යාපනේ රසට කකුළුවො කරියක්

author
0 minutes, 1 second Read

මාත් එක්ක යාපනේට විශේෂිත වෙච්ච කෑම බීම හදල බලමුද??

එහෙනම් මුල්ම රෙසිපිය යාපනේ කෑම වලින් ප්‍රසිද්ධම යාපනේ කකුළුවො කරිය. මේක එක එක අය හදන විදිහ වෙනස්.මෙන්න මම හදන විදිහ.

අවශ්‍ය දෑ~

*කකුළුවො 500g (හොඳින් සුද්දකර,දෙකට කඩා ගැනීමෙන් වඩාත් රසවත් වේ)
*සුද්දකරගත් රතුළූනු ගෙඩි 15 ක් පමණ
*අමුමිරිස් කරල් 3 ක් පමණ
*තලාගත් සුදුළූනු බික් 3 ක්
*තලාගත් ඉගුරු කැබැල්ලක්
*උලුහාල් තේ හැන්දක්
*මාදුරු තේ හැන්දක්
*කහ තේ හැඳි බාගයක් පමණ
*යාපනේ තුනපහ කුඩු මේස හැඳි 2-3අතර
*කරපිංචා
*සියඹලා ඉස්ම මේස හැඳි 2 ක් පමණ
*උකුකිරි සහ මිටිකිරි අවශ්‍ය තරමට
*පොල්තෙල්(සාම්ප්‍රදායික රෙසිපියේදි තලතෙල් යොදාගැනේ)
*ලුණු

**ගාගත් පොල් කප් කාලකට,කරදමුංගු ඇට 2 ක් යොදා,කබලේ දමා රන්වන්පාට වනතෙක් බැද,ග්‍රයින්ඩරේ දමා කොටාගෙන පසෙකින් තබාගන්න.

සාදන ක්‍රමය~

*මැටි හට්ටියක් ගෙන ලිපතබා එයට තෙල් එක්කර,රත්වන විට මාදුරු,උලුහාල්,රතුළූනු එක්කර මිශ්‍ර කරගන්න.ළූනු මදක් බැදෙනවිට සුදුළූනු සහ ඉඟුරු එකතුකරගන්න.

*ඉන්පසු අමුමිරිස් එකතුකරමින් මිශ්‍රකර කකුළුවන් එක්කරන්න.
විනාඩියක් පමණ කකුළුවන් තෙලේ රත්වෙන්නෙ හරින්න.නොනවත්වා මිශ්‍ර කරන්න.

*කකුළුවන් තැම්බීමට අවශ්‍ය ප්‍රමාණයට දියකිරි එක්කර ගන්න.

*තුනපහ,කහ,ලුනු,සියඹලා ඉස්ම සහ කරපිංචා එක්කරගන්න.හොඳින් මිශ්‍ර කර,මූඩියකින් වසා කකුළුවන් තැම්බෙන්න හරින්න.

*දියකිරි වල ඉස්ම ගතිය තියෙන තුරු හිඳුනු විට,මිටිකිරි එක්කරගන්න.කිරි කැටිවීමට නොදී හොඳින් හැඳිගාන්න.

*කිරි හොඳින් නැටූ පසූ,පොල් මිශ්‍රණය එක්කරගන්න.හොද්ද මදක් උකුවනතුරු ලිප තබා ලිපෙන් ඉවතට ගන්න.ඉවතට ගැනීමට පෙර කැමති නම් මුරුංගා කොළ එක්කරන්න.නැත්නම් කරපිංච කොළ එක්කළ හැක.

බත්,පාන්,රොටි,පිට්ටු වැනි කෑම සමග මෙම කකුළුවන් කරිය ඉතාමත් ප්‍රණීතය.කලපු කකුළුවන් යොදාගැනීමෙන් තවත් රසවත් වේ.

උපදෙස් –

අප්සරා රණසිංහ

Similar Posts