බිම්මල් ව්‍යාපාරයෙන් ජිවිතය දිනූ චාරුකා

author
0 minutes, 2 seconds Read

ඇත්තෙන්ම කිවහොත් කාන්තාවක් වුනොත් ඇය උදේ 8 සිට හවස 5 වන තුරු රැකියාවක නිරත විය යුතුමද..? එසේ නොමැතිව ඇයට පවුලේ ආර්ථිකයට දායක වීමට යම් දායකත්වයක් ලබා දීමට නොහැකිද…? මේ ගැන අපි මහනුවර සෙනරත්ගම පදිංචි චාරුකා ප්‍රබෝධනිගෙන්ම විමසා දැන ගනිමු.

මගේ ගම දෙහිඅත්තකණ්ඩියේ. මම දෙහිඅත්තකණ්ඩිය විද්‍යාලයෙන් උසස් පෙළ විභාගය සමත් වුණා. එතැනින් පසුව රැකියා සොයන පෝළිමට මමත් එකතු වුණා. මේ අතර මම විවාහ වුණා. මගේ සැමියා ජපන් ටෙක් පාඨමාලාවක් හදාරා එයින් පසුව මෝටර් කාර්මික හිල්පියෙක් විදිහට සේවය කරනවා.

■ ඔබට බිම්මල් ව්‍යාපාරය ගැන හිතුනේ ඇයි…
මට දියනියන් දෙදෙනෙක් සිටිනවා. දරුවන් සමග කාලය ගෙවද්දී ඔවුන්ද රැක බලා ගෙන කුමක් හෝ ආදායම් මාර්ගයක් ගැන හිතුවා. මට පහසුවෙන් කරන්න පුළුවන් ව්‍යාපාරයක් ගැන සොයද්දී බිම්මල් වගාව ගැන මගේ හිත යොමු වුණා. ඒ නිසා මම බිම්මල් වගාව ආරම්භ කරන්න හිතුවා.
ඒ වගේම බිම්මල් ඉතාම පෝෂණීය ආහරයක්. අද නිර්මාංශව සිටින බොහෝ දෙනෙක් බිම්මල් වලින් තමන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඒ නිසා වෙළඳපොළ තුළ බිම්මල්වලට හොඳ ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම හෝටල් ආශ්‍රිත විවිධ ආහාර සකස් කිරීමේදීත් බිම්මල් අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්නවා. බිම්මල් කිය්නනේ යොදවන මුදල මෙන් තුන්ගුණයක ආදායම ලබන්න හැකියාව තිබෙන වගාවක්.

■ මේ ගැන දැනුමක් ඔබට තිබුණාද…?
නැහැ. 2016 වසරේ මම බිම්මල් වගාව ගැන පුහුනු වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදි බිම්මල් වගාව ගැන ඉතා හොඳ දැණුමක් මට ලැබුණා. පුහුණුවට සම්බන්ධ වුන හැම දෙනාටම ඒ පිළිබඳව සහතිකයක් ලබා දුන්නා. එතැන් පටන් මම නිවසේම බිම්මල් ගෘහයක් හදා ගෙන වගාව පටන් ගත්තා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත “ බිම්මල් වගාව ” පොත මට විශාල දැණුමක් ලබා දුන්නා. එ යමට විතරක් නොවෙයි, බිම්මල් වගාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම ආධුනිකයෙකුට විශාල දැණුමක් ලබා දෙන පොතක්.

■ අද වෙන විට ඔබේ ව්‍යාපාරය ගැන කිව්වොත්…?
මගේ නිවසේම බිම්මල් ගෘහය පවත්වා ගෙන යනවා. මම ලියාපදිංචි බිම්මල් වයාපාරිකයෙක් නිසා වෙළඳාපොළට නිෂ්පාදන ලබා දෙනවා.
ඊට අමතරව මම බිම්මල් බීජ අලෙවි කරනවා. ඒ කටයුතු වුනත් ඉතාම හොඳ ප්‍රමිතියකින් සිදු වෙනවා. මම බිම්මල් බීජ ලබා ගන්නේ කුන්ඩසාලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. ඒ වගේම බිම්මල් වගා කිරීමේදී අවශ්‍ය පෝෂක හොඳින් ලබා දෙනවා. මේ විදිහට වගා කිරීම නිසාම වගාවේ සාර්ථකත්වය තිබෙනවා.

■ බිම්මල්වලට අමතරව බිම්මල් pot අලෙවිය ගැනත්…
බිම්මල් pot එකක් රුපියල් 70 ක් වගේ මුදලකට අලෙවි කරනවා. මම ඇනවුම් බාර ගන්නවා. ඒවා මට සෘජුවම වගේම මගේ FB ගිණුම ( prabodhani products ) ඔස්සේ ඇනවුම් කරන්න පුළුවනි.
වගකීමක් සහිත, ඔබ වියදම් කරන මුදලට පෙරලා ඔබට ලාභයක් ලැබෙන තැනකින් මුළදී ගැනීම වැදගත්. ඒ වගේම මේ නිෂ්පාදන වල යම් දෝෂයක් තිබුනොත් ඒ ගැන පැමිණිලි කරන්න පවා හැකියාවක් තිබෙන තැනකින් යමක් මිළදී ගැනීමත් වැදගත් . මම අලෙවි කරන්නේ දිලීරය හොඳින් වර්ධනය වුවාට පසුවයි.

■ ඔබ ඒ වගකීම භාර ගන්නවා..
ඔව් මගෙන් චදඑ මිළදී ගන්නා අයට වගාවේ අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ආසන්න ප්‍රදේශයක නම් වගා ගෘහය වුනත් අපි සකස් කර දෙනවා. ඒ වගේම බිම්මල් වගා කළත් ඒවා අලෙවි කිරීමට නම් අනිවාර්යෙන්ම ලියාපදිංචි වීම තිබෙන්න ඕන. ඒ නිසා මම ඔවුන්ගේ බිම්මල් මිළට ගැනීමට සූදානම්. නමුත් ඒවා පිරිසිදුව සහ අවශ්‍ය ප්‍රමිතියෙන් තිබීම ඉතාම වැදගත්.

■ ඔබ ආ ගමන්මග ගැන…
මට මේ ගමන එද්දී බාධක නොතිබුනාම නොවේ. සියපාරක් වැටුනත් මම ඒ සියපාරම නැගිට්ටා. මට මේ ගමනේදී මගේ සැමියා විශාල ශක්තියක් වුණා. එයාගේ සහයෝගය නිසා අද මම ව්‍යාපාරයේ යම් තැනක සිටිනවා. ඒ වගේම අනාගතයේදී අපි දෙනනාගේ සහයෝගයෙන් prabodhani products බිම්මල් කියන නාමය ලංකාවම හඳුනා ගනීවි. බාධක එමටයි. නමුත් අපේ ශක්තියෙන් කවදා හෝ දිනක ඒවා ජයගෙන පෙරටම යන්න අදහස් කරනවා.

සටහන –

සිල්වා , සී

Similar Posts