(මානසික ජීවිතය උදෙසාමයි)
සමාජයේ බොහොමයක් සාමාජිකයින් වෙසෙති. ඔවුන් විවිධාකාර වෙති. කායික රූපයෙනුත් මානසික චෛතසිකයන්ගෙනුත් මේ විවිධත්වයත් සමග ඔබ ද වාසය කළ යුතුමය. එවිට ඔබ එවැනි පරිසරයකට කැමැත්තෙන් හෝ අකමැතතෙන් මුහුණ දිය යුතුය. නමුත් මේ ගමන ඔබ අකමැත්තෙන් මුහුණ දුණහොත් වැඩි දුරක් යාමට පෙර ඔබ ඉන් හති වැටෙනවා නිසැකයි. එනිසාවෙන් ඒ විවිධත්වය සරල ලෙස දරා ගැනීමට හුරු වීම ඇගට ගුණය.
සරල උදාහරණයකින්,
සමාජයේ මිනිසුන් තමාගේ මුවට සිනහ වන විට දෙවරක් නොසිතා තමාගේ පිළිතුර ලෙස වඩා ප්‍රාණවත් සිනහවක් ඔවුන්ට ලබා දෙන්න. විටෙක ඒ පුද්ගලයා තමාට පෑ සිනහව ව්‍යාජ යැයි හැගීමක් ඔබට දැනේවි.
ඉතිං මොකද?
එය ඔබේ පැනයක් නොවේ!
එය ඔවුන්ගේ පැනයකි. ඒ පිළිබද ඔවුන් සිත සිතා පැනයන් ගොඩ ගසා ගත්තාට එය ඔබගේ පැනයක් නොකරගන්න… තම මනස පිරිසිදු කරගන්න…
විටෙක ඔබට හැගෙයි… “ඇයි මම ඒ මනුස්සයා එක්ක කතා කරනනේ? ….ඒ මනුස්සයා මෙහෙම කෙනෙක්නේ” කියලා.
ඉතිං මොකද?
ඒ තමයි මනුෂ්‍ය ස්වභාවය…
විටෙක හොද මුහුණ පෙන්වන…විටෙක පෙනී පෙනී තමන්ව බිමට ඇද දමන…විවිධ ස්වරූප එකම ශරීරයෙන් ඔබ අත් විදිනවා ඇතී…

ඇත්තටම අගෙයි..
ඔබට ඔබව ගොඩනගා ගැනීමට අත්දැකීම් තමයි ඒ…
මෙවැනි සංසිද්ධියක් සමග නිතර සිතුවිලි…හැගීම්…චිත්තවේග…මවන තමාගේ මනස එවැනි පිළිතුරු නොලද පැනයන් සමග පැටලෙන්න අවශ්‍යද ? නැතහොත් ඒවා සමග පොරබැදීම හෝ ඒවා සමග තර්ක කිරීම ඵල රහිතද?
නැත..කවදාවත් නැත..
ඒ සිතුවිලි…හැගීම්…චිත්තවේග… සමග පොරබදින්න! තර්ක කරන්න! එවිට වඩාත් නිවැරදි හා සුදුසු පිළිතුර ඔබට ලැබෙන තෙක් විටෙක නිදි වරණ රැයවල් ඔබට ඔබත් සමග ඔබ වෙනුවෙන් ගත කරන්නට සිදුවේවි…
නමුත් පුද්ගලයන් අතලොස්සක් හැරුණු කොට අන් සියල්ලෝම තමාටවත් ඇහුම්කන් නොදෙන පිරිසක් වෙලා..
ඔවුන් තමාව අර විවිධාකාර මිනිසුන් මත සොයන්නට පටන් ගෙන…
මුණ ගැසේවිද?
නෑ…කවදාවත්ම නෑ…ඒවා තමයි ඵල රහිත…
තමා තමන්ට ඇහුම්කන් නොදෙන තාක්කල් තමාගේ මනස හෝ සිත හෝ කවදාවත් තමාගේ තත්වයට හෝ යටතට නගොපැමිණේ. එතෙක් ඔබ තමා කියාගෙන තව අයකු පසු පස යයි… හඩයි… වැලපෙයි…
කමක් නෑ…
මෙතෙක් ඔබ ඒ අතලොස්සට අයත් නොවූවකු වුවත්…මින් මත්තට එසේ සිදු වුවහොත් එය ප්‍රමාණවත්..
නමුත්, මින් මත්තටත් තමාගෙන් එය සිදු නොවන්නේ නම්..එය වරදකි! තමා විසින් තමාටම කරගන්නා විනාසයකි!
මන්ද යත්,තමා තමන්ට ඇහුම්කන් නොදෙන තාක්කල් තමාගෙන් පිටත ලෝකය තුල ගැටීමට ඔබට නොහැක. ඔවුන් සමග ගණුදෙනු කළ නොහැක. ජීවිතය ජීවත් කළ නොහැක.
ආතතියට පත් වන්නනේ තම මනසයි ආත්මයයි…
එය තරම් විනාසයක් ඔබට තවත් ඔබේ ජීවිතයට කර ගැනීමට ඉතිරිව නැත.
එසේ නොවේ…

මින් මතුවට තමන් තමන් වෙලා බලන්න. තමා නොවන පිටත ලෝකය දෙස තමාට පිටතින් බලන්න පුරුදු වෙන්න!
සටහන –
මනෝ උපදේශිකා
රුවනිකා ජයවර්ධන
+94 76 185 2470