පංචකර්ම අවසාන කොටස
පංචකර්ම ප්‍රතිකාර පද්ධතිය තුළ දූෂණය වූ රක්තය බැහැර කිරීම සඳහා යොදා ගන්න ප්‍රතිකාර විදිය රක්ත මෝක්ෂණය නමින් හඳුන්වයි. මෙහිදී අපිරිසිදු රුධිරය සිරුරින් බැහැර කිරීම සිදුවේ. ඒ සඳහා අලාබු, ශ්‍රැංග, ජලෞකාවන් (කූඩැල්ලන්) වැනි විවිධ ක්‍රම භාවිතා අතීතයේ දී භාවිතා කරන ලැබුවද වර්තමානයේ ඒ අතුරින් ජලෞකාවන් හෙවත් කූඩැල්ලන් ඇල්ලීම ප්‍රසිද්ධ ප්‍රතිකාරයකි.
කූඩැල්ලන් යොදා ගැනීමේදී නිර්විෂ කූඩැල්ලන් තෝරා ගන්නා ආකාරය පිළිබඳව ආයුර්වේද ශාස්ත්‍ර ග්‍රන්ථයන්හි දක්වා ඇති අතර නිර්විෂ කූඩැල්ලන් හංසයා කිරෙන් දිය වෙන් කර බොන්නාක් මෙන් දූෂිත රුධිරය පමණක් උරා බොන බව දක්වා ඇත.
ඉතා කෘශ වූද, ක්ෂීණ වූ ද, ගර්භනී, සූතිකාවන්, පාණ්ඩුව වැනි රෝග ඇති අය ආදී වශයෙන් රක්ත මෝක්ෂණය නොකළ යුතු තැනැත්තන් දක්වා ඇති අතර වයස අවුරුදු 16ට අඩු හා 70ට වැඩි තැනැත්තන් හටද මෙම ප්‍රතිකාරය නොකළ යුතු බව දක්වා ඇත.
වාත රක්ත කුෂ්ට, ගෙඩි වණ, විසර්ප, නහර ගැට ගැසීම, රක්ත රෝග, රක්ත පිත්ත වැනි රෝග රාශියක් සඳහා රක්ත මෝක්ෂණ ප්‍රතිකාරය සුදුසු වේ. ආයුර්වේ රූපලාවණ්‍ය කටයුතු වලදීද සමහර රෝගීන් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය යොදා ගනියි.
බැහැර වන රුධිරයේ ස්වභාවය අනුව දූෂණය වී ඇති දෝෂ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වන අතර කූඩැල්ලන් ඇල්ලීමෙන් පසුව එම කූඩැල්ලාව නැවත පිරිසිදු කර පිරිසිදු ජලය ඇති ස්ථානයකට දැමිය යුතුය.
මෙම ප්‍රතිකාරය නිසි දැනුම සහිත වෛද්‍යවරයකු විසින් සිදු කළ යුතු අතර රෝගියාගේ රෝගී තත්වය, බල දුබලතා, කාලය හා දෝෂ තත්ව සළකා බලා නිර්දේශ කළ යුතුය. රජයේ ආයුර්වේද රෝහල් රාශියක මෙම ප්‍රතිකාර ක්‍රම ඉතා සාර්ථකව සිදු කරනු ලබයි.
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය නර්මදා ජයසූරිය