රජයේ ඉඩම් රාජකාරි විධිමත්ව හා කාර්‍යක්ෂමතාවයකින් යුක්තව මහ ජනතාව වෙත ගෙන යාමේ අරමුණින් ඉඩම් කොමසාරිස් ජනරාල් කාර්‍යාලය මගින් සංවිධානය කරන ලද රජයේ ඉඩම් බදු ලෙජර් යාවත්කාලීන කිරීම සම්බන්ධ පුහුණු වැඩසටහනක් නොවැම්බර් 21 හා 22 දෙදින දෙබරවැව ඉඩම් කොමසාරිස් ජනරාල් කාර්‍යාලයේදී පවත්වන ලදී. මෙහිදී රජයේ ඉඩම් බදු ලෙජර් eslims පද්ධතිය හරහා යාවත්කාලීන කිරීම සම්බන්ධව ප්‍රායෝගික පුහුණුවක් දෙදිනක් පුරාවට ඉඩම් රාජකාරි වල නිරත රජයේ නිලධාරීන් වෙත ලබා දෙන ලදී.මෙය රජයේ ඉඩම් ඩිජිටල්කරණයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.


සැකසුම හා වාර්තාකරණය:-
එච්.එම්.එස්.සංජීවනි කුමාරි