පසුගිය දශක වල කාන්තාවන් රැකියාවල නිරත වීමේ ප්‍රවණතාවය වැඩි වීම නිසා රැකියා ක්ෂේත්‍ර වල විශාල පෙරළියක් ඇතිවී තිබේ. මෙම තත්වය තුල රැකියා වනිතාකරණයක අවශ්‍යතාවය මතුවී ඇත. ලෝක ආර්ථික සංවර්ධනය සඳහා කාන්තා දායකත්වය විශාල ලෙස වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකා ආර්ථිකයේ ත් බොහෝ ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය කැපී පෙනෙන මට්ටමකට පිවිස ඇත. පොදුවේ ගත්විට සංවර්ධනයේදී කාන්තා ශ්‍රමයේ දායකත්වය සහ සහභාගිත්වය වැඩි ප්‍රවර්ධනයක් උසුලයි.

රැකියා වනිතාකරණයේනයේදී මූලිකවම සිදුවන්නේ වෘත්තියක නියැලීමට අවශ්‍ය හොඳම පසුබිම සලසා දීමයි.
කාන්තාවන්ට තම සේවාවන් සඳහා සාධාරණ සහ සරිලන වැටුපක් ලැබිය යුතුය .තමන් තෝරාගත් නිශ්පාදන භාණ්ඩයක් සඳහා විකිණීමට වෙළඳ වෙළෙඳ පොළක් ඇතිකර තිබිය යුතුය. තමන් තෝරාගත් වෘත්තියේ නියැලී කුසලතාවයක් අත්කර ගැනීමට පුළුවන් විය යුතුය. පුරුෂ සහ කාන්තා භේදයකින් තොරව එක සමානව සේවා පොදුවේ සැමටම කළ හැකි කාර්යයක් ලෙස නිර්මාණය විය යුතුය.
රැකියා වනිතාකරණය තුළ පොදුවේ ශ්‍රමය සැපයීමේ සහ ගලා යාමක් සිදුවේ. ඇති තරම් රැකියා අවස්ථා ආර්ථිකය තුල නිර්මාණය වේ. වෘත්තියකට ප්‍රවිශ්ටෂ්ට වීමට ඉඩ කඩ පහසුය. කාන්තාවන්ගේ සේවයට ගැලපෙන හොඳ වැටුප් තලයක් සහ රාමුවක් නිර්මාණය වේ. කාන්තාවන් සපයන් නිෂ්පාදන හෝ සේවා සඳහා හොඳ පිළිගැනීමක් ලැබේ. සම්පත් හිඟ නොවේ. ඕනැ තරම් අමුද්‍රව්‍ය ළඟා කරගත හැකි මාර්ග තිබේ. රැකියාවන් වනිතාකරණය තුළ වැටුප් පරතරය අවම වේ. තාවීන තාක්ෂණයෙන් වැඩ පහසු කර ගනිති. රැකියා වනිතාකරණය දී කාන්තා ආධිපත්‍යයත් ඇති වන්නේ නැත.
නමුත් රැකියාවන් වනිතාකරණයේ දී මෙම දායකත්වය සීමා කෙරෙන බාධා රැසක් පවතී. ඒවායේ බලපෑම් ඒ ඒ රටවල සමාජ සංස්කෘතික සහ දේශපාලනික බලපෑම් මත තීරණය වේ.කාන්තාවගේ වැටුප් පරතරය මේ අතරෙන් ප්‍රධාන කොට සැලකෙන බාධාවකි. බොහෝ පවසන්නේ පිරිමි ප පාර්ශවයට සාපේක්ෂව එකම සේවාවක් සැපයීමේ දී කාන්තාවන්ට අඩු වැටුප් පිනරිනමන බවයි. වෙළදපල තුළ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන වේතනය තීරණය වීම කාන්තාවන්ට ඇති ප්‍රධාන බාධාවකි.රටක සංවර්ධනයට කාන්තා ශ්‍රමය ඉතාමත් අත්‍යවශ්‍ය සාධකයකි. කාන්තා භූමිකා ද අලුත් වී ඇත. සමාජයක කාන්තාවගේ දායකත්වය ඉහළින් ම අවශ්‍ය ය. සමාජීය සහ ආර්ථික වර්ධනය උදෙසා ඇගේ දායකත්වයත්වය බලාපොරොත්තු වේ. කාන්තාවන් ගෘහාශ්‍රිතව කරන සේවය සඳහා ඇගයීමක් සහ වටිනාකම්ක් ලබා දිය යුතුය.සේවා සැපයීමේදී කාන්තාවන්ගේ සේවයට අඩු තක්සේරුවක් ලබා දෙන අවස්ථාද ඇත. වැටුප් පඅසමතුලිතතාවය සහ වෙනස නිම කළ යුතුයි කාතාවන්ට හොඳ ක්‍රමවත් සහ ඵලදායී සේවයක් සැපයීමට හැකි ආකාරයකට හොඳ ආයතන පරිසරයක් සූදානම් කර දිය යුතුයි. කාන්තාවන්ට අර්ධ අර්ධකාලීන සේවා සහ නියම කරගත් සේවා වැඩ මුර වැඩ කිරීමට අවස්ථාව සපයා දිය යුතුය .රැකියාවක් තෝරා ගෙන කරගෙන යාමට අපහසු වී ඇත්තේ කුඩා දරුවන්ගේ ගැටලු සහ දරුවන් බලා ගැනීමට ක්‍රම පහසුකම් නොමැති වීම නිසාය. දීර්ඝ කාලීන වැටුප් දිනක වැටුප් හෝ වැඩ කරන කාල වේලාවට අනුව flexible කාල ක්‍රමවේදයක් අලුතින් සකස් විය යුතුය.වැඩ කළ හැකි රැකියා හෝරාවන් කාන්තාවන්ට ලබා දිය යුතුය. කාන්තාවගේ රැකියා ස්වභාවය අනුව අදාළ නිර්ණායක සහ කොන්දේසි හොඳ ක්‍රමවේදයක් මගින් ස්ථාපනය විය යුතුයි.
කාන්තාවන්ට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ඇති බාධා අවම කර යුතුයි. නිපුණතා වැඩිකර ගැනීමටත් වැඩිදුර පුහුණු අවස්ථා ලබා දිය යුතුය.සමහර රැකියා වලින් මතු වන අමතර වැඩ නිසා කාලය ඵලදායි කර ගැනීමට නොහැකි වේ. සමහර අවස්ථාවලදී වෘත්තියක නියැලෙමින් ගෘහාශ්‍රිත වැඩ සඳහා ලබාදෙන කාලය ගණනය කර ගත යුතුය. ගෘහාශ්‍රිතව කරන සේවාවන් වලට ආර්ථික හෝ මූල්‍යමය වටිනා වටිනාකමක් නැත.කාන්තාවන්ට පවුලේ රාමුව තුළ ඇති වගකීම් සම්ප්‍රදායන් නිසා ප්‍රමාණවත් ලෙස වෘත්තියකට දායක විය නොහැක.සමහර අවස්ථාවලදී කාන්තාවන්වන්ට තාක්ෂණික දැනුමක් ලැබිය යුතුය. බාධා නිසා රැකියා ඇහිරී ඇත.රැකියා වනිතාකරණය දී මෙම අසමතුලිතතා සහ වෙනස්කම් අවම වේ. ඒ අතරතුර නිශ්පඪ්ණ ක්‍රියාවලියට සම්බන්ධ කර නොගත් විශාල ශ්‍රමයක් තවමත් අපතේ යමින් පවතී මෙම ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාවලියට කුමන හෝ ක්‍රමයකින් දායක කරග ගත යුතුය. ශ්‍රම වෙළෙඳපොළ තුළ කාන්තා ශ්‍රමිකයන්ට පවත්නා වැටුප් විෂමතා අවම වේ
කාන්තාවන්ගේ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ලඟාකර ගැනීමට ඒ අයව දැනුමින් සන්නද්ධ කළ යුතුය. තාක්ෂණික ක්‍රම අත්හදා බැලීමට අවස්ථා ලබා දිය යුතුය. රැකියාවන් වනිතාකරණය තුළ කාන්තාවන් සේවා නියුක්ති ශ්‍රම බලකායට එකතු වෙයි. සියලුුම සේවා සහ නිෂ්පාදන ක්‍රියා වල ඵලදායීතාවය අත්පත් වේ. කාන්තාවන් මූලික කරගත් කර්මාන්තශාලා තුළින් කාන්තා ශ්‍රම බලකාය දැන් ඉදිරියට පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුළ ඇඟලුම් ක්ෂේත්‍රයේ සහ විදේශීය ගෘහ සේවිකාවන් තුළින් ඇති වී තිබෙන කාන්තා ශ්‍රම බලකාය ඉතාමත් ආදර්ශමත්මත්ය. තනි වශයෙන් ඉහළ තනතරු දක්වාත් සමහර කාන්තාවන් ප්‍රවිෂ්ට වීම ප්‍රශංසනීය කාර්ණාවකි. සියලුම ක්ෂේත්‍රවල රැකියා හෝ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන කාන්තාවන්ට තම වැඩ කොටස හොඳින් කර දීමට යටිතල පහසුකම් සහ සහන ළඟා කර දිම තුලින් රැකියා වනිතාකරණය සාර්ථක වේ. නිශ්පාදන සහ සේවා වෙළෙඳපොළ ශක්තිමත් වේ.

මේ තුලින් සිදුවන්නේ කාන්තාව සවිබලගැන්වීමකි. අවසාන ලෙස කාන්තාව සවිබල ගැන්වීමේ වාසිය අත්පත් වූ විට සංවර්ධනය අත්පත් වේ.
සටහන

සුරනි ප්‍රනාන්දු