය්ච ක්බන් ආයතනය මගින් ඉමේශාට මාස හයක මැහුම් පාඨමාලාවකට සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. ඇය ඉතා සතුටින් මේ පාඨමාලාව හදාරා අවසන් කළා.

එතැනින් නැවතුනෙත් නැහැ

මේ ආයතනය විසින් ඉමේශාට මැහුම් පාඨමාලාව වෙනුවෙන් අවස්ථාවක් ලබා දුන්නා වගේම ඇයට ව්‍යවසායිකාවක් විදිහට යම් ස්ථාවරත්වයක් ලබා ගන්නත් අත දුන්නා. මේ ආයතනය මගින් ඇයට මැෂිමක් ලබා දුන්නා.

දැන් ඇය පාපිසි මහන්න පටන් ගත්තා

ඉමේශා පාපිසි ව්‍යාපාරයක් පටන් ගත්තා. ඇය තමන්ගේ නිවස ඉදිරිපිට කුඩා කඩයක් පටන් ගත්තා. මේ කඩය ඇය “ඉමේශා පාපිසි ” යනුවෙන් නම් කළා. පාපිසි මහන්න අවශ්‍ය රෙදි කොළඹ සහ උඩවලව ප්‍රදේශයෙන් ගෙනත් ඇය අම්මාගේ උදව්වෙන් ඒවා මහනවා. තමන්ගේ නිවස ඉදිරිපිට ඇති කඩයේ තබා මේ පාපිසි අලෙවි වෙනවා.

ඔබගේ ව්‍යාපාරය පාපිසිවලට සීමා වෙලාද?

නැහැ. පාපිසි වගේම කොට්ට, වාහනයේ ඩෑෂ් බෝඩ්වලට ඇතිරිලි වගේ දේවල් මහනවා.

කොහොමද වෙළඳාම

උත්සව කාලවලට නම් ආදායම හොඳයි. සමහර දවස්වලට එක පාපිස්සක්වත් අලෙවි වෙන්නේ නැහැ.දැන් හුගක් දෙනෙක් මේ වගේ කර්මාන්ත කරනවා. ඒවා අලෙවි කරනවා. ඉතින් දැන් තරගයක් තිබෙන හින්දා ලොකු ආදායමක් නම් නැහැ.

අපි ඇය අගය කරන්නනේ ඇයි?

තමන්ගේ ශාරීරික අපහසුතාවය ජීවිතයට බාධාවක් කර ගත්තේ නැහැ. තවත් අයෙකු මත යැපෙන්නෙත් නැහැ. ස්වාධීනව ජීවිතයක් දැන් ඇයට තිබෙනවා. අත, පය හොඳින් තිබියදීත් අනුන් මත යැපෙන අයට ඉමේශා ඉතා හොඳ උදාහරණයක් .

ඇගේ අම්මා
ඒ වගේම ඉමේශාගේ ජීවිතයේ ජවය ඇගේ මව බැව් නොකියාම බැහැ. තමන්ගෙ ්දියිණියගේ ජීවිතයට“ දිරිය ” වුනේ ඇයයි. ඇගේ දිරිය නොලැබුනා නම් අද ඉමේශා පාපිසි යනුවෙන් වයාපාරයක් ආරම්භ වෙන්නෙත් නැහැ. ඒ අනුව මේ මව සහ දියණියගේ දිරිය අප ඇගයිය යුතුයි.
ඉතින් කතරගම යන දවසක කතරගම ප්‍රධාන මාර්ගයේ බුත්තල පිහිටා තිබෙන “ ඉමේශා පාපිසි ” අලෙවි සැලට ගොඩ වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම තොග වශයෙන් හෝ පාපිසි ගැනීමට අවශ්‍ය නම් 0741530017 වට්ස්ඇප් අංකයෙන් ඇයට සම්බන්ධ වෙන්නත් පුළුවනි. කොහොම වුනත් තමන්ගේ ජීවිතයේ අඩු පාඩු මැද මේ ගමන යන සහ ඇයට යෝධ හස්තයක් වුන අම්මාටත් “ කලම්බු ජර්නල් ” වෙතින් සුබ පැතුම්..

සටහන –

සිල්වා , සි

Similar Posts