මුට්ට රෝස්ට් කරි (බිත්තර රෝස්ට් කරි)
කේරලේ බිත්තර හදන එක් ක්‍රමයක්. හැමදාම බදින තම්බන බිත්තරේ වෙනසකටත් එක්ක මෙහෙම හදලා බලන්න..රසයි..
හරිම ලේසී හදන්න..
අවශ්‍ය දෑ-
- තම්බපු බිත්තර 2
- ලොකු ලූනූ ගෙඩියක්
- සූදුරු ඇට ස්වල්පයක්
- තලාගත් ඉගුරු සුදුලූනු තේ හැදි 2ක්
- මිරිස් කුඩු තේ හැන්දක්
- කහ කුඩු පින්චක්
- කොත්තමල්ලි කුඩු තේ හැදි2ක් (කොත්තමල්ලි පව්ඩර් නැත්නම් තුනපහ ටිකක් දාන්න)
- උනු වතුර කෝප්ප කාලක්*කරපිංචා ඉත්තක්.
- තෙල් මේස හැදි 2 1/2
- ලුනු අවශ්‍ය පමනට
තෙල් ටික බාජනයකට එක්කර රත්වූ පසු සිහින්ව ලියාගත් ලූනු,සූදුරු හා කරපිංචා දමා ලූනූ රන්වන් පාටට එනතුරු පියනකින් වසා බැදෙන්න හරින්න.කිහිපවාරයක් ලුනූ හැන්දකින් මිශ්‍රකරගන්න නැත්නම් කරවෙන්න පුලුවන්.මේකට විනාඩි 10ක් විතර යාවි
ලූනු වල පැහැය වෙනස්වුනායින් පස්සෙ එයට ඉගුරු සුදුලූනු එක්කරගන්න
මිරිස් කුඩු,කහ කුඩු,කොත්තමල්ලි කුඩු,ලුනු එක්කර වතුර ද එක්කර විනාඩි 2-3ක් ලිප තබා දෙකට පලාගත් බිත්තර එක්කර බිත්තර නොකැඩෙන සේ මිශ්‍රකරගන්න.
උඩින් කොත්තමල්ලි කොල එක්කරගන්න.මන් එක්කරේ මුරුංගා ..අවශ්‍යම නෑ…