බොනික්කන් නිර්මාණ කලාවට අපූර්ත්වයක් එක් කල අග්‍රා

author
0 minutes, 1 second Read

බෝනික්කෙක් කිව්වාම අපට සිහියට නැගෙන්නේ පුංචි ගැහැණු දරුවෙක් වුනත් දරුවන්ගේ ලෝකයෙන් ඔබබ්ට ගිය නිර්මාණයක්. මේ ගැන හිතන විට අපේ මතකයට එන්නේ රුසියාවේ මත්‍රෝෂ්කා බෝනික්කන්. රුසියානු ලෝකයේ මවට වැදගත් තැනක් හිමි වෙනවා. ඒ නිසාම ඔවුන් මව් සංකල්පය අගය කරනවා. මවක් කියන්නේ සශ්‍රිකත්වයේ වගේම ඵලදායිතාවයේ සුබ සංකේතයක්. ඒ වගේම ලෙිකයේම ආලෝකය. ඒ නිසාම මේ බෝනික්කන් අතර වුනත් විශාල ලෙසින් නිර්මාණය කරන ලද බෝනික්කා අම්මා සංකේතවත් කරනවා. රුසියාව තුළ පුංචි පවුල් අගය කිරීමක් නැහැ. ඒ නිසාම පවුලක අවම වශයෙන් දරුවන් තුන්දෙනෙක්වත් සිටිනවා. ඊටත් වඩා වැඩි පවුල් සංස්ථාවන්ද තිබෙනවා. මේ වගේ විශාල පවුල් සම්ප්‍රදායික රුසියානු සමාජයේ පිළිගැනීමට පත් වුන නිසාම බෝනික්කන්ගෙන් පවා එවැනි විශාල පවුලක් සංකේතවත් වී තිබෙනවා.

ඒ වගේ ලංකාවේ බෝනික්කන් පවුල් නිර්මානය කරන ඇය ගැන දැන ගැනීමට ඔබ සතුටු ඇති. එහෙමනම් ඒ ගැන විස්තර කියන්න අපි අග්‍රාටම ආරාධනා කරමු.
මගේ නම අග්‍රා කුමාරි. මම රාජගිරියේ පදිංචියි. නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මම එතැනින් පසුව උසස් අධ්‍යාපනය හැදෑරුවා. උසස් අධ්‍යාාපනයෙන් පසුව මම ජාත්‍යන්තර පාසලක ඉංග්‍රිසි ගුරුවරයක් විදිහට සේවය කළා. අවුරුදු 18ක් මම ඒ පාසලේ සේවය කළා. එතැනින් පසුව 19 වසරේ මම ඒ පාසලෙන් අයින් වුණා. නමුත් මම ඒප ාසලේ උගන්වන කාලයේ පටන්ම මේ ලී බෝනික්කන් ව්‍යාපාරය කර ගෙන ගියා.

ලී බෝනික්කන් කලාව ගැන කිව්වොත්,
මේක ලෝකයේ බොහොම ජනප්‍රියයි. නමුත් ලංකාවට අළුත් දෙයක්. අපේ රටේ ලී බෝනික්කන් එතරම් ජනප්‍රිය නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල්වල මේ කලාව ජනප්‍රියයි. සමාජ මාධ්‍ය ජාලා වලත් මේ ගැන තොරතුරු තිබෙනවා. අපේ රටේ කීපදෙනෙක්මත් මේ කලාව කර ගෙන ගියත් සමහර අය අතරමග නවතලා. මට මේ ගැන ලොකු උනන්දුවක් හිතේ තිබුණා. 2019 වසරේ මම මේ කර්මාන්තය වෙනුවෙනුම යොමු වුණා.

මෙය සම්පූර්ණයෙන්ම අතින් කරන නිර්මාණයක්. බෝනික්කන් හදන්නේ මැහෝගනි ලීයෙන් .ලීයකින් අදාල හැඩතලය කපා ගෙන වර්ණ ගන්වනවා.. වර්ණ ගැල්වීම සම්පූර්ණයෙන්ම අතින් කරන්නේ. වැඩිහිටියන්ගේ නිර්මාණ වෙනුවෙන් වාර්නිෂ් ආලේප කළත් කුඩා දරුවන්ට අපි වර්ණ ආලේප නොකරම දෙනවා.

තමන්ට කැමැති රූපයක් හදා ගන්න පුළුවනිද?
තමන්ට කැමැති විදිහට බෝනික්කෙක් හදා ගන්න පුළුවනි. පාරිභෝගිකයාගේ ඉල්ලීම අනුව අපි ලී බෝනික්කන් හදලා දෙනවා. අපි ළග මෙතෙක් කළ නිර්මාණ අතර සත්තු, සුපිරි වීරයෝ, ගම් මුලාදෑනි, ආරච්චිල, අපේ රටේ රජවරු වගේ එකතුවක් තිබෙනවා. දරුවන්ට අපේ උරුමය ගැන කියා දෙන්න මේ නිර්මාණ යොදා ගන්න පුළුවන්. එය හොඳ සිහිවටනයක්.. තෑග්ගක් … වගේම සෙල්ලම් බඩුවක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවනි. මෙය පරිසර හිතකාමී නිෂ්පාදනයක්. ප්ලාස්ටික් වගේ පරිසරයට හානියක් නැහැ. කල්පැවැත්ම අතිනුත් ඉහළයි.

ඇනවුම් ලබා ගන්නේ,
මගේ Ayara’s corner ෆෙස් බුක් පිටුව ඔස්සේ ඇනවුම් ලබා ගන්නවා. ඒ වගේම Ebay හරහා ඇමරිකා එක්සත් ජනපදයට ඇනවුම් යවා තිබෙනවා. අපේ රටේ “ලක් විස්කම් ” ආයතනයටත් දික්වැල්ලේ සංචාරක මධ්‍යස්ථානයකටත් මේ චැට ාදකක ලබා දෙනවා.

අපේ රටේ විශේෂ පුද්ගලයන්ගේ රූප විදිහටත් මේවා හදල දෙනවා. ඒ වගේ නිර්මාණ නිසා අපේ රටේ චරිත ගැනත් ප්‍රසිද්ධියක් ලැබෙනවා. එංගලන්තයේ සිටින අයට තෑගි විදිහට අපේ රටේ රජවරු වෙනුවෙන් ඇනවුමක් මට ලැබුනා. කොටිකාවත්ත පාරේ අපේ අලෙවිසැල පවත්වා ගෙන යනවා. එතැනට ඇවිත් ගන්නත් පුළුවන්.

දැන් කේක් වලටත් මේ බෝනික්කන් යොදා ගන්නවා. සංවත්සර, උපන්දින සහ මංගල කේක් ආකෘතිවල මුදුන සරසන්නත් චැට ාදකක වලින් ආකර්ශනයක් ලැබෙනවා. ඒ වගේම උපාධි ප්‍රදානෝත්සවන් වෙනුවෙනුත් දැන් peg doll තෑගි දෙන රටාවක් බිහි වෙලා තිබෙනවා.

අපි පදිංචි ප්‍රදේශයේ මේ වෙනුවෙන් ලී හොයා ගැනීමත් අපහසුයි. ඒ වගේම වැස්ස කාලයට ලී වල තෙතමනය වගේම වර්ණ වියලෙන්නේ නැහැ. ඒ නිසා කාලගුණය බලපෑම් තිබෙනවා.
මගේ නිෂ්පාදන වෙනුවෙන් හොඳ ඉල්ලුමක් ලබා ගැනීම මගේ අරමුණයි. මගේ ෆේස් බුක් පිටුවේ වගේම දුරකථන අංකයෙනුත් 0762554208 ඇනවුම් ලබා දෙන්න පුලුවනි. අපනයන වෙළඳපොලත් මම ඉලක්ක කරනවා.

සටහන –
සිල්වා , සි

Similar Posts

https://www.techpager.org/swiftkey-alternatives/

https://www.connectedsparks.com/a-beginners-guide-to-understanding-camera/

https://theleadingnews.com/two-hyundai-hydrogen-buses-added-to-abu-dhabis-green-bus-programme/

https://shubhapallaba.in/nija-ilakare/

https://businessnewsme.com/2024/06/03/%d8%a7%d8%aa%d8%ad%d8%a7%d8%af-%d8%a7%d9%84%d8%a5%d9%85%d8%a7%d8%b1%d8%a7%d8%aa-%d9%84%d9%84%d8%b1%d9%8a%d8%a7%d8%b6%d8%a7%d8%aa-%d8%a7%d9%84%d8%a5%d9%84%d9%83%d8%aa%d8%b1%d9%88%d9%86%d9%8a%d8%a9/

https://wiki.gta-zona.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://wiki.prochipovan.ru/index.php/%D0%A3%D1%87%D0%B0%D1%81%D1%82%D0%BD%D0%B8%D0%BA:Fea2e1fa

https://timeoftheworld.date/wiki/User:Fea2e1fa

https://algowiki.win/wiki/User:Fea2e1fa

https://brewwiki.win/wiki/User:Fea2e1fa

https://yogicentral.science/wiki/User:Fea2e1fa

https://dokuwiki.stream/wiki/User:Fea2e1fa

https://nerdgaming.science/wiki/User:Fea2e1fa

https://elearnportal.science/wiki/User:Fea2e1fa

https://securityholes.science/wiki/User:Fea2e1fa

https://fkwiki.win/wiki/User:Fea2e1fa

https://clinfowiki.win/wiki/User:Fea2e1fa

https://digitaltibetan.win/wiki/User:Fea2e1fa

https://theflatearth.win/wiki/User:Fea2e1fa