මේ දිනවල බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වී තිබෙන චරිත අතරින් social media වලින් ප්‍රචලිත් වුණ තවත් එක් චරිතයක් අද අපට මුණ ගැසුනා.
ඉතාමත් ලාබාල වයසේ පටන් funny vlogs, food vlogs වලින් ප්‍රේක්ෂකයින් අතරට එන ඔහු මේ වන විට වටලප්පම් ව්‍යාපාරයක හිමිකරුවෙක්. එසේ නම් දැන් අපි බලමු තරුණ ව්‍යවසායකයෙක් විදියට ඔහුගේ මේ ගමන සාර්ථක කරගත්තේ කොහොමද කියලා.
මුලින්ම ඔබ ගැන කතා කරමු.
මගේ නම රුචිත් පෙරේරා. මගේ පවුලේ ඉන්නේ මම, අක්කා, අම්මා සහ තාත්තා. මගේ අක්කා විවාහකයි. මගේ අම්මා ගෘහණියක් තාත්තා ව්‍යාපාරිකයෙක්.
ඇයි ඔබ Social media influencer කෙනෙක් විදියට කටයුතු කරන්න හිතුවේ,
මගේ පොඩි කෙලේ ඉදන් ම තිබුණ ආසාවක් තමයි social media influencer කෙනෙක් වන එක. මම පොඩි කාලේ ඉදන් social media වල විවිධ experiments කරපු කෙනෙක්. මුලින් funny vlogs ඊට නමින් tik tok හරහා වීඩියෝස් කිහිපයක් කරා. පස්සේ ඒක එච්චර මට set වුණේ නැති නිසා food reviews වැනි vlogs කිහිපයක් පටන් ගත්තා.
මේ දිනවල Watalappan යන නම ගැන කතා කරොත් ඔබ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක් වී තිබෙනවා. කොහොම ද Watalappan කියන වෙළඳ නාමයකින් මෙවැනි ව්‍යාපාරයක් පටන් ගන්න ඕන කියන අදහස ඔබට ආවේ,
ඇත්තටම මේ වටලප්පන් ව්‍යාපාරය මීට අවුරුදු කිහිපයකට කලින් ආරම්භ කර ව්‍යාපාරයක්. වටලප්පන් වලට අමතරව පොඩියට තව ආහාර වර්ග කීපයක් සමග තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. ගැටලුකාරී හේතුන් කිහිපයක් මත ඒක අතරමගදී නතරකරන්න සිද්ධවුණා. පසුව නැවතත් අම්ම මට වටලප්පම් ගෙදරදි හදලා දීපු අවස්ථාවකදී මට නැවතත් ඒ ආසාව එනවා වටලප්පම් විතරක්ම ඒ නමින් ව්‍යාපාරයක් විදියට කරන්න. ඉන් පසුව තමයි නැවතත් වටලප්පන් එක එක Sizes වලින් හදන්න පටන් ගත්තතේ අම්මත් එක්ක. විශේෂයෙන්ම කියන්න ඕනේ අදටත් වටලප්පන් හදන්නේ මගේ අම්මා පමණයි. මගේ තාත්තත් මේ ව්‍යාපාරයට ලොකු සහයෝගයක් දක්වනවා.
මේ දක්වා ලැබී ඇති ප්‍රතිචාර,
මේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කරනවා නම් ඇත්තෙන්ම ඉහළ ප්‍රතිචාර තියෙනවා . ගොඩක්ම මාව නොදන්නා අයත් මේ ව්‍යාපාර ඔස්සේ මාව දැන හඳුනා ගත්තා. විශේෂයෙන්ම facebook එකේ පේජ් එකත් හරහා ගොඩක් අය මාත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් මගේ මේ ව්‍යාපාරය සාර්ථක කර ගන්න හැම වෙලේම මගේ ළඟින්ම ඉන්න මම තාත්තා අක්කා සහ අයියා ඒ හැමෝවම මේ වෙලාවේ මම විශේෂයෙන්ම මතක් කරනවා.
ඔබ Social media influencer කෙනෙක්ව අනුකරණය කරනවද?
ඇත්තෙන්ම කිව්වොත් එහෙම අනුකරණය කිරීමක් කරන් නැහැ. නමුත් හැම content creator කෙනෙක්ගෙම videos බලලා ඒ අයගෙන් ඉගෙන ගන්න පුලුවන් හැමදේම ගන්නවා. මොකද වර්තමානයේදි social media එක හරිම වෙනස් වෙලා තියනවා.
සමාජ මාධ්‍ය තුළ කටයුතු කරද්දී ඔබට පැමිණි අභියෝග මොනවාද?
වර්තමානයේ සමාජ මාධ්‍ය කියන දේ ගොඩක් භයානක ආයුධයක් බවට පත් ව තියෙනවා. අපි publish කරන හැම වීඩියෝ එකක්ම අභියෝගයක්. නමුත් ව්‍යාපාරයේ මුල ඉදන් අද වෙනකන් social media වල මාත් එක්ක හිටිය අපිව විශ්වාස කරන් ඉදපු customer base එකක්.
වර්තමාන සමාජය තුළ සිටිනා Social media influencers ලා අතරින් ඔබ වඩාත්ම ප්‍රිය කරන පුද්ගලයෙක් සිටිනව ද?
මගේ ප්‍රියතම Social media influencer Ashen senarathna. මගේ videos පවා edit කරන් විදි වෙනස් කර එයාගේ videos බලලා. Business එකේ මුලදිම කිසිම ලාභ ප්‍රයෝජනයක් නොමැතිව කිහිප දෙනෙක් දැනගෙන සිටි මගේ ව්‍යාපාරයට පණක් දීලා ලෝකයකට හදුන්වලා දුන්නේ ඔහුයි.
ඉදිරි වැඩ කටයුතු
දැනට පෞද්ගලික අංශයේ bank එකක තමයි මම වැඩ කරන්නේ . ඒ වැඩ කටයුතුත් සමග social media platform එකත් එක්ක කෑම සම්බන්ධ පැති වල වැඩ කරන්න තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව.
සටහන – බිනාලි ජයනි රාජපක්ෂ