සැතැපුම්ගණනාවක් දිග ගමනක් පටන් ගන්නේ එක් පුංචි පියවරකින්. ව්‍යාපාර ගැන සඳහන් කරනවා නම් අද ස්ථාවරත්වයට පත්ව සිටින ජාතික මටට්මේ ව්‍යවසායකයන්ගේ වුනත් ආරම්භය පුංචි පියවරක්. ඒ වගේම අප අතර සිටින බොහෝ කාන්තාවන්ගේ ආරම්භයේදීත් ව්‍යවසායකත්වය ගැන අරමුණු තිබුනේ නැහැ. බොහෝ විට දවස දිග නිසා කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීමට තබන ලද එක් පියවරක් අවසානයේදී ඔවුන්ටත් නොදැනීම ව්‍යවසයාකත්වයකට පරිවර්තනය වෙනවා. මේ එවැනි එක් දිරිය කාන්තාවක්.
මගේ නම රශ්මි ඉෂාරා … දිවුලපිටියේ පදිංචි මම කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ ඉගෙණුම ලැබුවා. පාසල් අධ්‍යාපනයයෙන් පසුව ගිණුම් සහකාරවරියක් විදිහට සේවයේ යෙදුනා. නමුත් විවාහයෙන් පසුව මම රැකියාවෙන් ඉවත් වුණා.
නිවසේ ඉඳිද්දී දවස දිගයි. දවසේ සාමාන්‍ය කටයුතු වලින් පසුව කරන්න දෙයකුත් නැහැ. මේ නිසාම මගේ හිතට යම් එපාවීමක් දැනෙන්න ගත්තා. මේ නිසා මම යූ ටියුබ් එකේ විවිධ වැඩ සටහන් බලද්දී “ කී ටැග් ” වගේ එක එක විසිතුරු අත්කම් බැලුවා. ඉතින් මටත් මේ වගේ අත්කම් කරන්න හිතුනා.
ව්‍යාපාරය පටන් ගත්තේ
මුලින්ම මම රුපියල් 1000 ක් වගේ අඩු මුදලක් යොදවලා පටන් ගත්තා. ෆෙල්ට් ටිකක්, නූල් වගේ දේවල් ගෙන්න ගෙන පුංචි කී ටැග් අතින් මැහුවා. මේවා සමාජ මාධ්‍ය වලට නිදහස් කළා. මම හිතුවටත් වඩා ඇනවුම් ලැබෙන්න ගත්තා. මේ විදිහට ඔන්ලයින් බිස්නස් එකක් විදිහට පටන් ගත්තේ… දැනටත් අපේ ඇනවුම් ඔන්ලයින් ඔස්සේ බාර ගන්නවා.

ව්‍යාපාරය කර ගෙන යද්දී ගැටළු ඇති වුනේ නැතිද?
එහෙම කියන්න තරම් විශාල ගැටළු නම් ඇති වුනේ නැහැ. මගේ දරුවා ලැබුන පසුව නම් තාවකාලිකව ව්‍යාපාරික කටයුතු නවත්වන්න සිදු වුණා. දරුවා වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න සිදු වෙනවා. ව්‍යවසායකයෙක් වුනත් මම අම්මකේ නිසා ටික දවසක් වයාපාරික කටයුතුවලින් දුර්සව සිටියත් නැවතත් ව්‍යාපාරය ආරම්භ කළා.
අද වෙන විට
දැන් අපි අතින් මහන කොට්ට උර , මෝස්තර යෙදූ ඇතිරිලි වගේම සෙල්ලම් බඩු ආදි දේවල් නිෂ්පාදනය කරනවා. ඊට අමතරව අපනයනය කරන ටෙඩිබෙයාර්ලත් අලෙවි කරනවා. මේ විදිහට විවිධ දේවල් එකතු වීම නිසා ව්‍යාපාරය හොඳින් වැඩිදියුණු වුණා. ඉල්ලුම වගේම “ Roo creation ” කියන නමත් ජනප්‍රිය වුණා. එර් හැම දෙයක්ම නිෂ්පාදන අලෙවියෙන් සහ ඒවායේ ගුණාත්මක බව නිසා ඇති වුන දේවල් බවත් කියන්න ඕන. ඒ විතරක් නොවෙයි, Roo creation නිෂ්පාදනයක් එක වරක් මිළට ගත කෙනෙක් නැවතත් අපේ නිෂ්පාදන මිළට ගන්නවා. ඒ තරමටම ගුණාත්මක බවකින් යුක්තයි. අපේ නිෂ්පාදන අපයනයනට සුදුසු ප්‍රමිතියකින් නිෂ්පාදනය කරන නිසා මුලින්ම ගුණාත්මක බව ගැන සැලකිලිමත් වෙනවා.

අනාගත බලාපොරොත්තු
අපේම අලෙවි ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කරලා තවත් කීප දෙනෙකුට රැකියා අවස්ථා ලබා දෙන්න ලැබීම අපේ අරමුණයි. ඒ විතරක් නොවෙයි, මේ ප්‍රදර්ශනාගාරය පාට , පාට ලස්සන ටෙඩිබෙයාර්ලගෙන් පුරවන්න තමයි මගේ බලාපොරොත්තුව..
අපි දැනටත් ලංකාව පුරාම ඇනවුම් බාර ගන්නවා. ඒවා කලට වෙලාවට ලබා දෙනවා. ඉදිරියේදී විදේශ රටවලිනුත් ඇනවුම් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ඔබේ ආදරණීයන් වෙනුවෙන් තිලිනයක් ලබා දෙන්න අවශ්‍ය නම් 0772435217 වටස්ඇප් සහ 0772435217 ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවනි.
ඉතින් අප වටේ සිටින ආදරණීය හදවත් වලට වගේම මේ අවස්ථාව ලබා දුන් Colombo Journal වෙබි පිටුවටත් බොහොම ස්තුතියි.
එහෙමනම්… රශ්මි ඉෂාරාගේ පාට පිරුන ලෝකය තව තවත් වර්ණවත් වේවායි අපෙන් සුබ පැතුම්
සටහන
සි්ල්වා , සි