අපි විනෝදාංශයක් විදිහට පටන් ගන්නා ඇතැම් දේවල් කාලයත් සමග විනෝදාංශයක් විදිහට ගොඩ නැගෙන්න පුළුවනි. හොරණ පදිංචි සේන් ඇන්ජලා රණවීරගේ කථාවත් ඒ වගෙයි.
ෂේන් ඇන්ජලා පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරූ ඇය පාසල් කාලයේ පටන්ම බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන්ද දක්ෂතාවයක් දැක්වූවා. ඒ අතර ඇය නීති ප්‍රවේශ විභාගය සඳහාද පෙනී සිටියා.

අද ඇගේ තත්වය ගැන අපි ඇන්ජලාගෙන්ම අහමු
මම මුලින්ම ගෙතුම් නිර්මාණ කළා. එයිනුත් මම ආදායමක් ලැබුවා. ඔය අතරේම මම පර්ස් , බෑග් සහ ළදරු ජර්සි වර්ග ගෙතුවා. ඒවාත් අලෙවි වුණා. මේ විදිහට කාලය ගෙවෙද්දී මටහිතුනා රෝසමල් වගාවක් පටන් ගන්න. එය පටන් ගත්තේ විනෝදාංශයක් විදිහට. මලක් පිපුනාම ඇතත්ටම හිතට සතුටක්. පරිසරයත් ලස්සන වෙනවා. කොටින්ම මල් කියන්නේ හිත නිවන භාවනාවක්.
මම ජපන් රෝස මල් වගා කළා. ඒ වගාවෙනුත් මම ආදායම් ලැබුවා. මේ වගාව ව්‍යාපාරික විදිහට පටන් ගන්න මම රුපියල් 2000 ක් වගේ මුදලක් ආයෝජනය කළා. ව්‍යාපාරික මට්ටමින් හිතුවොත් මේ මුදල් ඉතාම අඩු බව ඔබ සිතයි. නමුත් මගේ ආරම්භය පුංචි මුදලකින් පටන් ගත්තා.
මල් වගාව ව්‍යාපාරයක් වුනේ කොහොමද…?
මම ජපන් රෝස මල් වර්ග සියයක් පමණ වගා කළා. මේ මල් ඔන්ලයින් ඔස්සේ අලෙවි වුණා. මට ඇනවුම් ලැබුනාම ඒවා කුරියර් මගින් අදාල පාරිභෝගිකාගේ ගෙදරටම යවනවා.
එතැනින් පසුව මම resell ව්‍යාපාරයක් පටන් ගත්තා. ඔන්ලයින් ක්‍රමයට ඇනවුම් අරගෙන ඒවා නැවත අලෙවි කරන්න පටන් ගත්තා. මට හිතුනා මගේම නිෂ්පාදන අලෙවි කරන්න. මේ වෙන විට මට මහන්න ඒ තරම් හැකියාවක් තිබුනේ නැහැ. ඉතින් මම මහන්න ඉගෙන ගනන් හිතුවා. බෑග් මහන පාඨමාලාවකට සම්බන්ධ වුණා.
මේ අතරේ මම බෑග් මහන පාඨමාලාවක් හැදෑරුවා. මේ අතරේම මම ඒ ගැනත් කියන්නම්. මම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පවත්වා ගෙන ගිය මනාලියන් හැඩ ගැන්වීමේ NVQ 4 පාඨමාලාවත් හදාරා තිබෙනවා.
දැන් බෑග් මහන හැටි ඉගෙන ගත්තාට මදි. ඒ වෙනුවෙන් මැෂින් එකක් ගන්නත් ඕන වුණා.

මම මැෂින් විකුනන අදාළ ආයතනයට මැෂිමක් බලන්න ගියා. අධිවේගී මැෂිමක් මම පෑගුවෙත් එදා. මම අභියෝගය බාර ගන්නවා කියලා හිතුවා. ඒ වගේම මම මෙතෙක් උපයා ගත් මුදලින් මේ මැෂින් එක ගන්න මට හැකි ලැබුණා. ඒකත් මට ලොකු සතුටක්.
අදාළ ආයතනයේදී අධිවේගී මැෂින් එක පාගන්නවත් බැරි වුන මම තැබු පය ආපසස්ට ගත්තේ නැහැ. මම කොහොම හරි මහන්න ඉගෙන ගන්නවා කියලා එදා හිතා ගත්තා. ඒක සිතුවිල්ලකට සීමා වුනෙත් නැහැ. මම හොඳින් මහනන් ඉගෙන ගත්තා.
අද වෙන විට මේ බෑග් සියල්ල මහන්නේ මම. මට ඕඩර් එකක් නැති දවසක් නැහැ. ඒ තරමටම මගේ බෑග් වෙනුවෙන් ඉල්ලුමක් තිබෙනවා. මගේ අක්කා වගේම පවුලේ අයගෙන් විශාල ශක්තියක් මට ලැබෙනවා. නැත්නම් අද මේ තැනට පත් වෙන්න මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි, මා වටා සිටින පාරිභෝගිකයන් නිසා අද මට වෙළඳපොළක් නිර්මාණය වුණා. ඒ වෙළඳපොළ ස්ථාවරයි. දැන් මට පවුලේ ආර්ථිකයටත් දායක වෙන්න පුළුවන්කමක් ලැබී තිබෙනවා.
බෑග් එක සමග ඇඳුමක් තිබුනොත්..?
මගෙන් බෑග් මිළට ගන්න පාරිභෝගිකයන් නිතරම මට කියන දෙයක් තිබෙනවා. ඒ තමයි මේ බෑග් එකට ගැලපෙන ඇඳුමකුත් අපට ඔයාගෙන්ම ලැබෙනවා නම් කියන එක. ඉතින් මම පාරිභෝගිකයන්ගේ ඉල්ලීමට අනුව දැන් ඇඳුම් මැසීමේ පාඨමාලාවක් හදාරනවා. එතැනින් පසුව ඔවුන් ඉල්ලන විදිහට බෑගය ගන්නා දවසට ඇඳුමකුත් මගෙන් ගනන් පුළුවන් . ඒ වෙනුවෙන් අනාගතයේ හනයක් මට ඔවුන් ලබා දුන්නා.

මං මගේ ව්‍යාපාරයට හරිම ආදරෙයි. මේක ව්‍යාපාරයක් බව ඇත්ත. නමුත් එයින් ලැබෙන සතුට මිළ කරන්න බැහැ.මගේ ආදරණීය පාරිභෝගිකයන් මා වටා පවුරක් සේ ශක්තිමත්ව සිටිනවා. මගේ ව්‍යවසායකත්වයට එය අත්වැලක්. ඒ හැම දනාටම මගේ නිහතමානී සතුට සහ ස්තුතිය .
සටහන –
සිල්වා සී