මාලු කේරලේ ක්‍රමයට හදමු ද ?

author
0 minutes, 0 seconds Read

මාලු හදන ගොඩක් ක්‍රම කේරලේ තියෙනවා. මේ එක ක්‍රමයක් ..රස නම් කියලා වැඩක් නෑ. හැමදාම උයනවට වඩා මෙහෙම වෙනසක් කරාම නියමයි.

සාදන ක්‍රමය..

මුලින්ම මාලු ටික පදම් කරගමු..

*තෝරමාලු,බෝල්ලො,ලින්නො,අලගොඩුවො වගේ සාමාන්‍ය ප්‍රමානෙ කූරි මාලුවන් තමයි මේකට සුදුසු. හීනියට රවුම් කපාගන්න පුලුවන් නිසා. ඒ නොගැඹුරු තෙලේ මාලු කෑලි බැදගන්න නිසා..එහෙම මාලු වලින් 250g අරගන්න .(රවුමට කපාගෙන )
හොඳින් සෝදලා වතුර ඉවත්වෙන්න තියන්න

*එයට කහ තේ හැඳි 1/4 ,මිරිස්කුඩු මේස හැන්දක් ,විනාකිරි මේස හැන්දක්,ලුණු එක්කර හොඳින් අතගා විනාඩි 30ක් පදම් වන්නට හරින්න.

*නොන්ස්ටික් පෑන් එකකට තෙල් මේස හැඳි 4ක් දාගන්න ..තෙල් රත්වෙන කොට මාලු කැබලි අතුරා දෙපැත්ත හරවමින් අඩුම අඩු ගින්දරේ හොදින් බැදගන්න. බැදගත් මාලු ටික පසෙකින් තබන්න .

*දැන් ඒ තෙලටම තලාගත් ඉඟුරු සුදුලූනු ස්වල්පයක් ,කපාග අමුමිරිස් කරල් 2ක් එක්කර තප්පර කිහිපයක් බැදගන්න .එයටම කපාගත් ළූනු ගෙඩි 2ක් එක්කරගන්න .කරපිංචා කොළ කිහිපයක් එක්කරගන්න .ලුණු එක්කරන්න.
හැන්දෙන් හොඳින් මිශකරමින් ළූනු මැලවෙන්න හරින්න(අඩුගින්දරෙ )

*ලොකු තක්කාලි ගෙඩියක් කොටුවට කපාගෙන එයට එක්කරගන්න.මිශ්‍රකරගන්න,හොදින් මැලවෙන්න හරින්න.හැඳිගාන්න නිතරම

*එයට මිරිස් කුඩු මේස හැන්දක්,ගම්මිරිස් කුඩු තේ හැන්දක් ,කොත්තමල්ලි කුඩු තේ හැන්දක් ,සූදුරු කුඩු තේ හැඳි භාගයක් එක්කර හොදින් මිශ්‍රකරගන්න ..

*ඉන්පසු වතුර කෝප්ප කාලක් එක්කරන්න. බැදගත් මාලු අතුරන්න.

*පැතලි හැන්දකින් මාලු කැබලි පෙරලමින් ළූනු මිශ්‍රනය සමග මිශ්‍රකරගන්න. විනාඩි 5ක් පියනකින් වසා තබන්න.
(ගින්දර අඩුම අඩු විය යුතුයි )

*විනාඩි 5කින් නැවත මිශ්‍රකර ලිපෙන් ඉවතට ගන්න.

පාන්,රොටි,නාන්,චපාති,බත් වලට ගැලපේ..

Similar Posts