අතිශය පළමු වතාවට රටවල් 10 ක් එක්කාසු කොට ගනිමින් සූදානම් වෙමින් පවතින World අවුරුදු කුමරා සහ කුමරිය තරගාවලියේ ඩුබායිහිදී පැවැත්වෙන තරගය සඳහා පාරම්පරික සහ නවීන විලාසිතා ඇතුලු ආභරණ නියෝජනය කරමින් උඩරට/පහතරට/ western සහ හින්දු ආභරණ කට්ටල ලබාදෙමින් Jewelry Designing මගින් අනුග්‍රහකත්වය දරණ “Gamage Kandyan ” ආයතනයේ ප්‍රධානී බි.යූ ගමගේ සමගයි LETS TALK තුලින් අද අපේ කතා බහ.

පළමුව අප ඔබගේ ආයතනය ගැන කතා කරමු.
අප මහනුවර ගමගේ ජුවලර්ස් පුද්ගලික සමාගමයි. මනාලියන්ගේ මංගල දිනයට අවශය පාරම්පරික සහ නවීන විලාසිතා ඇතුලු ආභරණ නියෝජනය කරමින් උඩරට/පහතරට western සහ හින්දු ආභරණ කට්ටල අපගෙන් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

වෘත්තියක් විදියට costume designing / විලාසිතා නිර්මාණකරනය තෝරා ගත්තේ ඇයි?
විලාසිතා නිර්මාණකරණය අතරින් උඩරට පාරම්පරික මංගලාභරණ වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. මම කාලයක් තිස්සේ මෙම වෘත්තිය තෝරා ගැනීමට යොමු වන්නේ දියණියකගේ ජීවිතයේ සුවිශේෂම හැරවුම් ලක්ෂ්‍යයක් වන මංගල දිනයට ඇය අඳින ඇඳුමෙන් පමණක් නොව, ඇය පළඳින ආභරණ වලින් සාම්ප්‍රදායික හෙළ කුමරියක් ලෙස ඇයව හැඩ ගැන්වීමේ අරමුණින්.

දැනට කොපමණ කාලයක් වෙනවද මේ ආයතනය ආරම්භ කරලා,
දැනට වසර 50 කට ආසන්න කාලයක් මගේ ව්‍යාපාරය මහනුවර නගරයේ පවත්වාගෙන යනු ලබනවා.
රටවල් කිහිපයක් එක්කාසු කොට ගනිමින් ඉතාමත් සුවිශේෂී කටයුත්තක් මේ වනවිට සූදානම් වෙමින් පවතිනවා. ඒ තමයි World අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගය. ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය ලොවටම පෙන්වමින් ප්‍රථම වතාවට පැවැත්වෙන මෙම World අවුරුදු කුමරා සහ කුමරිය තරගයේ ඩුබායිහි දී පැවැත්වෙන තරග වටය වෙනුවෙන් jewelry designing ඔබ ආයතනය මඟින් සිදුවන බව අපට අසන්නට ලැබුණා. මෙම සුවිශේෂී අවස්ථාවට ඔබේ සූදානම කොහොමද?
ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට පෙන්වන්නට ප්‍රථම වතාවට World අවුරුදු කුමරා කුමරි තරඟයට අපටත් අවස්ථාව ලබා දීම ගැන ඇත්තෙන්ම මට ඉතාමත් සතුටුයි. මේ වැඩසටහනට සියලුම ආභරණ මාගේ ආයතනයෙන් නිම වූ භාණ්ඩ වන අතර සාම්ප්‍රදායික උඩරට, පහතරට, Modern කැන්ඩියන් සහ පාරම්පරික මංගල ආභරණ කට්ටල ද මේ වන විට මෙම තරඟය උදෙසා ලබා දී අප තීරණය කර තිබෙනවා.

මොනවගේ සංකල්පයක් ද ඔබ මෙම තරගාවලිය සදහා ඔබ භාවිත කිරීමට සූදානම් වන්නේ?
ශ්‍රී ලංකාවේ අභිමානය ලොවට පෙන්වමින් නැවුම් මුහුණුවරකින් මනමාලියක් සාම්ප්‍රදායික ලෙස හැඩගන්වා පෙන්වීමට මේ වන විටත් කටයුතු අප සූදානම් කරමින් සිටිනවා. සාම්ප්‍රදායික මංගලාභරණ කට්ටල Moden Kandyan set ආදී මංගල දිනයේදී අවශ්‍ය කරන සියලුම ආභරණ කොටස් 12 වැඩි ප්‍රමාණයක් මේ වන විට ලෑස්ති කර අවසන්.

වර්තමානයේ තරුණ තරුණියන් අතරේ වැඩිපුර ම trending බවට පත් වෙලා තිබෙන fashions ලෙස ඔබ දකින්නෙ කුමක්ද?
මේ වන විට ලංකාවේ වගේම මුළු ලෝකය පුරා අපගේ මංගලාභරණ කට්ටල බෙදා හරින අතර පාරම්පරික Traditional ‘මංගලාභරණ වර්තමානයේ තරුණ තරුණියන් අතර ප්‍රසිද්ධ වෙමින් තියෙනවා Moden Kandyan ලෙස ද මෙය ප්‍රචලිත වෙලා තියෙනවා. විදෙස් රටවලින් ද ඇවිත් අප ආයතනයෙන් Traditional Kandyan set ගැන විමසිල්ලෙන් බලන අතර ලංකාවේ තරුණියන් ද ඒ සම්බන්ධව උනන්දුවක් දක්වයි.

ඔබ ආයතනය මගිනි අලුතෙන් නිර්මාණ කරන ලද විලාසිතාවන් මොනවා ද යන්න පිළිබඳවත් අපි මතක් කරමු.
මේ වන විට අප ආයතනය මඟින් නැවුම් මුහුණුවරකින් නවීන පන්නයේ මංගලාභරණ රැසක් නිර්මාණය වී ඇති අතර තවත් ඉදිරියටද දැක ගැනීමට අවස්ථාව තියෙනවා. World අවුරුදු කුමරා කුමරිය වෙනුවෙන් Moden Kandyan set 12 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණ කර ලබා දීමට තීරණය කරලා තියෙනවා.
ඔබේ නිෂ්පාදන මිළදී ගන්න අයට ඔබව සම්බන්ධ කරගත හැකි ආකාරය
අපගේ නිෂ්පාදන මහනුවර අප ආයතනයෙන් ලබා ගත හැක. මේ වන විට ඇති අතර මහනුවර කොටුගොඩැල්ල වීදියේ අංක 15 දරණ ස්ථානයේ පිහිටා ඇත. ෆේස්බුක් මගින් Instagram මගින් ද අපගේ ආභරණ දැකබලා ගත හැක. Gamage Kandyan
077-7272954
WA Proprietor (B.U.Gamage)
081-2224122 (Hotline)
සටහන – බිනාලි රාජපක්ෂ