රජයේ ඉඩම් රාජකාරි e තාක්ෂණය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පළාත් හා අන්තර් පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තු,ඉඩම් කොමසාරිස් ජනරාල් කාර්යාලය ඒකාබද්ධ කරමින් පවත්වාගෙන යනු ලබන eslims වැඩසටහන පිළිබඳ ඉඩම් ක්ෂේත්රයට සම්බන්ධ රාජකාරිවල නියුතු නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගිය 06 වන දින මුන්දලම සහකාර හා වැඩ බලන ප්‍රාදේශීය ලේකම් සාලිය මල්විල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් World Vision Lanka ආයතනයේ Grace වය්යාපෘතියේ පූර්ණ අනුග්‍රහයෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ලබා දුන්නේ ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ eslims ඒකකයේ ජනපද නිලධාරී ශක්ති මදුශාන් විජේවර්ධන මහතා වූ අතර එය සම්බන්ධීකරණ කටයුතු මුන්දලම ජනපද නිලධාරී රජිත සම්පත් වීරසේන මහතා විසින් සිදු කරන ලදී.
රජයේ ඉඩම් සම්බන්ධ බලපත්‍ර,දීමනාපත්‍ර,බදු සම්බන්ධ කටයුතු ආදී සියලු ඉඩම් සම්බන්ධ රාජකාරි ඩිජිටල්කරණයට ප්‍රවේශ කිරීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වූ අතර මෙම වැඩසටහන මගින් නය්යායාත්මක මෙන්ම ප්‍රායෝගික පුහුණුවක්ද වැඩසටහනට සම්බන්ධ වූ සියලු නිලධාරීන් වෙත ලබා දීමට කටයුතු කිරීම විශේෂත්වයකි.එහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු මහේෂ් මහතාද එම වැඩසටහනේ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා තාක්ෂණික සහය ලබා දීමෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කලේය.
සැකසුම හා වාර්තාකරණය :- එච්.එම්.එස්.සංජීවනී කුමාරි