පරම්පරා හා බැඳි පුද්ගල නායකත්වය යටතේ ආරම්භ කර සාකච්ඡා මාලාව තුළින් පසුගිය සතියේදී අපි ඔබත් සමග කතාබහ කලේ X,Y,Z පරම්පරා මුල් කොට ගනිමින් Emotional Intelligence සංකල්පය පිළිබඳවයි.
එම සාකච්ඡා මාලාවේ දෙවන කොටස ලෙස දෙන අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ Emotional Intelligence කියන සංකල්පය තුළින් ගොඩනැගී ඇති භාවාත්මක බුද්ධිය සහ නායකත්වය පිළිබඳවයි.
Emotional Intelligence කියන සංකල්පය එක 1961 දශකය තමයි Colombia විශ්ව විද්‍යාලයේ ඉදිරිපත් කළේ. නමුත් මේක ගොඩක් ජනප්‍රිය වුණේ 1990 දශකයේ දී. එවකට සිටි විශේෂඥයෙක් වන Daniel Goleman (American psychologist and author) තමයි ගොඩක්ම මේ වචනය මිනිස්සු අතරට, සමාජයට සහ ආයතන අතරට ගෙනගියේ. ඒ අනුව මේ Emotional intelligence හදුන්වා දෙනු ලබන්නේ හැඟීම් (emotional) ගැන තියෙන නායකත්වය පිළිබඳයි.
Daniel Goleman (American psychologist and author
Emotional intelligence කියන එකේ න්‍යායන් කොටස් තුනක් තියෙනවා. ඉන් එකක් තමයි Ability Model ලෙස හඳුන්වන්නේ. John D. Mayer සහ Peter Salovey කියන දෙදෙනා තමයි 1997 දී මෙය ඉදිරිපත් කළේ. ඉන්පසු Daniel Goleman කියන විශේෂඥයා 1995 දී Mixed Model නමින් හඳුන්වන න්‍යායක් ඉදිරිපත් කළා.
ඊළඟට Trait Model කියලා එකක් Konstantinos V. Petrides නමින් හදුන්වනු ලබන විශේෂඥයෙක් ඉදිරිපත් කළා. මේ න්‍යායන් තුන තමයි සාමාන්‍යයෙන් Emotional leadership , Emotional intelligence කියල අපි කතා කරද්දි සාමාන්‍යයෙන් භාවිතා වන මූලික න්‍යායන් තුන.

Konstantinos V. Petrides
Ability Model
එසේ නම් දැන් අපි මුලින්ම Ability Model කියන්නේ මොකද්ද කියලා හදුනා ගනිමු.

එය මූලික වශයෙන් කොටස් හතරක් බෙදා දක්වන්නට පුලුවනි.
1. Perceiving Emotions
පළවෙනි එක තමයි Perceiving Emotions කියන න්‍යාය. මෙහිදී Emotions කියන එක අපි Perceiving කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි කොහොමද හැඟීම්, පුද්ගලයෙක්ගේ අංග චලනයන්, nonverbal communication signals, Body language , මූණේ ඉරියව්, වගේ දේවල් හරහා පුද්ගලයෙක් තේරුම් ගන්න හැකියාව තමයි අපි Perceiving Emotions කියලා කියන්නේ.
2. Using emotions to facilitate thought
මෙහිදී අපි බලන්නේ ඉහත සදහන් කරන ලද Perceiving Emotions එක බුද්ධිමය විදිහට විග්රහ කරලා මේක වෙන්න පුළුවන් ද කියන අවබෝධයකට එන එක.
3. Understanding emotions
තුන්වන එක Understanding Emotions. මෙතැනදී අපි පුද්ගලයා මෙන්න මේ වගේ මානසික මට්ටමක මේ වෙලාවෙ ඉන්නේ. එයා මෙන්න මේ වගේ අවශ්‍යතාවක් තියෙන කෙනෙක්. එතකොට මේ ඒක අපි තේරුම් ගන්න එක එයාගේ අවශ්‍යතාව සහ ගැටලුව තේරුම් අරගෙන එයාට එතකොට අපි මොන විදිහට කටයුතු කරන්න ඕන කියන එක අවබෝධ කරගෙන කටයුතු කිරීම තමයි Understanding emotions කියන්නේ.
4. Managing emotions
පුද්ගලයකුගේ body language එක, මූණ තියෙන ඉරියව් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඔහුට හෝ ඇයට තිබෙන ප්රශ්නය මොකක්ද කියලා. එතකොට ඒ වගේ වෙලාවකදී කළමනාකාරිත්වයේ ඉන්න කෙනෙක් විදියට අපි හිතමු එම පුද්ගලයාගේ අතින් වැරැද්දක් අතපසුවීමක් වෙලා තියෙනවා . හැබැයි අපිට පේනවා එයා ඒ ගැන ඇත්තටම ඔහු හෝ ඇය කනගාටු වෙනවා. ඒ ගැන යම්කිසි පසුතැවීමක් වෙනවා. ඒ වගේම අපිට තේරෙනවා ඒ පසුතැවීම ඇත්තටම අවංකව සිදුවන දෙයක් බව. මෙහිදී සමහරු ඉන්නවා බොරුවටත් තමන්ගේ අතින් සිදුවන වැරැද්ද වහගන්න හැසිරෙන අය. මේ පුද්ගලයාට ඇයි මෙහෙම දෙයක් වෙන්නේ ඇත්තේ? මෙයා මොකක්ද කරපු වැරැද්ද? මේ වගේ ප්‍රශ්නයක ඉන්න ඇති කියලා අපි නිගමනය කරනවා. ඒ වගේම අපි හිතමු මෙවැනි අවස්ථාවක මොහු අතින් සිදුවන මේ වැරැද්ද නිසා අපත් තරහවකින් ඉන්නේ කියලා. අපිත් මේ ගැන ගැටලුවකට මැදි වෙලා ඉන්නවා කියලා. අන්න ඒ තමන්ගේ පුද්ගලික හැඟීම පාලනය කරගෙන අර පුද්ගලයාගේ emotions තේරුම් අරගෙන ඒ කටයුතු කරන ආකාරය තමයි Managing Emotions නමින් හඳුන්වන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් Ability Module කියන එකේදී emotions intelligence එකේ බලන එක.
මේකම අපි Generation Z සහ Generation Y කියන එකට ඇතුලත් කළොත් අපිට හිතාගන්න පුළුවන් සාමාන්‍යයෙන් Ability Module එකේ භාවිතා කිරීමේදී Generation Z එකට වඩා Generation Y එකේ කට්ටිය emotionally matured. ඔවුන්ට අවබෝධයක් තියෙනවා පියවර හතර අනුව තමන්ගේ තීන්දු තීරණ ගන්න.
දැන් උදාහරණයකට Generation Z එකේ යම් පුද්ගලයෙක් ගත්තොත් ඇතීවී තිබෙන යම්කිසි ගැටලුවක් නිසා ඔහු කෝප වෙලා කෑගහලා රණ්ඩු කරලා අස්වීමේ ලියුම දීලා යන මට්ටමට හැඟීම්බර වෙනවා. එතනදි emotional intelligence එක් කියන එක ටිකක් අඩු මට්ටමක තමයි තියෙන්නේ. මේක වර්ධනය කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා පුරුදු පුහුණු කරලා තමයි වර්ධනය කරගන්න ඕන. මේක එකපාර වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙය තමයි emotions intelligence කියන එකේදී බලන මූලිකම කාරණා කිහිපය.
මෙම න්‍යායට අමතරව emotions intelligence පිළිබඳව විග්රහ කරන ලද Daniel Goleman නම් විශේෂඥයා විසින් හඳුන්වා දෙන ලද තවත් න්‍යායක් තිබෙනවා. එය හඳුන්වන්නේ Mix Model නමින්. එසේ නම් ලබන සතියේ දී අපි බලාපොරොත්තු වන්නේ Mix Model නැමැති න්‍යාය පිළිබඳව ඔබත් සමග සාකච්ඡා කිරීමටයි.
සාකච්ඡා කළේ – මහාචාර්ය රඟමිණි වේරවත්ත
Prof. Dr. Werawatta is a Professor of Technology Management and an expert in the field of ICT, Cyber Studies and Technology Management. He is ranked among the top scientists in the country and has authored many publications both locally and internationally.
සැකසුම – බිනාලි රාජපක්ෂ