රංගන හැකියාවෙන් කලා ලොවට එන පුංචි මල් කැකුළ

author
0 minutes, 1 second Read

පුංචි දූ දරුවන් තුළ ඇති හැකියාවන් වල අපූර්වත්වය කියා නිම කළ නොහැකි තරම්.

එලෙස අද ලාංකීය කලාව තුළ බිහිවන නවකයින් අතරින් ඔවුන්ගේ හැකියාවන් අභිබවා යන පුංචි දියණියක් අද අපට මුණ ගැසුණා.

මේ දිනවල රූපවාහිනියේ විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකත් තවත් චිත්‍රපටයකත් රංගනයේ යෙදෙන ඇයගේ විශිෂ්ට දක්ෂතාවයන් පිළිබඳව කතා බහ කරන්නටයි මේ සූදානම .

පුංචි මල් කැකුළිය නමින් ට්‍රිනිටි ක්ලෙයාරා පෙරේරා.

මුලින්ම අපි ට්‍රිනිට් දුව ගැන කතා කරමු

මගේ නම ට්‍රිනිටි ක්ලෙයාරා පෙරේරා. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ. දැන් යන්නෙ මම polymath international school මහරගම.

දුවගෙ අධ්‍යාපන කටයුතු

මම දැනට ඉගෙනම ලබන්නේ 03 වසරේ. මම පාසල් වැඩ කරන්න හරිම ආසයි.

මොනවද මේ දවස්වල අලුත් වැඩකටයුතු

මේ දවස්වල නම් ටිකක් විතර වැඩ වැඩියි. shooting යනවා. ක්ලාස් යනවා. ස්කූල් එකෙත් වැඩ කර ගෙන සතුටින් ඉන්නවා.

වයස අවු.7ක් වගේඉතාම පුංචි වයසක දි රංගනයට පිවිසෙන්න අවස්ථාව උදා කර ගත්තෙ කොහොමද ?

මුලින්ම මම ලලිත් සර්ගෙ නැටුම් පන්තියට ගියා.ඊට පස්සෙ ලලිත් සර් හර්ෂ මාමට මාව හඳුන්වලා දුන්නා දියණි නාට්‍යයට.

දැනට කොපමණ ටෙලි ප්‍රමාණයක රංගනයේ යෙදිල තියනවද?

මම දැනට ටෙලි නාට්‍ය 09ක රඟපාල තියනවා.

චිත්‍රපට වලත් රඟපාන්න ආසාවක් තියනවද?

ඇත්තෙන්ම ඔව්. දැනට මම සුරංග දි අල්විස් මාමගෙ චිත්‍රපටයක රංගන කටයුතුවල යෙදිලා තියනවා.

ලොකු වුනාම වෙන්න කැමති කවුද ?

මම ලොකු වුනාම වෙන්න කැමති Actor කෙනෙක් Dancer කෙනෙක් වගේම ජිම්නාස්ටික් කෝච් කෙනෙක්.

පවුලේ අය ගැනත් කතා කරමු

මගෙ තාත්ත රට. මගේ අම්ම තමයි ගෙදර ඉන්නෙ.මට අක්ක කෙනෙකුයි අයිය කෙනෙකුයි ඉන්නවා.

පුංචි දුව ටෙලි නාට්‍යවල දකිද්දි යහළුවන් මොකද කියන්නෙ

මම ඉස්කෝලෙ ගියාම යාළුවො කියනවා ඊයෙ රඟපාපු නාට්‍යය හරිම ලස්සනයි කියල. මමයි අම්මයි පාරේ ඇවිදින වෙලාවට මාව දකින නැන්දල මාමලා අයියලා අක්කලා ඇවිල්ලා මාත් එක්ක ෆොටෝ ගන්නවා.

විශේෂයෙන් මතක් කළ යුතු අය

මට උදව් කරේ ලලිත් සර් හර්ෂ සර්. ඒවගේම මගේ අම්මයි ,තාත්තයි,අක්කයි,අයියයි,ආච්චිලා දෙන්නයි.

සටහන – නිලූකා

Similar Posts