මත්ද්‍රව්‍ය යනු පුද්ගලයෙකුගේ මනසට සහ ශරීරයට අහිතකර ලෙස බලපාන, ඇබ්බැහි වීමට හේතු වන රසායනික ද්‍රව්‍යයකි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා පුද්ගලයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට මෙන්ම සමාජයට ද බරපතළ හානි සිදු විය හැක.
මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ලෙස හෙරොයින්, කොකේන්, මරිජුවානා, අයිස් මත්ද්‍රව්‍ය, මත්පැන්, සිගරට්, අබිං,බීඩි ආදියයි.
සමහර මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කළ විට හෝ අපයෝජනය කළ විට, ඇබ්බැහි වීම, සෞඛ්‍ය සංකූලතා හෝ මරණයට පවා හේතු විය හැක.

වර්තමාන ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමට හේතු කිහිපයක් තිබේ.
- සමාජ ආර්ථික සාධක: දුප්පත්කම, විරැකියාව සහ සමාජ අසමානතාවය නිසා බොහෝ පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹේ, අධික ආතතිය සහ මානසික පීඩනය සමනය කර ගැනීමට මත්ද්‍රව්‍ය භාවිතය තෝරා ගැනීම.
- සම වයසේ මිතුරන්ගේ බලපෑම: තරුණ තරුණියන් අතර සම වයසේ මිතුරන්ගේ බලපෑම මත්ද්‍රව්‍ය භාවිතයට විශාල වශයෙන් බලපායි, සම වයසේ මිතුරන්ගේ පීඩනයට යටත්ව මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම.
- මාධ්‍ය හා අන්තර්ජාලය: මාධ්‍ය සහ අන්තර්ජාලය තුළ මත්ද්‍රව්‍ය භාවිතය සාමාන්‍ය දෙයක් ලෙස පෙන්වීම, මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි තොරතුරු සහ ප්‍රචාරණ අන්තර්ජාලය හරහා වේගයෙන් පැතිරීම.
- නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම: ලෝකයේ බොහෝ රටවල නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම විශාල වශයෙන් වර්ධනය වී තිබීම, මත්ද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි වීම නිසා භාවිතය වැඩි වීම.
- මානසික සෞඛ්‍ය ගැටලු: මානසික අවපීඩනය, කාංසාව සහ වෙනත් මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීම, මත්ද්‍රව්‍ය මගින් තාවකාලික සැනසීමක් ලබාගත හැකි යැයි සිතීම.
- අධ්‍යාපනයේ සහ දැනුවත් කිරීමේ අඩුපාඩු: මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ප්‍රමාණවත් දැනුවත් කිරීමක් නොමැති වීම,පාසල් අධ්‍යාපන ක්‍රම වල මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම.
මෙම සාධකවල සංකීර්ණ සංයෝජනයක් නිසා ලොව පුරා මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව හඳුනාගත හැකිය.
ඒවගේම වැඩිහිටියන් පමණක් නොව දරුවන් පවා ද මත්ද්‍රව්‍යවලට අද වන විට ඇබ්බැහැවී ඇති බව හඳුනාගත හැක. දරුවන් සහ මත්ද්‍රව්‍ය අතර සම්බන්ධතාවය ඉතා සංකීර්ණ වන අතර, එහි විවිධ ආකාරවලින් බලපෑම් ඇති විය හැකිය.
දරුවන්ට මත්ද්‍රව්‍යවලට ගොදුරු වී ඇත්තේ
ගර්භණී සමයේදී මව මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ගර්භණී සමයේදී මව මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් දරුවාට උපතේදී විවිධ සංකූලතා ඇති විය හැක, උපතේදී අඩු බරක් තිබීම, නොමේරූ දරු උපත් සහ ඉගෙනීමේ දුර්වලතා වැනි ගැටළු ඇති විය හැක. දෙමාපියන් හෝ භාරකරුවන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසාත් දරුවාට බලපෑමක් ඇති කරයි. දරුවෙකුගේ දෙමාපියන් හෝ භාරකරුවන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් එය දරුවාට දැඩි මානසික හා චිත්තවේගීය බලපෑම් ඇති කළ හැකිය. ඒ වගේම දරුවා නොසලකා හැරීම, අපයෝජනය සහ අනාරක්ෂිත පරිසරයක ජීවත් වීමට සිදුවීම වැනි අවදානම් ඇති විය හැක. සම වයසේ මිතුරන්ගේන්ද බලපෑමක් ඇතිවේ. නව යොවුන් වියේදී දරුවන් සම වයසේ මිතුරන්ගේ බලපෑමට ලක්වීමේ වැඩි අවදානමක් ඇත. සම වයසේ මිතුරන්ගේ පීඩනය හේතුවෙන් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට පෙළඹිය හැකිය. මත්ද්‍රව්‍යවලට පහසුවෙන් ප්‍රවේශ වීම නිසාත් දරුවන් එයට ඇබ්බැහි වේ.මත්ද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි ප්‍රදේශවල ජීවත් වන දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ වැඩි අවදානමක් ඇත.මානසික සෞඛ්‍ය ගැටලු නිසාද දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක් හඳුනාගතත හැක. මානසික සෞඛ්‍ය ගැටලු ඇති දරුවන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට වැඩි ඉඩක් ඇත. මානසික ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය වැනි ගැටළු මත්ද්‍රව්‍ය භාවිතයට හේතු විය හැක.
මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් ගත් විට
ශාරීරික සෞඛ්‍ය ගැටලු (හෘද රෝග, පිළිකා, අක්මා රෝග ආදිය), මානසික සෞඛ්‍ය ගැටලු (මානසික අවපීඩනය, කාංසාව, මනෝවික්ෂේපය ආදිය), ඉගෙනීමේ දුර්වලතා, සමාජ ගැටලු (පවුල් ගැටලු, මිත්‍රත්වයන් බිඳවැටීම, අපරාධවලට සම්බන්ධ වීම ආදිය), ජීවිතය අහිමි වීම.
එබැවින් දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම සඳහා දෙමාපියන්, ගුරුවරුන් සහ ප්‍රජාව එක්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ.
- දෙමාපියන්ගේ කාර්යභාරය ගත් විට දරුවන් සමඟ විවෘතව හා අවංකව කතා කිරීම,මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව දරුවන් දැනුවත් කිරීම, දරුවන්ගේ මිතුරන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටීම,දරුවන්ට ආදරය, සහයෝගය සහ අවධානය ලබා දීම, දරුවන්ට හොඳ ආදර්ශයක් වීම, මත්ද්‍රව්‍ය පිළිබඳව ඔවුන් සමඟ නිතරම කතා කිරීම.
- පාසලේ කාර්යභාරය ගත් විට පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ගුරුවරුන් සහ උපදේශකයින් මත්ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් කිරීම, දරුවන්ට මත්ද්‍රව්‍ය පිළිබඳව දැන ගැනීමට අවස්ථාව ලබා දීම.
- ප්‍රජාවේ කාර්යභාරයද ගත් විට ප්‍රජාව තුළ මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර සහ පුනරුත්ථාපන වැඩසටහන් ලබා දීම, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, මත්ද්‍රව්‍ය වලින් දරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය දැනුම ලබා දීම.
- දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවාට ආදරය, සහයෝගය සහ අවධානය ලබා දීම, දරුවා සමඟ විවෘතව හා අවංකව කතා කිරීම, දරුවාගේ මිතුරන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටීම, මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව දරුවා දැනුවත් කිරීම, දරුවාට හොඳ ආදර්ශයක් වීම, දරුවාගේ ගැටළු වලදී ඔහුට සවන් දීම හා සහයෝගය ලබා දීම, දරුවාට තමාව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය දැනුම ලබා දීම, දරුවා සමඟ වැඩි කාලයක් ගත කිරීම.
මෙම පියවර ගැනීමෙන් දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කර ගැනීමට හැකි වේ.

ලෝකයේ ඉහළ යන මත්ද්‍රව්‍ය භාවිතයට මේ ආකාරයට අපි විසින්ම විසඳුම් ගත්තොත් ඒ පාලනය කරගැනීමට අපටට හැකියාව උදාවේ.
හිරුමි තාරකා
කැලණිය විශ්ව විද්‍යාලය
ජන සන්නිවේදන අධ්‍යයන අංශය